FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post
Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

 
 
 

View results

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer


Latest topics

» ASSOCIATED MOTOR FINANCE COMPANY PLC (AMF.N0000)
by dayandacool Today at 2:43 am

» EXPOLANKA HOLDINGS PLC (EXPO.N0000)
by cseguide Yesterday at 11:46 pm

» R I L PROPERTY PLC (RIL.N0000)
by SAGA Yesterday at 9:57 pm

» Dividend - July/August
by High-flyer Yesterday at 9:41 pm

» SOFTLOGIC CAPITAL PLC (SCAP.N0000)
by madukp Yesterday at 9:08 pm

» Daily Foreign Transactions update
by Pradeep90 Yesterday at 9:08 pm

» Directors' Dealings 21/06/2021
by SAGA Yesterday at 8:25 pm

» CHEVRON LUBRICANTS LANKA PLC (LLUB.N0000)
by rukshan1234 Yesterday at 8:14 pm

» Top Foreign Trading today - 21/06/2021
by SAGA Yesterday at 8:02 pm

» Crypto , Digital Currency Trading , Forex
by RJ1010 Yesterday at 1:58 pm

» ACCESS ENGINEERING PLC (AEL.N0000)
by engineer Yesterday at 7:07 am

» Investing in Sri Lanka in ‘The New Normal’ - Nimal Perera
by ChooBoy Sun Jun 20, 2021 10:31 pm

» Who will be the Owner of Dividend after DVP?
by Mr. X Sun Jun 20, 2021 6:12 pm

» DVP යනු කුමක්ද? Explained
by samaritan Sun Jun 20, 2021 1:23 pm

» How to toggle between mobile and web versions of FC
by CHRONICLE™ Sun Jun 20, 2021 10:36 am

» I have 5 Million Cash To Invest in CSE
by chandike73 Sun Jun 20, 2021 8:42 am

» අයියෝ පෑන් ඒෂියා
by CHRONICLE™ Sun Jun 20, 2021 12:40 am

» කොටස් වෙළදපොල සිංහලෙන්
by CHRONICLE™ Sun Jun 20, 2021 12:35 am

» I keep seeing in the face book about the stock market but I still have no idea it is. Do you know? Stock market for beginners
by Asoka Samarakone Sat Jun 19, 2021 9:40 pm

» EAST WEST PROPERTIES PLC (EAST.N0000)
by SAGA Sat Jun 19, 2021 7:10 pm

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube


You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » DAILY CHRONICLE™ » රාජ්‍ය ආයතන සහ යහපාලනය

රාජ්‍ය ආයතන සහ යහපාලනය

Go down  Message [Page 1 of 1]

Malika1990

Malika1990
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ පසුගිය වර්ෂයේ (2011) වාර්ෂික වාර්තාව ඉකුත් මැයි 24 වැනිදා උදේ මුදල් ඇමැති හා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට පිළිගැන්වීම මුදල් අමාත්‍යාංශයේදී සිදුවිය. වාර්තාව ජනාධිපතිවරයාට පිළිගන්වනු ලැබුවේ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති ගීතාංජන ගුණවර්ධන මහතා විසිනි. මේ වාර්තාව රජයේ සියලු ක්‍රියාකාරීත්වයන්ට සුදුහුණු ගාන වාර්තාවක්‌ වෙනුවට ආර්ථිකයේ සුබවාදී තත්ත්වයන් සහ අසුබවාදී තත්ත්වයන් මෙන්ම රට මුහුණදී සිටින ඉදිරි අභියෝග ගැනද පුළුල් වශයෙන් විශ්ලේෂණය කළ වාර්තාවක්‌ ලෙස අපට පෙනේ. එය අගය කළ යුත්තකි. මෙකී වාර්තාව ජනාධිපතිවරයාට පිළිගැන්වීමෙන් පසු මහභාණ්‌ඩාගාර ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් එම වාර්තාව පිළිබඳ ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ද අමාත්‍යාංශයේදී පැවැත්විණි. ඒ අනුව 2011 වසරේ මුදල් අමාත්‍යාංශ වාර්ෂික වාර්තාවේ ඇතුළත් වැදගත් කරුණු කිහිපය සහ මහාභාණ්‌ඩාගාර ලේකම්වරයා එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සඳහන් කළ වැදගත් කරුණු කිහිපයක්‌ ගැනද මේ ලිපියෙන් අපගේ අවධානය යොමුවේ.

