මේ යටතේ දකුණු පළාතේ සිය පාරිභෝගික ජනතාවගේ කටයුතු තවදුරටත් පහසු කරමින් ගාල්ල හා මාතර යන නගරවල DHL නව සේවා මධ්‍යස්ථාන දෙකක් විවෘත කිරීමත් සමග දිවයිනපුරා තම සේවා කටයුතු ව්‍යාප්ත කිරීම සඳහා පිහිටුවා ඇති ශාඛා සංඛ්‍යාව 16 ක් වේ.
නව සේවා මධ්‍යස්ථාන දෙක සතියේ දින 6 විවෘත තැබෙන අතර එමගින් දකුණු පළාතේ ජනතාවට අවශ්‍ය පාර්සල් ප‍්‍රවාහන කටයුතු පහසු හා නියමිත බර ප‍්‍රමාණයන්ට අනුව සාධාරණ මිල ගණන් යටතේ නිසි ලෙස ඇසුරුම් කර ප‍්‍රවාහනය කිරීමට අවශ්‍ය සියලූ පහසුකම් සලසා දෙනු ඇත.
ඊට අමතරව DHL එක්ස්ප‍්‍රස් සිය පාරිභෝගිකයන්ගේ පාර්සල් ගුවන් මගින් ප‍්‍රවාහනයේ දී පැන නගින ගැටළු නිරාකරණය කර දෙමින් එම කටයුතු පහසු කිරීමට අවශ්‍ය උපකාර ද ලබා දීමට ද කටයුතු කරයි.
එවැනි අවස්ථාවලදී අවශ්‍ය ලිපිලේඛන සකස් කර දීම, ඇසුරුම් කිරීම සිදුකර නියමිත වේලාවට අදාළ ස්ථාන වෙත ප‍්‍රවාහනය කර දීමට DHL එක්ස්ප‍්‍රස් ඇපකැප වී සිටියි.
DHL එක්ස්ප‍්‍රස් සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති හා දකුණු ආසියානු කටයුතු භාර අධ්‍යක්ෂ මැල්කම් මොන්ටෙයිරෝ මහතා (DHL Deutsche Post) මෙසේ සදහන් කළේය.
‘‘භාණ්ඩ හෝ පාර්සල් ප‍්‍රවාහනය කිරීමේ දී ජනතාවට මතුවන ගැටලු නිරාකරණය කිරීමට පහසු මගක් පැවතිය යුතුයි. ගාල්ල හා මාතර යන නගරවල සිය නව මෙහෙයුම් මධ්‍යස්ථාන විවෘත කිරීම ශී‍්‍ර ලංකාවේ වෙසෙන ජනතාව ගේ අවශ්‍යතා සපුරාලීමට පෙළගැසී සිටින DHL එක්ස්ප‍්‍රස් කණ්ඩායම තවදුරටත් සිය සේවාව පුළුල් කර දීමක්. හොදින් ව්‍යාප්ත වූ ශාඛා ජාලයක් හරහා ලැබෙන පහසුව හා කඩිනම් සේවාව කුරියර් හා සීඝ‍්‍රගාමි පාර්සල් යැවීමේ සේවාවන් සොයා යන පාරිභෝගිකයා ආකර්ෂණය කරගන්නා ප‍්‍රධාන සාධකයක්. දැවැන්ත සමාගම්වල මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාන කර්මාන්තකරුවන්ගේ ව්‍යාපාර කටයුතු පුළුල් කිරීමට අවශ්‍ය දායකත්වය ලබාදීම ද DHL එක්ස්ප‍්‍රස් මෙලෙස දිවයින පුරා ව්‍යාප්ත කිරීමේ අරමුණකි’’
ජාත්‍යන්තර වශයෙන් සිය මෙහෙයුම් පුළුල් කර ඇති DHL සමාගම ගොඩබිමින් පමණක් නොව නැව් හා ගුවන් මගින් ද භාණ්ඩ ප‍්‍රවාහනයේ ප‍්‍රමුඛයන් බවට පත්ව සිටී. රටවල් 220 ට අධික සංඛ්‍යාවක සිය මෙහෙයුම් ව්‍යාප්ත කර තිබෙන DHL එක්ස්ප‍්‍රස් සමාගම සේවකයින් 275,000 න් පමණ සමන්විත වේ.
භාණ්ඩ ප‍්‍රවාහනයේදී වගකීම් සහිතව සිය සේවාවන් සපයන එම සමාගම සමාජීය හා ප‍්‍රජා කටයුතු වෙනුවෙන් ද සිය දායකත්වය ලබා දී ඇත. DHL Deutsche Post සමූහයේ පාර්ශවකරුවකු ලෙස DHL කටයුතු කරනු ලබන අතර පසුගිය වසරේ පමණක් එම සමාගම යුරෝ මිලියන 53 ක ආදායමක් උපයා තිබේ.
http://sinhala.adaderana.lk/news.php?nid=25390