FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.

Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com

Join the forum, it's quick and easy

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» GRAN Chart :- June - August 2016
by Rare Yesterday at 8:01 am

» කොළඹ කොටස් වෙළඳපොල: ඔන්ලයින් ගිණුමක් විවෘත කර සුවිශේෂී වාසි රැසක් ලබා ගන්න
by God Father Sat Jan 18, 2025 11:51 pm

» UDAPUSSELLAWA PLANTATIONS PLC - UDPL.N0000
by D.G.Dayaratne Sat Jan 18, 2025 3:01 am

» Marina development in Port City poised to redefine tourism & maritime industries - LOLC Group MD
by samaritan Thu Jan 16, 2025 9:50 am

» HSENID BUSINESS SOLUTIONS PLC (HBS.N0000)
by soileconomy Thu Jan 16, 2025 1:51 am

» Abans Electricals
by Rare Sat Jan 11, 2025 1:47 pm

» Asian stocks drift higher amid rate cut speculation; Japan lags
by Rare Sat Jan 11, 2025 4:09 am

» Large cap Sri Lankan companies
by Rare Sat Jan 11, 2025 3:46 am

» Convenience Foods Lanka
by Rare Sat Jan 11, 2025 3:12 am

» Sri Lankan stocks with the best yearly performance
by Rare Fri Jan 10, 2025 1:18 pm

» Sri Lankan companies with the highest dividend yields
by Rare Fri Jan 10, 2025 1:16 pm

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
by soileconomy Fri Jan 10, 2025 6:45 am

» Colombo Stock Market ASPI to reach 22,000 in 2025
by Rare Mon Jan 06, 2025 11:54 am

» CSE to turn bullish after November 14 poll
by Rare Mon Jan 06, 2025 11:20 am

» Plantation Companies
by blindhog Sun Jan 05, 2025 12:00 pm

» Great Value - High Importance
by Rare Sun Jan 05, 2025 7:20 am

» Colombo Stock Market: Where are we heading?
by Rare Tue Dec 31, 2024 10:48 am

» CSE IS UNDERVALUED: THE BEGINNING OF A GROWTH TRAJECTORY
by D.G.Dayaratne Tue Dec 31, 2024 5:40 am

» Millennial Capital Youtube Channel
by MillennialC Sun Dec 29, 2024 9:56 pm

» Bullish about a sustainable turnaround - CSE Chairman
by Rare Sun Dec 29, 2024 7:04 am

» LOLC Holdings & LOFC shines together in LMD's top 20 by profit for FY 23/24
by Equity Win Fri Dec 27, 2024 1:59 pm

» Good Times Ahead for LIOC
by Dilip Mon Dec 16, 2024 7:02 pm

» CIC Holdings PLC, signs agreement with SLINTEC - New herbicide formulation for the company’s Crop Solutions Division
by sakuni Sun Dec 15, 2024 8:42 pm

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post

CONATCT US

Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer

EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)

CHRONICLE™ YouTube

You are not connected. Please login or register

කොහොමද කොටස් වෙලදපලෙ කොටස් ගන්නෙ?

+3
swan03
sas
Utag
7 posters

Go down  Message [Page 1 of 1]

Utag

Stock Trader

මම මුල් වතාවට තමයි මෙ forum එකෙ පොස්ට් එකක් දාන්නෙ. මට දැනගන්න ඔනෙ කොහොමද කොටස් වෙලදපලෙ අලුතින් කොටස් මිලට ගන්නෙ. මම හිතාගෙන ඉන්නෙ "people's leasing company" එකෙ කොටස් ගන්න.
…කොහොමද කොටස් ඉල්ලුම් කරන්නෙ?
…ඔනෙ ලියවිලි ගන්නෙ කොහොන්ද? මම ඉන්නෙ නුවර.

ස්තුතීයි!

sas

sas
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

Utag wrote:මම මුල් වතාවට තමයි මෙ forum එකෙ පොස්ට් එකක් දාන්නෙ. මට දැනගන්න ඔනෙ කොහොමද කොටස් වෙලදපලෙ අලුතින් කොටස් මිලට ගන්නෙ. මම හිතාගෙන ඉන්නෙ "people's leasing company" එකෙ කොටස් ගන්න.
…කොහොමද කොටස් ඉල්ලුම් කරන්නෙ?
…ඔනෙ ලියවිලි ගන්නෙ කොහොන්ද? මම ඉන්නෙ නුවර.

ස්තුතීයි!

http://forum.srilankaequity.com/t8297-start-in-cse-sinhala?

swan03

Vice President - Equity Analytics

1. ඔය පලමුව හොද තැරවුකාර සමාගමක් තෝරගන්න. (මේ ෆොරම් එකෙන්ම ඔයාට ඒ පිලිබදව අවබොදයක් ගන්න පුලුවන් වෙයි.)

