ටොෂිබා සිංගප්පූර් පුද්ගලික සමාගම ශ්‍රී ලංකාවේ සිය පරිගණක සහකරු වන ජෝන් කීල්ස් ඔµsස් දිටෝමේෂන් හා එක්‌ව පසුගියදා ලොව සැහැල්ලුම අඟල් 13 3 පෝර්ටේඡ් ' 830 අල්ට්‍රාබුක් පරිගණකය මෙරට වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලැබීය.
2 වැනි පරපුරේ ඉනේටෙල් කෝ ප්‍රොසෙසරය භාවිත කොට මෙම පරිගණකය නිපදවා තිබේ. නව පෝර්ටේඡ් ' 830 පරිගණක පෙළ කිලෝග්‍රෑම් 1.2 පමණ බරකින් සහ මිලිමීටර 15.9 ක ඝනකමකින් යුක්‌ත වන අතර පහසුවෙන් අතේ රැගෙන යා හැකි වේ.
ටොෂිබා සිංගප්පූර් සමාගමේ කළමනාකරු මරීසා ටේ, ඉන්ටෙල් ශ්‍රී ලංකා සමාගමේ දේශීය කළමනාකරු ඉන්දික ද සොයිසා, ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ විධායක උප සභාපති සුජීව දේවරාජා ජෝන් කීල්ස් ඔටෝමේෂන්හි ටොෂිබා නිපැයුම් කළමනාකරු ප්‍රසන්න වීරකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී ' 830 අල්ට්‍රාබුක් පරිගණකය හඳුන්වා දෙනු ලැබීය.
ටොෂිබා පරිගණක සඳහා පමණක් විශේෂිත වූ අධිවේගී පණගැන්වුම් තාක්‍ෂණයෙන් සමන්විත පෝර්ටේඡ් ' 830 පරිගණකය ක්‍රියාත්මක කොට තත්ත්පර කිහිපයක් ඇතුලත භාවිත කළ හැකි බව සමාගම ප්‍රකාශ කර සිටී. ලැප්ටොප් පරිගණක භාවිතයේදී සිදුවන වැටීම් සහ තැලීම්වලට ඔරොත්තුදීම පිණිස ටොෂිබා හඳුන්වාදී ඇති "ඊසිගාඩ්" තාක්‍ෂණයෙන්ද මෙම පරිගණක සමන්විත වේ.
http://www.divaina.com/2012/07/04/velanda02.html