ලාබ ලබන ප්‍රධාන දැවැන්ත සමාගම් තිබියදී පාඩු ලබන අස්‌ථාවර සමාගම්වල කොටස් මිලදී ගැනීම නිසා සේවක අර්ථ සාධක අරමුදලේ එක් සාමාජිකයකුට දිනකට රුපියල් 800 ක පාඩුවක් සිදුවී ඇතැයිද සමරසිංහ මහතා කීවේය.
මුදල් ඇමැතිවරයා, මහ බැංකු අධිපතිවරයා, සේවක අර්ථ සාධක අරමුදල් කමිටුව සහ ආයෝජන උපදේශන කමිටුව මෙම තත්ත්වයට වගකිවයුතු බව පෙන්වා දුන් ඒ මහතා මෙම කමිටුවල සිටිනා අය රටට හෙළිකර සේවක අර්ථ සාධක අරමුදල රැකදෙන ලෙස තම සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවද කීවේය.
සේවක අර්ථ සාධක අරමුදල කොල්ලකෑම නැවැත්වීමට පියවර නොගතහොත් ලබන මස 02 වැනිදා සිට අත්පත්‍රිකා බෙදා හරිමින් ජනතාව දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් ඉන්පසු අවශ්‍ය වෘත්තීය සමිති ක්‍රියා මාර්ග ගැනීමට ක්‍රියාකරන බවත් සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
කොළඹ නිපොන් හෝටලයේ ඊයේ (27 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම මෙම කරුණු අනාවරණය කළේය.
සිරිමෙවන් කස්‌තුරිආරච්චි by Divaina 28/10/2011