2. ඉන්පසු එහි ලියාපදින්චි වෙන්න. හැබැයි ඔයා නුවර ඉන්න නිසා එය අනුමත වෙලා එන්න දවස් කීපයක්, වැඩිම වුනොත් සතියක් විතර යයි. (එය ඔයාගෙ උපදෙශක මහත්තයා විසින් දන්වයි.)

3. ලියාපදින්චි වුනාට පස්සෙ ඔයාට IPO එකට ඉල්ලුම් කරන්න පුලුවන්. ඒ බව ඔයාගෙ උපද්ශක මහත්තයට කියන්න. ඔහු කියල දෙයි කලයුතු දේ.

amilaela

amilaela
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

IPO aragena amaruwe watenna epa... hodata hoyala balalla ganna... PLC IPO eke volume ekath hodatama wadi....

https://www.facebook.com/profile.php?id=100001851586843

Utag

Stock Trader

sas wrote:
Utag wrote:මම මුල් වතාවට තමයි මෙ forum එකෙ පොස්ට් එකක් දාන්නෙ. මට දැනගන්න ඔනෙ කොහොමද කොටස් වෙලදපලෙ අලුතින් කොටස් මිලට ගන්නෙ. මම හිතාගෙන ඉන්නෙ "people's leasing company" එකෙ කොටස් ගන්න.
…කොහොමද කොටස් ඉල්ලුම් කරන්නෙ?
…ඔනෙ ලියවිලි ගන්නෙ කොහොන්ද? මම ඉන්නෙ නුවර.

ස්තුතීයි!

http://forum.srilankaequity.com/t8297-start-in-cse-sinhala?

Thanks යාලු.

Utag

Stock Trader

swan03 wrote:
Utag wrote:මම මුල් වතාවට තමයි මෙ forum එකෙ පොස්ට් එකක් දාන්නෙ. මට දැනගන්න ඔනෙ කොහොමද කොටස් වෙලදපලෙ අලුතින් කොටස් මිලට ගන්නෙ. මම හිතාගෙන ඉන්නෙ "people's leasing company" එකෙ කොටස් ගන්න.
…කොහොමද කොටස් ඉල්ලුම් කරන්නෙ?
…ඔනෙ ලියවිලි ගන්නෙ කොහොන්ද? මම ඉන්නෙ නුවර.

ස්තුතීයි!

1. ඔය පලමුව හොද තැරවුකාර සමාගමක් තෝරගන්න. (මේ ෆොරම් එකෙන්ම ඔයාට ඒ පිලිබදව අවබොදයක් ගන්න පුලුවන් වෙයි.)

2. ඉන්පසු එහි ලියාපදින්චි වෙන්න. හැබැයි ඔයා නුවර ඉන්න නිසා එය අනුමත වෙලා එන්න දවස් කීපයක්, වැඩිම වුනොත් සතියක් විතර යයි. (එය ඔයාගෙ උපදෙශක මහත්තයා විසින් දන්වයි.)

3. ලියාපදින්චි වුනාට පස්සෙ ඔයාට IPO එකට ඉල්ලුම් කරන්න පුලුවන්. ඒ බව ඔයාගෙ උපද්ශක මහත්තයට කියන්න. ඔහු කියල දෙයි කලයුතු දේ.
…
…Thanks යාලු. එත් මෙ IPO කියන්නෙ මොකක්ද?