රටේ සැබෑ නිෂ්පාදන අංශවලට
බැංකු ණය දීම් ප්‍රමාණවත් නැහැ


ආචාර්ය පී. බී. ජයසුන්දර
මුදල් හා ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන
අමාත්‍යංශයන්හි ලේකම්

බැංකුවලින් රටේ සැබෑ ආර්ථිකයට, වටිනාකම එකතු කරන ආර්ථිකයට දෙන ණය ප්‍රමාණය හොඳටම ප්‍රමාණවත් නැහැ. වැවිලි වගාවට දෙන්නෙ මුළු ණය ප්‍රමාණයෙන් සියයට තුනක්‌ පමණයි. වැවිලි නොවන කෘෂිකර්මයට දෙන්නේ සියයට 1 ක්‌ විතර. මෙහෙම රටේ නිෂ්පාදන අංශවලට වඩා බැංකු ණය දෙන්නේ පරිභෝජන අවශ්‍යතාවලටයි. වාහන ගෙන්වීම වගේ දේවලටයි. බැංකු වගේම ලීසිං කොම්පැණිත් ණය දෙන්නෙ ඒවට. මේ බැංකු ණය දෙන ක්‍රමයේ වෙනසක්‌ සිදු කළ යුතු බවට අපි අවධානය යොමු කරනවා. හේතුව රටේ මහජන තැන්පතු රටේ නිෂ්පාදන ක්‍රියාවලියට යොමු කරන්න අවශ්‍ය යොමුවීම බැංකු ක්‍රමය තුළ ඇති විය යුතුයි කියලා අපි හිතනවා. අපේ ඉතිරි කිරීම් වැඩි කරන්න ඕන. ඉතිරිකිරීම් වැඩි කිරීමෙන් මිස පරිභෝජනය වැඩි කිරීමෙන් ආර්ථිකයක්‌ දියුණු කරන්න බැහැ.

රාජ්‍ය ව්‍යාපාර තම පාඩු අවම කරගෙන වාණිජමය ව්‍යාපාර වශයෙන් ශක්‌තිමත් වෙන්න ඕන. එහෙම සාර්ථක වු ව්‍යාපාර කිහිපයක්‌ තිබෙනවා. තවත් කරදර කරන රාජ්‍ය ව්‍යාපාර බොහොමයක්‌ තිබෙනවා. ඒවායේ කළමනාකරණය ශක්‌තිමත් වෙන්න ඕන. ඒ වගේම ආදර්ශවත් වෙන්න ඕන. ඒවායේ කළමනාකරණයට පත් වූනහම ආදර්ශවත් ලෙස වැඩ කරන්න විනයක්‌ හදාගන්න ඕන. ඒ සංස්‌ථා සහ මණ්‌ඩලවලට පත් කරන්නෙ අමාත්‍යවරුන් විසින් දේශපාලන වශයෙන් වුණාට පත් වීම භාරගත් පසු දේශපාලනය පැත්තක දාල රජයේ සේවකයෙකු වශයෙන් තමන්ට නියමිත කාලය තුළ භාරකාරයෙක්‌ වශයෙන් ඒ ආයතනවල කළමනාකරණය ශක්‌තිමත් කිරීමට ප්‍රවේශ විය යුතුමයි.

ප්‍රශ්නය - ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ කොටස්‌ ගනුදෙනුව ගැන සිදු කරන පරීක්‍ෂණයේ අලුත් තත්ත්වය කොහොමද?

