2012.02.13 එනම් අද දින ඔබ
බස් රථයක නැග්ගා නම් බස් රථයක් ලැබීමේ ආශ්චර්යය විදිනු ඇත.
සෙනග පිරී ගිය බස් රථයක් දෙස ආශ්චර්යය යුතුව බලන මහ ජනතාව රටේ ආශ්චර්යය විදවනු ඇත,.
ශෙඩ් එකකට ඉන්ධන ලබා ගැනීමට ගියේ නම් ඉන්ධන මීටරේ රුපියල් ගණන වැඩිවන අයුරු දැක ආශ්චර්යය පිනා යනු ඇත.
ඊයේ රු.25 ගත් කොටසක් අද රු.20 දක්වා පහල බසින විට දුප්පත් කොටස් හිමියන්ට කොටස් වෙළදපලේ ආශ්චර්යය පෙනෙනු ඇත.
ඊයේ රු.1 ගත් කොටසක් අද රු.5 දක්වා ඉහල නගින විට වංචාකාර කොටස් තැරැව්කරුවන්ට කොටස් වෙළදපලේ ආශ්චර්යය පෙනෙනු ඇත.
කොටස් වෙලදපලේ දිගින් දිගට වැටීම සියල්ලටම ලංකාවේ ආශ්චර්යය පෙන්වනු ඇත.
කොටස් වෙලදපලේ ඉහල පුටුව මාරුවීම ඉගුරු දී මිරිස් ගත්තා වගේ යන ආශ්චර්යයමත් කතාව සිහි ගන්වනු ඇත,