Lucas

Lucas
Equity Analytic
Equity Analytic

ඉතින්, මොකද්ද මේ IPO එකක් කියන්නෙ???
IPO = Initial Public Offering
ලෝකෙ සමාගම් වර්ග දෙකක් තිබෙනවා, පුද්ගලික (Private) හා පුද්ගලික නොවන (Public). පුද්ගලික සමාගම් වල අයිතිය තිබෙන්නෙ එහි මූලික අයිති කරුවන්ට / ආයෝජකයින්ට පමණයි. ඔවුන් තමා සමාගමට මුදල් යොදවන්නෙත්, සමාගම පවත්වාගෙන යන්නෙත්. නමුත් පුද්ගලික නොවන සමාගම් මීට වෙනස්. ඒවායේ අයිතිකරුවන් / ආරම්භකයින් පමණක් නෙමෙයි ඒ සමාගම් වල කොටස්කරුවන්, ඒ සමාගමට මුදල් යොදවන හැමෝම. ඒ සමාගම් වලට මුදල් යොදවන්න ඕනෙම කෙනෙක්ට පුළුවන්, එතකොට ඒ ආයෝජකයිනුත් ඒ සමාගමේ කොටස්කරුවෙක් වෙනව.
යම් සමාගමක් "පුද්ගලික" (Private Limited) සිට "මහජන" (Public Liability Company) සමාගමක් බවට පත්වෙන එකක් තමයි මේ IPO එකක් හරහා වෙන්නෙ. ඒ කියන්නෙ, යම් සමාගමක අයිතිය මහජනතාවටත් ලබා දෙන ක්‍රමයක් තමයි මේක. එම සමාගම මේ හරහා කරන්නේ, තම සමාගමේ වත්කම් මහජනයා අතරේ බෙදල දෙන එක. ඒක කරන්නෙ, මහජනයාට සමාගමේ කොටස් නිකුත් කිරීමක් මගින්. (Share Issue). ඉතින් මීට ඉස්සෙල්ල ඒ සමාගම එහෙම දෙයක් කරල නැතිනම් ඒක කරන මුල්ම අවස්ථාව මේක නිසා, ඒකට කියනව Initial Public Offering එකක් කියල. එතකොට ඒ අවස්ථාවේදී මහජනයට පුළුවන් තමන්ගේ මුදල් ඒ කොටස් මිලට ගැනීම හරහා එම සමාගමට යොදවන්න. එතකොට ඔවුනුත් එම සමාගමේ කොටස් හිමියන් වෙනවා. ඔබට පුළුවන් IPO එකක් නැතිවත් සමාගමක ආයෝජනය කරන්න. එහි අයිතිකාරයින් හමුවට ගිහිල්ල ඔවුන් එක්ක කතා කරන්න ඔබට පුළුවන්. ඔවුන් කැමති නම් ඔබේ ආයෝජනය ලබාගෙන සමාගමේ අයිතියක් ඔබට දෙන්න, ඔබටත් එම සමාගමේ කොටස්කරුවෙක් වෙන්න පුළුවන්. ඔවුන් අකමැති නම් ඔබට ආසාව අත්අරින්න වෙනවා. නමුත් PLC වශයෙන් අඳුන්වන පුද්ගලික නොවන සමාගම් වල වත්කම් වලින් යම් ප්‍රමාණයක් මහජනතාව අතෙයි තිබෙන්නෙ. එම අයිතිය, කොටස් වෙළඳපළ හරහා විවිධ පුද්ගලයින්ට ලැබෙනවා, පුද්ගලයින් අතින් අතට ඒ අයිතිය හුවමාරු වෙනවා.
මේ ආකාරයින් තමන්ගෙ සමාගමේ යම් ප්‍රමාණයක් මහජන අයිතියට පත් කළ සමාගම් වල, කොටස් හිමියන් දහස් ගණනක් ඉන්න පුළුවන්. එම සමාගම් යම් නීති පද්ධතියකට යටත් වෙනවා. උදාහරණයක් වශයෙන්, එම සමාගම් වලට අධ්‍යක්ෂක මණ්ඩලයක් සිටිය යුතුයි, ඔවුන් හැම කාර්තුවේම මූල්‍ය වාර්ථා ඉදිරිපත් කළ යුතුයි වගේ දේවල් කියන්න පුළුවන්. මේ සමාගම හැම එකක්ම රපෝර්තු කරන්නෙ විනිමය කොමිෂන් සභාවටයි (Security Exchange Commision (SEC)) එකටයි.

ඇයි සමාගම් කොටස් නිකුත් කරන්නෙ?

තමුන්ගෙ සමාගම ඇයි අනුන්ට දෙන්නෙ? කෙනෙක්ට නිතැතින්ම එන ප්‍රශ්නයක්. ඇත්තටම ඇයි???

එහෙම කිරීමෙන් සමාගමට විශාල මුදල් ප්‍රමාණයක් ගලා එනව.
ඒත් එක්කම ඒ හරහා බොහෝ මූල්‍ය සම්බන්ධ දොරටු විවෘත වෙනවා.
සමාගම සම්බන්ධ සමීක්ෂණ වැඩි වෙනවා.
ණය ගැනීමේදී මෙම සමාගම් වලට පහසුවෙන් ණය ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා.
සමාගමට තිබෙන ඉල්ලුම වැඩි නම් හැම වෙලේම ඔවුන්ට පුළුවන්, තව තවත් කොටස් නිකුත් කරන්න.
විවෘත වෙළඳපළෙහි කොටස් ගනුදෙනු වෙනවා කියන්නෙ ද්‍රවශීලීතවය වැඩි වීමක්. ඉතින් මේ හරහා එම සමාගමට පුළුවන්, සමාගමේ සේවකයින්ට කොටස් ලබා දීම වගේ දේවල් කරල හොඳම සේවකයින් සමාගම තුළ රඳවා ගන්න, හොඳම අය බඳවාගන්න වගේ දේවල් කරන්න.

