ටයර්, ඇක්ටිවේටඩ් කාබන්, රබර් අත් වැසුම්, ප්ලාස්ටික් උපකරණ හා මුළුතැන්ගෙයි නිෂ්පාදන ඇතුළු මෙරට නිපදවන භාණ්ඩ වර්ග 5000 ක් පමණ ඇමරිකානු ජී.එස්.පී. පහසුකම අනුව තීරු රහිතව එරටට අපනයනය කිරීමට අවස්ථාව හිමිවේ.
වසරකට ලංකාවට හිමිවන මෙම සහනයේ වටිනාකම ඩොලර් මිලියන 135 කට ආසන්නය.
ලංකාවේ කම්කරු අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්න ඇතැයි චෝදනා එල්ලවූ නිසා මෙම වැඩසටහන විමර්ශනයට ලක්වූ අතර කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය පවසා තිබෙන්නේ අදාළ විමර්ශනයෙන් පසුව වැඩසටහන යළිත් ක්‍රියාත්මක කිරීමට ඇමරිකාව තීන්දු කර තිබෙන බවයි
http://www.gossiplanka.info/2012/07/gsp.html