පිළිතුර - මම ඒ අයට දුන්න උපදේශය පැහැදිලි ලෙසම ඉතිරි කිරීමේ බැංකුවේ තියෙන මූලික වැඩවලින් එහාට යන්න එපා කියලයි. මම කිසිම දෙයක්‌ නවත්වන්න කිව්වෙත් නැහැ. කරන්න කිව්වෙත් නැහැ. බැංකුවට හිමි කාර්යය කරමින් මේ බැංකුව රටේ ප්‍රධානතම ඉතිරිකිරීම් ආයතනය ලෙස බබලවන්න කියල විතරයි මම කිව්වේ. මම හැම බැංකුවකටම කියන්නේ එතන තියන ක්‍රමවේදයට අනුව මේ කටයුතු කරන්න කියලයි. ඕන කටයුත්තක්‌ ඒ ක්‍රමවේදයට, එම ආයතනයට හිමි කාර්යයට අනුව කළහම වැරදි කෙරෙන්නේ නැහැ.

මේ ගනුදෙනුව ගැන කෙරෙන පරීක්‍ෂණය සාධාරණ වෙන්න ඕන. ඒ සඳහා කාලයක්‌ අවශ්‍යයි. මේක කරන්නෙ කාගෙවත් බලපෑමක්‌ නිසා නෙවෙයි. මම මෙහිදී බලන්නේ යහ පාලනය සහ බැංකුවට හිමි කටයුතු පැත්තෙනුයි. පරීක්‍ෂණයෙන් හොඳ ප්‍රතිඵලයක්‌ ලැබෙයි.

ප්‍රශ්නය - යම් හෙයකින් අදාළ කොටස්‌ ගනුදෙනුව සිදු වුණා නම් ඒ සඳහා ගෙවන්න තිබුණෙ තැන්පතු කරුවන්ගෙ මුදල්නෙ. ඒ නිසා එම ගනුදෙනුවට අදාළ ගෙවීම සිදු නොකිරීමට ගත් පියවර අප අගය කරනවා. නමුත් එම ගෙවීම නැවැත්තුවේ එතන කිසියම් වරදක්‌ තිබූ නිසා විය යුතුයි. එහෙම නම් වරදක්‌ ඇති සහ වැරදිකරුවන් නැති ගනුදෙනුවක්‌ ලෙස මෙය අවසන් නොවිය යුතු බව බොහෝ දෙනෙකුගේ අපේක්‍ෂාවයි!

පිළිතුර - මූලික වශයෙන් මෙහිදී හොඳ කරුණු කීපයකුත් වෙලා තියෙනවනේ. එකක්‌ එම ගනුදෙනුව නතර වී තිබෙනවා. එය කාගෙත් ප්‍රසාදය ලැබූ දෙයක්‌. එසේම ඒ ක්‍රියාවලියේදී දේශපාලන බලපෑම් කිසිවක්‌ සිදු වී නැහැ. ඒ අධ්‍යක්‍ෂ මණ්‌ඩලය මගෙන් ඉල්ලන වෙලාව වෙනකම් මම ඒ සඳහා කිසිම සම්බන්ධයක්‌ වුනේ නැහැ. මම කිව්වේ බැංකුවට හිමි මූලික කටයුතුවලට පිටින් යන්න එපා කියලයි. භාණ්‌ඩාගාර නියෝජ්‍ය ලේකම්තුමා ඇතුළු එම බැංකුවේ අධ්‍යක්‍ෂ මණ්‌ඩලය ඉල්ලා අස්‌වුණා. සභාපතිවරයාත් ඉල්ලා අස්‌වීම දුන්නා. තව එක අධ්‍යක්‍ෂකවරයෙක්‌ගෙ ඉල්ලා අස්‌වීම ලැබිල නැහැ. මේ දිනවල එයා ලංකාවේ නැහැ. ඒ අය අස්‌වීමම අපට වඩා හොඳ පරීක්‍ෂණයක්‌ සිදු කිරීමට අවශ්‍ය වාතාවරණය සකස්‌ වීමක්‌. තැපැල්පතිතුමා දැනට වැඩබලන සභාපති ලෙස පත් කරල තියෙනවා. ඉතිං වැරැද්දක්‌ වෙලානං. ඒ කරුණු හොයල අවශ්‍ය ක්‍රියා මාර්ගයක්‌ ගන්නව කියන තැන තමයි අපි ඉන්නේ.