සමාගමක් IPO එකක් හරහා මුදල් එකතු කිරීමක් තමයි මූලිකව බලාපොරොත්තු වෙන්නෙ. මේ වගේ ක්‍රම නිසා සමාගම් වලට අවශ්‍ය නෑ විශාල ප්‍රග්ධන ප්‍රමාණයක් ඔවුන්ගේ ඉදිරි වැඩ වලට, ඔවුන්ගේ සමාගමේ ප්‍රසාරණයන් කරන්න. කරන්න තියෙන්නෙ තමන්ගේ අවශ්‍යතාවයට අනුව IPO එකක් හරහා තමන්ට අවශ්‍ය කරන ප්‍රාග්ධනය මුදල් එකතු කර ගැනීම පමණයි. මේ සමහර සමාගම් කවදාවත් ලාභ නොලබුපුව වෙන්න පුළුවන්, සමහරක් ඒව ලඟපාත කාලෙකදිවත් ලාභ ලබන්න බලාපොරොත්තුවක් නැති ඒව. සමහරක් විට ඒ IPO එක තියන්නෙ සමාගම පොහොසත් කරන්නම විතරක් වෙන්න පුළුවන්. (ඒකට කියන්නෙ Exit Stratergy කියල.)

ඉතින් මතක තියාගන්න. IPO එකක් කියන්නෙ මුදල් එකතු කිරීමක් පමණයි. ඒක තනිකරම Sales job එකක් විතරයි. ඔබට පුළුවන් නම් ඔබගේ සමාගමේ කොටස් මිලට ගන්න මිනිස්සුන්ව පොළඹවන්න, ඔබට ලොකු මුදලක් එකතු කරගන්න පුළුවන්.

අන්තිම ඡේද දෙක කියවල හිතන්නෙපා IPO එකක් කියන්නෙ කිසිම වැදගැම්මකට නැති දෙයක් කියල, සහ මට බනින්නෙපා මිනිස්සුන්ව නොමඟ යවනවා කියල. මේ IPO ගැන ලිපි පෙළක ආරම්භයක්. තව ඉදිරියට ගොඩක් දේවල් තිබෙනවා. IPO ගැන මේ උඩ කිව්ව එකත් ටිකක් මතක තියාගෙන ඉතිරි ලිපි ටිකත් කියවමු.

ප. ලි. IPO කියන්නෙ ගොඩක් හොඳ දෙයක් ආයෝජකයින්ට. ඉතින් ඉදිරියේදි හරියට IPO එක්ක වැඩ කරන හැටිත් කියල දෙන්නම්. එකතු වෙලා ඉන්න.

Read more: IPO (Initial Public Offering) ගැන විස්තරයක් ~ Guide to CSE http://www.guidetocse.com/2011/08/ipo-initial-public-offering.html#ixzz1aYIlmMHd
From GuideToCSE.com
Under Creative Commons License: Attribution

Lucas

Lucas
Equity Analytic
Equity Analytic

IPO එකකට සමාගමක් යනකොට ඉතා විශාල වැඩ කොටසක් ඔවුන්ට කරන්නට වෙනවා. අන්තිමට ආයෝජකයා දකින්නේ ඒ වැඩ වලින් එලියන එන දේ විතරයි, එක දෙයක් හැර, ආයෝජකයෙක්ට ඒ කෙරෙන දේවල් ගැන දැනුමක් අත්‍යවශ්‍ය නොවන නිසා ඒ ගැන කතා නොකර ඉමු. ඒ එක දේ තමා IPO එකක් ප්‍රසිද්ධ කරන්න ඉස්සෙල්ල, යම් කොටස් ප්‍රමාණයක් යම් මිලකට (IPO එකෙන් කොටසක් දෙන මිලට වඩා අඩු මිලකට) සමාගමේ කාර්ය මණ්ඩලයට ලබා දෙනවා කියන එක. අන්න ඒක මතක තබාගත යුත්තක්.

හරි, ඉතින්,
IPO එකකින් කොටස් ගන්න ඉස්සෙල්ල මොනවද හිතන්න ඕනෙ, මොනවද හොයල බලන්න ඕනෙ?

මුලින්ම කියන්න ඕනෙ,

පනින්න පෙර සිතා විතරක් නෙමෙයි සොයාත් බලනු!!!

සමාගම ගැන ඉතිහාසයක් නොමැති වීම
IPO හරහා කොටස් වෙළඳපළට සමාගමක් එනකොට ඔවුන් ගැන මුලින්ම හොඳින් හොයල බලන්න ඕනෙ. සමාගම අලුත් එකක් නම් ඉතින් තොරතුරු ලබා ගැනීම ඉතාම අපහසුයි. විශේෂයෙන්ම මූල්‍ය තොරතුරු ගැන සොයා බැලිය යුතුයි. ඉතින් මේ වගේ සමාගම් ගැන දැනගන්න තිබෙන මූලිකම මූලාශ්‍රය තමයි ඔවුන් ලබාදෙන සංස්ථා ප්‍රකාශය (Prospectus එක). ඉතින් මේක හොඳින් කියවන්න අමතක කරන්නෙපා. විශේෂ තොරතුරු ඇරුනම, සමාගමේ කළමණාකාරිත්වය දරන්නෙ කවුද, ඔවුන් මේ ලැබෙන මුදල් වලින් කරන්න ලෑස්ති වෙලා ඉන්නෙ මොනවද වගේ දේවල් ගැනත් බලන්න.
විශාල බ්‍රෝකර් ආයතන වලට හැකියාව තිබෙනවා සාර්ථක IPO එකක් සඳහා ලොකු සහයක් වෙන්න. ඉතින් මේ ගැනත් ටිකක් හිතන්න ඕනෙ. එයාලට ඕනෙ විදිහට යම් පාලනයකට නතු කරගැනීමේ හැකියාව ඔවුනට තිබෙනවා.

