ඓතිහාසික වටිනාකමකින් යුතු පොලොන්නරුව නගරයට සිංගර් ප්ලස් හි ආගමනය ප්‍රථම වරට සනිටුහන් වූ අතර, ගාල්ල, පේරාදෙණිය, මරදාන සහ මිනුවන්ගොඩ නගරයේදී වැඩිදියුණු කරන ලද නවීන පහසුකම් වලින් අනූන ප්‍රදර්ශනාගාරයක් නැවත විවෘත විය.
සිංගර් (ශ්‍රී ලංකා) පී එල් සී හි ප්‍රධාන විධායක නිලධාරී අසෝක පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් සමාගමේ අධ්‍යක්‌ෂ මණ්‌ඩලයේ සහ විශේෂ ආරාධිතයන්ගේ සහභාගිත්වයෙන් පැවති විවෘත කිරීමේ උත්සව සඳහා ප්‍රදේශයන්හි පාරිභෝගික ජනතාව දැඩි උනන්දුවකින් යුක්‌තව සහභාගි වූහ.
සියලු නූතන අංගෝපාංගයන්ගෙන් සමන්විත මෙම ප්‍රදර්ශනාගාර හරහා ලෝ සුපතල වෙළෙඳනාම 30 කට අධික ප්‍රමාණයක් යටතේ නිෂ්පාදනය කළ නවීනතම ගෘහ විදුලි උපකරණ විශ්වාසනීය වගකීමක් යටතේ මිලදී ගැනීමේ පහසුකම් සලසා ඇති අතර මිනුවන්ගොඩ සහ මරදාන ප්‍රදර්ශනාගාර යටතේ ක්‍රියාත්මක වන සිංගර් ෆeෂන් ඇකඩමි හරහා විද්‍යානුකූල ඇඳුම් කැපීමේ හා මැසීමේ පාඨමාලා 25 කට අධික ප්‍රමාණයක් හැදැරීමේ අවස්‌ථාව සලසා දී ඇත. ලාංකේය ගෘහ විදුලි උපකරණ වෙළෙඳපොළ නව මානයක් කරා රැගෙන ගිය සිංගර් (ශ්‍රී ලංකා) පී එල් සී මෙම වසරේදී ද නොකඩවා 7 වැනි වසරටත් ජනප්‍රියතම වෙළඳනාමය ලෙස ජනතා සම්මානයට පාත්‍ර විය.
http://www.divaina.com/2012/04/27/velanda03.html