විදේශ විනිමය අලෙවිකරුවන් වෙළෙඳ පොළ මත පදනම් වූ ප්‍රතිපත්ති රාමුවට අනුගත වෙමින් පැවතීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම තාවකාලික තත්ත්වය ඇති වූ බවද එය සැබෑ තත්ත්වය ඉක්මවායැමක් ලෙස හැඳින්විය හැකි බවද මහ බැංකුව පවසයි. ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි තෙල් මිල ඉහළ යැමත් සමඟ 2012 පෙබරවාරි මස 12 වැනි දින සිට දේශීය වෙළෙඳපොළෙහි තෙල් මිල ගණන් ද රජය විසින් ඉහළ නංවන ලදී. මෙමගින් ජනතාව බලශක්ති සංරක්ෂණයට සහ ඛණිජ තෙල් භාවිතය අවම කිරීමට පෙළඹීම තුළින් ආනයන සඳහා යන වියදම තවදුරටත් අවම වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මීට අමතරව මහ බැංකුව විසින් "2012 සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්ති පෙර දැක්ම" මගින් එළි දක්වන ලද පරිදි 2012 වසරේ ගෙවුම් ශේෂයේ මූල්‍ය ගිණුම වෙත අපේක්ෂා කරන විවිධ ලැබීම් උපලබ්ධි වීමේ විවිධ අදියරයන්හි පවතින අතර, එවැනි ලැබීම් මගින් 2012 වසරේදී මූල්‍ය ප්රවාහයන් තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බවද මහ බැංකුව කියයි.
මෙම පසුබිම යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2012 පෙබරවාරි 10 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි දේශීය විදේශීය වෙළෙඳපොළට මැදිහත්වීම සීමාකිරීමට තීරණය කර ඇත. ඒ අනුව දේශීය විදේශීය විනිමය වෙළෙඳපොළට විනිමය සැපයීම, ඛණිජ තෙල් ආනයන බිල්පත්වල සැලකිය යුතු කොටසක් පියවීමේ ප්‍රමාණයට සීමා කිරීමට මෙන්ම මහ බැංකුවල දෙවන ස්ථර ප්රාග්ධනය නිකුත් කිරීම (ඔසැර - 2 Caචසඒක) මගින්, කොටස් සහ බැඳුම්කර වෙළෙඳපොළට විවිධ මූලයන්ගෙන් ගලා එන මූල්‍ය ප්රවාහයන් හේතුවෙන් ඇතිවන අතිරික්ත විදේශ විනිමය අවශෝෂණය කිරීම සඳහා වෙළෙඳපොළට මැදිහත්වීම සිදුකරනු ලබන අතර, එසේ නොමැති වුවහොත් රුපියල විශාල වශයෙන් අවප්‍රමාණය වීමය හේතු වනු ඇත. ඉහත ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස 2012 වසරේ ගෙවුම් තුලන ශේෂය ඉහළ අතිරික්තයක් වාර්තා කරනු ඇතැයි අපේක්ෂා කරන අතර, එමගින් විනිමය වෙළෙඳපොළ වෙත පවතින පීඩනය අවම වනු ඇතැයි අපේක්ෂා කරන බවද මහ බැංකුව තවදුරටත් කියයි.
divaina.com