කොටස් සිරකර තබා ගැනීමේ කාලය (Lock-Up Period)
ඔබ ටිකක් හොයල බැලුවොත් පරණ IPO සමහරක්, කොටස් වෙලඳපළට කොටස් ටික ඇවිල්ල යම් කාලයකට පස්සෙ ක්ෂණිකව ඉතා වේගයෙන් කොටස් මිල පහළට බහිනව. ඒකට හේතුව වෙන්නෙ මෙන්න මේ Lock-up Period එක තමා.
මේ ලිපියේ මුල් කොටසේ කිව්ව ඔබට මතක ඇතිනෙ, IPO මිලට වඩා අඩු මිලකට සමාගමේ කාර්ය මණ්ඩලයට කොටස් ලබා දෙනවා කියල. ඉතින් අන්න ඒ අය, Lock-up period එක ඉකුත් වූ වහාම තමුන්ගෙ කොටස් විකුණල ලාභ ගන්න පටන් ගත්තම තමා මේක වෙන්නෙ.
ඉතින් මොකද්ද මේ Lock-up Period එක?
සමාගමේ කාර්ය මණ්ඩලයට කොටස් දුන්නම, ඒ කොටස් යම් කාලයක් වෙනකම් විකුණන්න දෙන්නේ නෑ. අන්න ඒ කාලය තමා Lock-up Period එක. ඒ කාලය මාස 3ක පමණ සිට මාස 24ක් දක්වා කාලයක් වෙන්න පුළුවන්. (නීතියට අනුව අවමය දින 90ක්, නමුත් බොහෝවිට ඒක ඊට වඩා වැඩි වෙනවා.)
ඉතින් ඒ කාලය ඉකුත් උනාට පස්සෙ, ඔවුන් ලාභය එකතු කර ගැනීම සඳහා තමුන්ගේ කොටස් සීග්‍රයෙන් විකුණන්න ගන්නව. අන්න එතකොට කොටස් මිල වේගයෙන් පහළ බහිනව.

මිල උච්ඡාවනය
මේ කියන්නෙ IPO එකෙන් කොටස් ටික කොටස් වෙළඳපළට ඇතුළු වූ වහාම කොටස් යළි යළිත් විකුණමින් ලාභ ලබා ගැනීමට. මේක ඉතාම අමාරු කාර්යයක්. බ්‍රෝකර් ගාස්තුව ගෙවන්නත් ඕනෙනෙ. සමාගම් වලට ඕනෙ ආයෝජකයො මිසක් වෙළෙන්දො නෙමෙයි, නමුත් මේක වළක්වා ගන්නට කිසිම නීතියක් හෝ විසඳුමක් නෑ. නමුත් ඔබගේ බ්‍රෝකර් ආයතනය ඔබට අනතුරු අඟවන්නට ඉඩ තිබෙනවා. නමුත් ඉතින් ලොකු ලොකු ආයෝජකයින් ලොකු මුදල් ආයෝජනය කරල පොඩි පොඩි මිල වෙනස්කම් හරහා ලොකු ලාභයක් ලබනවා. ඔවුන්ට ඒ හැකියාව තිබෙන්නෙ ඔවුන්ගේ ක්‍රය ශක්තිය (Buying Power) වැඩි නිසයි. මේ මුල් දින වල තිබෙන මිල උච්ඡාවචනය නිසා, ඔබ කුඩා ආයෝජකයෙකු නම් රීතියක් වශයෙන්, ඔබට IPO එකෙන් කොටස් මිලට ගන්න බැරි උනා නම් මේ දිනවල කොටස් මිලට ගන්නට යන්න එපා. මොකද මුල් දිනයේ දෙකේ එම කොටස් වල මිල ඉතාම වේගයෙන් විශාල වදයෙන් ඉහළ ගිහිල්ල ඊට පස්සෙ ක්ෂණිකව කඩා වැටෙනවා. එතකොට ඔබට විශාල අලාභයක් අත් වෙන්නට ඉඩ තිබෙනවා.

