මේ අනුව, අද දිනයේදී සමස්ත මිල දර්ශකය සියයට 1.19 කින් ඉහළ ගොස් ඒකක 6,356.94 ක් වෙද්දී මිලංක මිල දර්ශකය සියයට 0.82 කින් ඉහළ ගොස් ඒකක 5,674.86 ක් වී ඇත.
වෙළඳ පොළ පිරිවැටුම රුපියල් මිලියන 795 කි.
Asian Alliance රක්ෂණ සමාගමේ කොටසක් අද රුපියල් 28.80 කින් ඉහළ ගොස් රුපියල් 213 ක්වූ අතර කොටස් 38,500 ක් ගනුදෙනු වී තිබේ.
මීට අමතරව, ජෝන් කීල්ස් කොටසක් රුපියල් 1.30 කින් පහළ ගොස් රුපියල් 195 ක්වූ අතර කොටස් 88,500 ක් ගනුදෙනු විය.
වෙළඳ පොළ තුළ රාවයක් පැතිර ගියේ කොටස් වංචාවන්ට එරෙහිව කටයුතු කළ සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් මලික් කාදර් මහතා අදාළ තනතුරෙන් ඉවත්වී හෝ ඉවත් කර ඇති බවටයි.
මේ අතර, අද දිනයේදී HVA Foods සමාගමේ කොටසක් රුපියල් 5.40 කින් ඉහළ ගොස් රුපියල් 41.50 ක් වෙද්දී එම සමාගමේ කොටස් මිලියන 1.6 ක් ගනුදෙනු විය.
Colombo Land & Development Company කොටසක් අද රුපියල් 6.40 කින් ඉහළ ගොස් රුපියල් 57.80 ක්ද, Blue Diamonds Jewellery Worldwide ඡන්ද රහිත කොටසක් ශත 40 කින් ඉහළ ගොස් රුපියල් 4.10 ක්ද වුණි.
එසේම, කොමර්ෂල් බැංකුවේ ඡන්ද රහිත කොටසක් රුපියල් 1.40 කින් ඉහළ ගොස් රුපියල් 74.50 ක්වී තිබේ.
vimasuma.com