අනුර ප්‍රේමලාල්
(2012-07-06 11:50)ශ්‍රීලංකාව හා චීනය අතර තානාපති සේවා ආරම්භකොට වසර පනස්පහක්ද දෙරට අතර අත්සන් කෙරුණු රබර් හා සහල් ගිවිසුමට වසර හැටක්ද සම්පූර්ණවීමේ ඓතිහාසික සිදුවීම සැමරේ.
වසර 1952දී ඩඩ්ලි සේනානායක මහතා අගමැති ලෙස කටයුතු කරන සමයේ මේ රටේ ඇතිවු සහල් අර්බුදය හා රබර් අපනයනයේ සිදුවු පසුබැසීම් හේතුවෙන් මතුවු දැඩි දුෂ්කර අවස්ථාවේදී චීනය ඉදිරිපත්වි ඒ අසීරු තත්ත්වයෙන් ශ්‍රීලංකාව මුදා ගැනිම සඳහා රබර් හා සහල් ගිවිසුම දෙරට අතර අත්සන් කරන ලදි.
එමෙන්ම වසර 1957දී එස්.ඩබ්ලිව්.ආර්.ඩි. බණ්ඩාරනායක මහතා අගමැති ලෙස කටයුතු කරන සමයේදි කිසිදු පැකිලිමක් නොමැතිව මහජන චීනය සමග තානාපති සේවා ආරම්භ කොට තිබේ. එම රටත් සමග තානාපති සේවා පටන්ගත් තිස්වෙනි රට ශ්‍රීලංකාව වන බව වාර්තාවේ.
ශ්‍රීලංකාවට අභ්‍යන්තරවත් ජාත්‍යාන්තරවත් මුහුපාන්නට සිදුවු ගැටළුකාරි අවස්ථාවලදි ඒවාට මුහුණදීමට කිසිදු ප්‍රතිලාභයක් නොලබා චීනය ශක්තියක්වි ඇත්තේ ඒරට අපේ සැබැ මිතුරෙකු බව ඔප්පු කරමින්ය.
ඉතිහාසයේ සිදුවු මෙම ඓතිහාසික සිදුවීම් සැමරිම සඳහා ශ්‍රීලංකාව හා චීනය අතර විවිධ අයුරින් පිහිටුවා තිබෙන මිත්‍ර සංවිධාන ඒකබද්ධවි විශාල උත්සවයක් ලබන (10) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යාන්තර සම්මන්ත්‍රණශාලාවේදි පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරේ.
මේ සම්බන්ධයෙන් ඉකුත්(04) ශ්‍රීලංකා පදනම් ආයතනයේදි මධ්‍ය හමුවක් පැවති අතර එහිදි අදහස් දැක්වු ශ්‍රී ලංකා චීන මිත්‍ර සංගමයේ ලේකම් සුමති ධර්මවර්ධන මහතා මේ උත්සවය සංවිධානය කිරිම සඳහා ශ්‍රීලංකා චීන සංගමය, ශ්‍රී ලංකා චීන සංස්කෘතික හා සමාජියිය සහයෝගිතා සංගමය, ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදින්ගේ සංවිධානය සිය උපරිම දායකත්වය ලබාදි තිබෙන බව පැවසීය.
ශ්‍රීලංකාවේ සිටින නියෝජ්‍ය චීන තානාපති හා එම තානාපති කාර්යාලයේ දේශපාලන අංශයේ ප්‍රධානි රෙන් ෆාකියැංග් මහතා මේ සිදුවිම සිදුවි දිගුකාලයක් ගතවි තිබෙන අතර ඉන් දෙරට අතර දීර්ඝකාලීන මිත්‍රශීලි බව පැහැදිලි වන බව පැවසීය.
ශ්‍රීලංකාවත් චීනයත් දෙරටේ ඇතිවු අපහසුතා අවස්ථාවලදි කිසිදු පැකිලිමක් නොමැතිව උදව් උපකාර කරගෙන තිබේ. ශ්‍රීලංකාවෙන් චීනයට ලබාදුන් ඇත් පැටවා ඉතා හොඳ සනීපයෙන් සිටින අතර ඒ පිළිබඳවත් මෙවැනි මිතුදමක් පවත්වා ගෙන ඒම ගැන සතුට පල කළේය.
ශ්‍රී ලංකාව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ඉතා හොඳ වේගවත් සීඝ්‍ර සංවර්ධන ආරම්භ කර තිබෙන අතර එයට චීනයේ අතහිත නිතරම ලැබෙන බවද ශ්‍රී ලංකාවේ ජනතාගේ අනාගතය ආලෝකමත් වේවා යැයි ප්‍රාර්ථනා කළේය.
ශ්‍රීලංකා චීන සංස්කෘතික හා සමාජියිය සහයෝගිතා සංගමයේ සභාපති ඉනද්‍රානන්ද අබේසුන්දර මහතා ශ්‍රීලංකාව හා චීනය අතර පවතින දිගුකාලින මිත්‍රත්වය ඉතා අගය කළයුතු දෙයක් වන බව පැවසිීය.
ශ්‍රීලංකාව කුඩා රටක් වුවත් චීනය කවදාවත් ඒ ගැන නොසිතා අනෙකුත් රටවලට මෙන්ම එකලෙස ශක්තිමත් මිතුදමක් පැවැත්වු බව පෙන්වා දුනනේය.
මේ මාධ්‍ය හමුව ශ්‍රීලංකා චීනමිත්‍ර සංගමයේ සභාපති නීතිඥ ආනන්ද ගුණතිලක මහතා මෙහෙයවූයේය.
මේ අවස්ථවට නිතිඥ රසාංග හරිශ්චන්ද්‍ර, නන්දසේන මදවනආරච්චි, නලින් අපෝන්සු,ඉන්දක සිල්වා, ඇතුළු මිත්‍රසංගම් රැසක නිලධාරින් එක්වූහ.
http://www.dinamina.lk/2012/07/06/_art.asp?fn=n120706_br2