අතිශෝක්තියන්ට රැවටෙන්න එපා.
සමාගමක IPO එකක් කියන්නෙ ජීවිතේටම එකම එක පාරක් එන වාසියක්/ අවස්ථාවක් ලෙස ලොකුවට පෙන්නල ලොකු ප්‍රචාරණයක් දෙනවා. ඇත්ත, සමහරක් සමාගම් ඉතාම හොඳින් කොටස් වෙළදපළ ජයගන්නවා. නමුත් මතක තබා ගත යුතු දෙය තමයි සමහරක් සමාගම් නවතින්නෙ, නිකුත් කළ මිලටත් වඩා පහළ මිලකට අලෙවි වෙමින්. ඉතින් කියන්න තියෙන්නෙ IPO එකක් උනු පලියටම කොටස් ගන්න යන්න එපා. හොඳින් හොයල බලන්න.

Read more: IPO (Initial Public Offering) ගැන විස්තරයක් - කොටස 2 ~ Guide to CSE http://www.guidetocse.com/2011/09/ipo-initial-public-offering-2.html#ixzz1aYJbhO2p
From GuideToCSE.com
Under Creative Commons License: Attribution

Lucas

Lucas
Equity Analytic
Equity Analytic

Tracking Stocks කියන්නෙ මොකද්ද?
ඔබ දැකල ඇති සමහරක් විශාල සමාගම්, ඔවුන්ගේ අනු සමාගම් වලට වෙනමම කොටස් නිකුත් කරනවා.
උදා: A කියන විශාල සමාගමට X, Y හා Z කියල අනු සමාගම් (subsidiaries) තුනක් තිබෙනවා. ඔවුන් මේවායින් X කියන සමාගමේ කොටස් නිකුත් කිරීමක් කරනවා. මේකෙන් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නෙ, ඒ සමාගමේ එම අනු සමාගමේ ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය කිරීමයි. (Common stock issued by a parent company that tracks the performance of a particular division without having claim on the assets of the division or the parent company.) මෙහෙම කළාම ඒ අනු සමාගමට ප්‍රධාන සමාගය යටතේ ඉන්නවට වඩා වටිනාකමකුත් ඇති වෙනවා.
මීට අමතරව ප්‍රධාන සමාගමට මෙමගින් වෙනත් වාසිත් සැළසෙනවා.

ප්‍රධාන සමාගමේ මූල්‍ය කටයුතු වලින් වෙන්වූ වෙනමම මූල්‍ය පද්ධතියක් එම අනු සමාගමට ඇති වෙනවා. ප්‍රධාන සමාගමේ මූල්‍ය වාර්තා වලට මෙම අනු සමාගමේ විස්තර ඇතුළත් වෙන්නේ නෑ.
මෙහෙම කරන්න ප්‍රධානම හේතුවක් වෙනව, එම අනු සමාගමක් ලෙස වෙන් කළ කොටස විශාල පාඩු ලබන ආයතනයක් නම්. ඒ පාඩුව ප්‍රධාන සමාගමේ ගිණුමට එකතු වෙනකොට ඒක ප්‍රධාන සමාගමේ තත්වයට හොඳ නැති වෙන නිසා.
අනිත් පැත්තට, අර අනු සමාගම විශාල ලාභයක් ලැබුවොත්, ප්‍රධාන සමගමට හැකි වෙනවා අනු සමාගමේ කොටස් හරහා ප්‍රධාන සමාගමට වත්කම් ලබාගන්නට.

ඉතින් මේව එක්ක බලනකොට tracking stocks issue එකක් IPO එකක් වගේ වෙන්නෙ නෑ. ප්‍රධානම දේ, මෙම tracking stocks වලට ඡන්ද බලයක් හිමි නෑ, වෙනත් සමාගම් වල සාමාන්‍ය කොටස් වලට වගේ.
මේ අනු සමාගමට වෙනමම අධ්‍යක්ෂක මණ්ඩලයක් නෑ, ඉන්නෙ ප්‍රධාන සමාගමේ කට්ටියම තමයි.
මෙහෙම කිව්වට මේකෙන් කියවෙන්නේ නෑ tracking stocks වල ආයෝජනය නරකයි කියල. මතක තබා ගත යුත්ත තමයි, මේ කොටස් සාමාන්‍ය IPO එකකින් ලැබෙන කොටස් වගේම නෙමෙයි කියන එක.