බැංකුවල ණය දීමේ ක්‍රියාවලිය ගැන මේ වාර්තාවේ විවේචනයක්‌ තිබේ. එනම් රටේ නිෂ්පාදන කටයුතුවලට වඩා පරිභෝජන අවශ්‍යතාවලට වැඩියෙන් ණයදීමට බැංකු යොමු වී සිටින බවයි. මේ කියන තත්ත්වය තුළ රටේ ආනයන ආශ්‍රිත ණය ප්‍රමාණය ඉහළ ගොස්‌ අධික ආනයන වර්ධනය හරහා ආර්ථිකය තුළ විශාල වෙළෙඳ හිඟයක්‌ නිර්මාණය වීමටත් හේතු වූවා වන්නට පුළුවන. එය දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ මතුවු පීඩනයන් හරහා රුපියල පිරිහීමටද හේතු වූ බව අපි දනිමු. මේ වන විට පොලී අනුපාත වැඩි කිරීම, වාහන බදු වැඩිකිරීම සහ වාණිජ බැංකුවල ණය වර්ධනය සීමා කිරීම ඇතුළු ප්‍රතිකර්මීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවූයේද එම අහිතකර ආර්ථික තත්ත්වයන් සමනය කර ගැනීමටය. බැංකුවල ණය දීම් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ වාර්ෂික වාර්තාවේ ඇති විවේචනය මෙසේය.

"බැංකු සහ මූල්‍ය ආයතන ශාඛා ජාලයන් ඉතාමත් වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබියදීත් පුළුල් පරාසයක පවතින කෘෂි, වැවිලි කර්මාන්ත හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා වහා අවශ්‍ය වන්නාවූ මැදිකාලීන ණය ලබා ගැනීමේ හැකියාව සතුටුදායක මට්‌ටමක නොපවතී. නමුත් මෝටර් රථ හා පාරිභෝගික භාණ්‌ඩ ආනයනය සඳහා සම්පත් වෙන් කරලීමට බැංකු හා මූල්‍ය ආයතන වැඩි කැමැත්තක්‌ දක්‌වන බව පෙනී යයි. ගතානුගතික බැංකු කටයුතු හා ඊට සමානුරූපී කටයුතුවලට බැංකු හා මූල්‍ය ආයතන වැඩි වශයෙන් යොමු වීම නිසා අගය එකතු වූ මූර්ත ආර්ථික කටයුතු සඳහා ණයදීම බාධාවක්‌ වී තිබේ. මෙවැනි ව්‍යාපෘති සඳහා මූල්‍ය පහසුකම් සැලසීම පිණිස එකී ආයතන මගින් නව මූල්‍ය උපකරණ වැඩි දියුණු කිරීමට ප්‍රමාණවත් අවධානයක්‌ යොමුකර නැත." (මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව - 2011)

පරිභෝජන අංශවලට වඩා නිෂ්පාදන අංශවලට වැඩියෙන් ණය දීම හොඳ දෙයක්‌ බව ඇත්තය. ඒ නිසා බැංකුවල ණය දීමේ ක්‍රියාවලියේදී මුදල් අමාත්‍යාංශය කියන මේ වෙනස ගැන ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු සියලු රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල අවධානය යොමු විය යුතුය. එසේම ඒ අනුව ණයදීමේ ක්‍රියාවලියේ සුදුසු වෙනස්‌කම් ඇති කිරීමද අවශ්‍යය. එහෙත් බැංකුවල ණය වර්ධනයත් සමග ආනයන ආශ්‍රිත ණය ප්‍රමාණය වර්ධනය වීමෙන් වෙළෙඳ හිඟය වර්ධනය වීම සඳහා ඇතිවිය. එහෙත් මේ වෙළෙඳ හිඟයේ ප්‍රශ්නයට, මහා භාණ්‌ඩාගාරයට ද ක්‍රියාමාර්ග ගත හැකිව තිබිණි. ඒ සම්බන්ධයෙන් මහා භාණ්‌ඩාගාරයෙන්ද ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රමාද වූ බව අපගේ අදහසයි. පොඩි මිනිසුන්ට මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට අතදීමට පිහිටු වූ රාජ්‍ය බැංකුවලින් බොහෝ දුරට සිදුව ඇත්තේ ලොකු අයට විශාල ණය ප්‍රදානය කිරීමයි. කොහොමත් දිරියෙන් නැගී සිටීමට උත්සාහ කරන පොඩි මිනිසුන්ට බැංකුවලින් ණයක්‌ ගැනීම බොහෝ දුෂ්කර කටයුත්තකි. මේ දුෂ්කරතා සමනය කර, රටේ සැබෑ නිෂ්පාදන අංශ වෙත වැඩි වැඩියෙන් ණයදීමට සියලු රාජ්‍ය හා පෞද්ගලික බැංකු විසින් ක්‍රියාකිරීම අත්‍යවශ්‍ය කරුණක්‌ බවට පත්ව තිබේ.

මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මහාභාණ්‌ඩාගාර ලේකම්වරයා හෙළි කළ තවත් ඉතා වැදගත් කරුණක්‌ වූයේ රාජ්‍ය ආයතනවල යහපාලනයට අදාළ චක්‍රලේඛයක්‌ සියලු රාජ්‍ය ආයතන වෙත යෑවීමට තීරණය කර ඇති බවයි. මේ චක්‍රලේඛය දැන් මුදල් අමාත්‍යාංශය විසින් සකස්‌ කරගෙන යන අතර එය සකස්‌ කිරීමෙන් පසු වහාම සියලු රාජ්‍ය ආයතන වෙත යෑවීමට එම අමාත්‍යාංශය අපේක්‍ෂා කරයි. රාජ්‍ය ආයතන බොහොමයක ක්‍රියාකාරීත්වය සම්බන්ධව බොහෝ ගැටලු ඇති බව රහසක්‌ නොවේ. මීට පෙර ඉමහත් ආන්දෝලනයට තුඩු දුන් තෙල් සංස්‌ථාවේ හෙජින් ගිවිසුම් සඳහාද නිසි අධ්‍යක්‍ෂ මණ්‌ඩල අනුමැතිය ලබාගෙන නොතිබූ බව ඒ දිනවල ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වූ නඩුවේදී අනාවරණය වූ කරුණකි. එසේම මේ දිනවල කතාබහට ලක්‌වන ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ කොටස්‌ ගනුදෙනුව ද දූෂිත ගනුදෙනුවක්‌ බවට චෝදනා එල්ල වී තිබේ. එම බැංකුවේ අධ්‍යක්‍ෂ මණ්‌ඩලයට නිල බලයෙන් පත්ව සිටින තැපැල්පතිවරයා සහ මේ දිනවල විදේශගතව සිටින තවත් අධ්‍යක්‍ෂවරයෙක්‌ හැරෙන්නට එම බැංකුව සභාපතිවරයා ඇතුළු සියලු අධ්‍යක්‍ෂ මණ්‌ඩල සාමාජිකයන් දැනටමත් ඉල්ලා අස්‌වී තිබේ. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ මෙවැනි ගනුදෙනුවක්‌ සිදුවූයේ එම බැංකුවේ යහපාලනයක්‌ හෝ පිළිගත් ක්‍රියාපටිපාටිය අනුගමනය කිරීමක්‌ හෝ සිදු නොවූ නිසාද? මේ ගැන දැන් මුදල් අමාත්‍යාංශය විසින් පරීක්‍ෂා කරගෙන යයි.

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ කළමනාකරණ අධ්‍යක්‍ෂවරයා බඳවා ගැනීම සම්බන්ධයෙන් රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් ඉකුත් මැයි 08 වැනිදා එම කාර්යාංශයේ සභාපති ආචාර්ය නාලක ගොඩහේවා වෙත විගණන විමසුමක්‌ යවා තිබිණි. එම විමසුමට අනුව එම තනතුර මහාභාණ්‌ඩාගාරය අනුමත කරන ලද බඳවා ගැනීමේ පටිපාටියට අනුව ස්‌ථිර තනතුරක්‌ වුවත් මෙසේ කොන්ත්‍රාත් පදනම මත එම කළමනාකාර අධ්‍යක්‍ෂවරයාව බඳවා ගැනීමට විශේෂයෙන් හේතුවූ කරුණු විගණනයට ඉදිරිපත් කර නොතිබිණි. එම තනතුර සඳහා පිළිගත් විශ්ව විද්‍යාලයක ප්‍රථම උපාධියකට අමතරව ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියක්‌ හෝ අලෙවිකරණ ආයතනයකින් හෝ වරලත් ගණකාධිකාරී ආයතනයක පූර්ණ සාමාජිකත්වය මෙන්ම විධායක තනතුරක වසර 18 ක පළපුරුද්ද ද තිබිය යුතුය. එහෙත් එම විගණන විමසුම පෙන්වා දෙන්නේ බඳවා ගෙන තිබූ කළමනාකරණ අධ්‍යක්‍ෂවරයාගේ අධ්‍යාපන හා සේවා පළපුරුද්ද පිළිබඳ සනාථ කර ගැනීමක්‌ සිදුකරගෙන නොතිබුණු බවත්, අඩු තරමේ බඳවා ගැනීම සඳහා නිලධාරියාගේ සුදුසුකම හා පළපුරුද්ද දැක්‌වෙන ජීව දත්ත (Bio data) ඇතුළත් අයදුම්පතක්‌ හෝ ලබාගෙන නොතිබුණු බවයි. එසේම මේ නිලධාරියා අඩු තරමේ තම සේවයට පැමිණීම හෝ පිටවීමද වාර්තා කර නොතිබිණි. ඒ ගැන අදාළ විගණන විමසුමේ මෙසේ සඳහන්ය.

zzමෙසේ පැමිණීම හෝ පිටවීම වාර්තා නොකර සිටීමට විශේෂ අනුමැතියක්‌ අමාත්‍යාංශය විසින් හෝ සභාපතිවරයා විසින් ලබාදී නොතිබුණු අතර, මෙය සාමාන්‍ය සේවා චර්යාවට පටහැනිව අත්තනෝමතිකව කටයුතු කිරීමක්‌ බව විගණනයේ අදහසයි. එසේ පැමිණීම හා පිටවීම සටහන් කර ගැනීමකින් තොරව වැටුප් හා අනෙකුත් දීමනා ගෙවා තිබීමද ගැටලුකාරී තත්ත්වයකි.ZZ

මෙය සියලු රාජ්‍ය ආයතනවල යහපාලනය ඇති කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛයක්‌ සකස්‌ කරමින් සිටින මොහොතකි. ඒ නිසා මේ ගැන ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂගේ මෙන්ම එම අමාත්‍යාංශයේද ලේකම් ධුරය දරන ආචාර්ය පී. බී. ජයසුන්දරගේද අවධානය වහාම යොමුවිය යුතුය. විගණන විමසුමෙන් කියන දේ සත්‍ය නම් ඒ සඳහා නිසි ක්‍රියාමාර්ග ගනිමින් එම රාජ්‍ය ආයතනවල යහපාලනයට හානිකර මෙවැනි සිදුවීම් වළක්‌වා ගැනීමට වහාම පියවර ගත යුතුව තිබේ. මෙය එක්‌ සිදුවීමක්‌ පමණි. තවත් මෙවැනි සිදුවීම් බොහෝ රාජ්‍ය ආයතනවල තිබෙනවාද විය හැකිය. ඒවා මුළුමණින්ම නොවුනත්, හැකිතාක්‌ උපරිම මට්‌ටමක්‌ දක්‌වා අවම කරගත යුතුව තිබේ. ඒ සඳහා දැන් මුදල් අමාත්‍යාංශය සකසමින් සිටින යහපාලන චක්‍රලේඛයද නොමද පිටිවහලක්‌ වනු ඇත්තේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
http://www.divaina.com/2012/05/27/economic08.html

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum