මේ අනුව, සමස්ත මිල දර්ශකය අද සියයට 0.14 කින් සුළු වශයෙන් ඉහළ ගොස් ඒකක 6.406.5 ක් වෙද්දී මිලංක මිල දර්ශකය සියයට 0.18 කින් පහළ ගොස් ඒකක 5,698.8 ක්වී තිබේ.
කොටස් වෙළඳ පොළේ වංචාවන්ට වැට බැඳි සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් මලික් කාදර් මහතා එම තනතුරෙන් ඉවත්වූ බව අනාවරණය වූ දිනයේදී සියයට 3 කින් පමණ ඉහළ ගිය කොළඹ කොටස් වෙළඳ පොළ පසුව යළි පහළ යනු දකින්නට ලැබුණි.
පැල්වත්ත සීනි සමාගමේ කොටසක් අද රුපියල් 1.90 කින් පහළ ගොස් රුපියල් 27.00 ක් වෙද්දී එෂියන් එලායන්ස් රක්ෂණ සමාගමේ කොටසක් රුපියල් 7.90 කින් පහළ ගොස් රුපියල් 201.00 ක්වී ඇත.
මීට අමතරව, Asiri Central Hospitals කොටසක් රුපියල් 10 කින් අඩුවී රුපියල් 200.00 ක්ද, Bairaha Farms කොටසක් රුපියල් 5.50 කින් අඩුවී රුපියල් 210.00 ක්ද Beruwala Walk Inn කොටසක් රුපියල් 30.00 කින් අඩුවී රුපියල් 160.00 ක්ද Capital Development and Investment Company කොටසක් රුපියල් 63.70 කින් අඩුවී රුපියල් 306.10 ක්ද වී තිබේ.
මේ අතර, Colombo Investment Trust කොටසක් රුපියල් 19 කින් වැඩිවී රුපියල් 319.00 ක් වෙද්දී Colombo Pharmacy කොටසක් රුපියල් 60.20 කින් වැඩිවී රුපියල් 1,334.00 ක් විය.
එසේම, අද ගනුදෙනු වලදී පෙනී යන්නේ Haycarb සමාගමේ කොටසක් රුපියල් 1.20 කින් ඉහළ ගොස් රුපියල් 155.00 ක්ද Kalamazoo systems කොටසක් රුපියල් 600.00 කින් ඉහළ ගොස් රුපියල් 2,800.00. ක්ද වී තිබෙන බවයි.
ඩයලොග් කොටසක් අද රුපියල් 8.10 ක් ලෙසින් දැක්වෙද්දී හැටන් නැෂනල් බැංකුවේ කොටසක් රුපියල් 3.00 කින් පහළ ගොස් රුපියල් 185.00 ක්ද සම්පත් බැංකුවේ කොටසක් රුපියලකින් ඉහළ ගොස් රුපියල් 210.00 ක්ද කොමර්ෂල් බැංකුවේ කොටසක් ශත 30 කින් පහළ ගොස් රුපියල් 108.70 ක්ද වී තිබේ.
vimasuma.com