2010 වසරේදී තාවකාලිකව අත්හිටුවා තිබූ ඇමරිකාව විසින් ලංකාවේ භාණ්ඩ එරට වෙළඳ පොළට යැවීමට ලබාදෙන ජී.එස්.පී. තීරු බදු සහනය නැවත දීර්ඝ කර තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් මෙරට වාණිජ දෙපාර්තමේන්තුව පවසන්නේ 2013 වසර අවසානය දක්වා මෙම දීර්ඝ කිරීම සිදුකර තිබෙන බවයි.
මේ සම්බන්ධයෙන් නුදුරේදීම ඇමරිකානු බළධාරීන් අත්සන් තැබීමට නියමිත බවත් එසේ අත්සන් කළ පසුව අදාළ වැඩ සටහනින් සංවර්ධනය වන රටවල භාණ්ඩ වර්ග 131 ක් සඳහා ලබාදී තිබෙන කිසිදු තීරු බද්දක් නොමැතිව ඇමරිකානු වෙළඳ පොළට එම භාණ්ඩ අපනයනය කිරීමේ අවස්ථාව ලංකාවටද නැවත හිමිවන බව සඳහන්ය.
මෙම සහනය යටතේ ඇමරිකානු වෙළඳ පොළට ලංකාව වසරකට යවන භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 200 කටත් අඩු මට්ටමක පවතී.
http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3356&Itemid=56