සාරාංශය/අවසන් නිගමනය

IPO එකක් කියන්නෙ යම් සමාගමක් පුද්ගලික සිට මහජන සමාගමක් වෙනකොට සමාගමේ අයිතිය විකුණන ප්‍රථම අවස්ථාවයි.
මෙම ක්‍රියාවලිය හරහා එම සමාගමට ගොඩක් මුදල් ගලාගෙන එනවා හා වෙනත් වාසිත් රැසක් සමාගමට හිමි වෙනවා.
හුඟක් උණුසුම් IPO එකකින් ඕනෙ කරන කොටස් ගාන ගන්න එක ඉතාම අමාරු වැඩක්, නැත්තම් කරන්නම බැරි දෙයක්.
IPO එකකින් කොටස් ගන්න නම් ඔබට CDS ගිණුමක් අත්‍යවශ්‍යයි.
පරණ තොරතුරු නැති නිසා IPO වලට එන සමාගමක් විශ්ලේෂණය ඉතාම අපහසුයි
IPO එකකින් කොටස් ලබාදෙනකොට Private Issue එකක් ගිහිල්ල තිබෙනවා නම් ඒ කොටස් විකිණීම යම් කාලයක් නවතා තැබෙනවා (Lock-Up Period). ඒ කාලය අවසන් වූ විට එම කොටසුත් වෙළඳපළ තුළට පැමිණීම නිසා කොටස් වල මිල සීග්‍රයෙන් පහළ බසිනවා
සමාගමක් තම සමාගමේ එක් කොටසක් සඳහා Tracking Stocks ලබාදෙන්නෙ ඒ කොටස ප්‍රධාන සමාගමෙන් වෙන් කිරීමටයි
Tracking Stock හිමියෙක් ඒ සමාගමේ අයිතිය හිමියෙක් වෙන්නේ නෑ. ඔහු/ඇය එම සමාගමේ දෙවන පෙළ කොටස් හිමියෙකුයි වෙන්නෙ.

ඉතින් මේව එක්ක හිතනකොට කෙනෙක් හිතන්න පුළුවන් IPO වලින් ගන්න එක ඉතාම හොඳයි කියල. ඇත්ත, ගොඩාක් හොඳයි. නමුත් ප්‍රවේසම් වෙන්න ඕනෙ.
තවත් කෙනෙක් හිතන්න පුළුවන් IPO වලින් ගන්න එක වැඩක් නෑ කියල. වැරදියි. නමුත් සමහරක් විට නම් ඔබට ඉල්ලන කොටස් ගණනින් කොටසක් තියා එකක්වත් නොලැබෙන්නත් ඉඩක් තිබෙනවා

Read more: IPO (Initial Public Offering) ගැන විස්තරයක් - කොටස 3 (අවසාන කොටස) ~ Guide to CSE http://www.guidetocse.com/2011/10/ipo-initial-public-offering-3.html#ixzz1aYJsU8Nb
From GuideToCSE.com
Under Creative Commons License: Attribution

Lucas

Lucas
Equity Analytic
Equity Analytic

Utag meka kiyawala balanna. obata IPO ekak kiyanne mokakda kiyala knowledge ekak laba ganna puluwan. Laughing

smhemal

Stock Trader

me forum eken kotas welada pola gana loku knowledege ekak labenawa.thanks

Utag

Stock Trader

Lucas wrote:Utag meka kiyawala balanna. obata IPO ekak kiyanne mokakda kiyala knowledge ekak laba ganna puluwan. Laughing
එල කිරි. මචං. sorry පරක්කු උනාට.

Mal Baba

Mal Baba
Stock Analytic
Stock Analytic

Lucas wrote:Tracking Stocks කියන්නෙ මොකද්ද?
ඔබ දැකල ඇති සමහරක් විශාල සමාගම්, ඔවුන්ගේ අනු සමාගම් වලට වෙනමම කොටස් නිකුත් කරනවා.
උදා: A කියන විශාල සමාගමට X, Y හා Z කියල අනු සමාගම් (subsidiaries) තුනක් තිබෙනවා. ඔවුන් මේවායින් X කියන සමාගමේ කොටස් නිකුත් කිරීමක් කරනවා. මේකෙන් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නෙ, ඒ සමාගමේ එම අනු සමාගමේ ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය කිරීමයි. (Common stock issued by a parent company that tracks the performance of a particular division without having claim on the assets of the division or the parent company.) මෙහෙම කළාම ඒ අනු සමාගමට ප්‍රධාන සමාගය යටතේ ඉන්නවට වඩා වටිනාකමකුත් ඇති වෙනවා.
මීට අමතරව ප්‍රධාන සමාගමට මෙමගින් වෙනත් වාසිත් සැළසෙනවා.

ප්‍රධාන සමාගමේ මූල්‍ය කටයුතු වලින් වෙන්වූ වෙනමම මූල්‍ය පද්ධතියක් එම අනු සමාගමට ඇති වෙනවා. ප්‍රධාන සමාගමේ මූල්‍ය වාර්තා වලට මෙම අනු සමාගමේ විස්තර ඇතුළත් වෙන්නේ නෑ.
මෙහෙම කරන්න ප්‍රධානම හේතුවක් වෙනව, එම අනු සමාගමක් ලෙස වෙන් කළ කොටස විශාල පාඩු ලබන ආයතනයක් නම්. ඒ පාඩුව ප්‍රධාන සමාගමේ ගිණුමට එකතු වෙනකොට ඒක ප්‍රධාන සමාගමේ තත්වයට හොඳ නැති වෙන නිසා.
අනිත් පැත්තට, අර අනු සමාගම විශාල ලාභයක් ලැබුවොත්, ප්‍රධාන සමගමට හැකි වෙනවා අනු සමාගමේ කොටස් හරහා ප්‍රධාන සමාගමට වත්කම් ලබාගන්නට.

ඉතින් මේව එක්ක බලනකොට tracking stocks issue එකක් IPO එකක් වගේ වෙන්නෙ නෑ. ප්‍රධානම දේ, මෙම tracking stocks වලට ඡන්ද බලයක් හිමි නෑ, වෙනත් සමාගම් වල සාමාන්‍ය කොටස් වලට වගේ.
මේ අනු සමාගමට වෙනමම අධ්‍යක්ෂක මණ්ඩලයක් නෑ, ඉන්නෙ ප්‍රධාන සමාගමේ කට්ටියම තමයි.
මෙහෙම කිව්වට මේකෙන් කියවෙන්නේ නෑ tracking stocks වල ආයෝජනය නරකයි කියල. මතක තබා ගත යුත්ත තමයි, මේ කොටස් සාමාන්‍ය IPO එකකින් ලැබෙන කොටස් වගේම නෙමෙයි කියන එක.

සාරාංශය/අවසන් නිගමනය

IPO එකක් කියන්නෙ යම් සමාගමක් පුද්ගලික සිට මහජන සමාගමක් වෙනකොට සමාගමේ අයිතිය විකුණන ප්‍රථම අවස්ථාවයි.
මෙම ක්‍රියාවලිය හරහා එම සමාගමට ගොඩක් මුදල් ගලාගෙන එනවා හා වෙනත් වාසිත් රැසක් සමාගමට හිමි වෙනවා.
හුඟක් උණුසුම් IPO එකකින් ඕනෙ කරන කොටස් ගාන ගන්න එක ඉතාම අමාරු වැඩක්, නැත්තම් කරන්නම බැරි දෙයක්.
IPO එකකින් කොටස් ගන්න නම් ඔබට CDS ගිණුමක් අත්‍යවශ්‍යයි.
පරණ තොරතුරු නැති නිසා IPO වලට එන සමාගමක් විශ්ලේෂණය ඉතාම අපහසුයි
IPO එකකින් කොටස් ලබාදෙනකොට Private Issue එකක් ගිහිල්ල තිබෙනවා නම් ඒ කොටස් විකිණීම යම් කාලයක් නවතා තැබෙනවා (Lock-Up Period). ඒ කාලය අවසන් වූ විට එම කොටසුත් වෙළඳපළ තුළට පැමිණීම නිසා කොටස් වල මිල සීග්‍රයෙන් පහළ බසිනවා
සමාගමක් තම සමාගමේ එක් කොටසක් සඳහා Tracking Stocks ලබාදෙන්නෙ ඒ කොටස ප්‍රධාන සමාගමෙන් වෙන් කිරීමටයි
Tracking Stock හිමියෙක් ඒ සමාගමේ අයිතිය හිමියෙක් වෙන්නේ නෑ. ඔහු/ඇය එම සමාගමේ දෙවන පෙළ කොටස් හිමියෙකුයි වෙන්නෙ.

ඉතින් මේව එක්ක හිතනකොට කෙනෙක් හිතන්න පුළුවන් IPO වලින් ගන්න එක ඉතාම හොඳයි කියල. ඇත්ත, ගොඩාක් හොඳයි. නමුත් ප්‍රවේසම් වෙන්න ඕනෙ.
තවත් කෙනෙක් හිතන්න පුළුවන් IPO වලින් ගන්න එක වැඩක් නෑ කියල. වැරදියි. නමුත් සමහරක් විට නම් ඔබට ඉල්ලන කොටස් ගණනින් කොටසක් තියා එකක්වත් නොලැබෙන්නත් ඉඩක් තිබෙනවා

Read more: IPO (Initial Public Offering) ගැන විස්තරයක් - කොටස 3 (අවසාන කොටස) ~ Guide to CSE http://www.guidetocse.com/2011/10/ipo-initial-public-offering-3.html#ixzz1aYJsU8Nb
From GuideToCSE.com
Under Creative Commons License: Attribution
ගොඩක් වටින පැහැදිලි කිරීමක්
ගොඩක්ම ස්තුතී අලුතින් එන අයට මේ වගේ අත දෙන එක ගැන
මමත් මේ ගැන හොදටම තේරුම් ගත්තෙ මෙක කියවලා
තෑන්ක්ස් ඔයාට මෙහෙම පැහැදිලි කරාට

https://www.37innovate.com

Sponsored content

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum