දියණියව අවන්හලේ දමා පිටව ගිහිල්ලා
සිසිල් බීම වීදුරුවක් පානය කිරීම සඳහා බකින්හැම් ෂයර් ප්‍රදේශයේ අවන්හලකට පැමිණි බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් සහ බිරියට සිය අට හැවිරිදි දියණියව අමතක වී එම අවන්හලේ දමා යැමේ සිද්ධියක් වාර්තා වේ. කැමරන්ට සිය දියණියව සිහිපත් වී ඇත්තේ සැතපුම් දෙකක් යැමෙන් පසුවය. මේ නිසා කලබල වූ කැමරන් එම අවන්හල අමතා සිය දියණිය නිරුපද්‍රිතව සිටින බව දැන විගස එම ස්‌ථානය වෙත ගොස් තිබේ.
http://www.divaina.com/2012/06/13/forign03.html