ගෙවීගිය 2011/2012 මූල්‍ය වර්ෂය තුළදී වැලිබල් ෆිනෑන්ස් හි සම්පූර්ණ පොලී ආදායම 86% ක වර්ධනයක් වාර්තා කර ඇත. එනම්, 2011 මාර්තු 31 වෙනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ රුපියල් මිලියන 595 ක් වූ ආදායම් 2012 මාර්තු 31 වෙනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළදී රුපියල් මිලියන 1105 ක් දක්වා වැඩි වී ඇත. බදු ගෙවීමට පෙර ලාභය රුපියල් මිලියන 404 වන අතර එය පසුගිය වසරේ ලද ලාභය, එනම් රුපියල් මිලියන 231 සමඟ සසඳන කල 75% ක වර්ධනයකි. ගෙවුණු මූල්‍ය වර්ෂයේ බදු ගෙවූ පසු ලාභය රුපියල් මිලියන 230 වන අතර එය පෙර වසරට වඩා 114% ක ඉහළ වර්ධනයකි.
පසුගිය 2011 වසර තුළදී වැලිබල් ෆිනෑන්ස් ලද සුවිශේෂී ජයග්‍රහණයක් වනුයේ LMD ආයතනය සිදුකළ Most Valuable Brand Survey ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ව්‍යාපාර සන්නාම (Brand) අතරට එක්වීමට හැකිවීමයි. ලාංකීය මූල්‍ය ක්ෂේත්රය තුළ වැලිබල් ෆිනෑන්ස්හි සාර්ථකත්වය තව තවත් තහවුරු කරමින් 2012 වසරේදී එම ශ්‍රේණිගත කිරීමට අනුව විශිෂ්ටතම ව්‍යාපාර සන්නාම (Brand) අතර 58 වැනි ස්ථානය දිනාගැනීමට වැලිබල් ෆිනෑන්ස් සමත් විය.
"පාරිභෝගික අවශ්‍යතා ඉටුකරමින්, අප ආයතනය ලාභ ලබන ගමන් මාර්ගයකට යොමුකිරීම වැලිබල් ෆිනෑන්ස්හි අප සැමගේ වගකීම හා අරමුණයි" යනුවෙන් වැලිබල් ෆිනෑන්ස් හි කළමනාකාර අධ්යක්ෂ ජයන්ත රන්ගමුව මහතා පවසයි. වඩා සුදුසු ආයෝජන අවස්ථා හඳුනාගෙන ඒ අනුව ක්‍රියාකිරීමෙන් ද ආයතනය තුළ නිසි කළමනාකරණයක් පවත්වා ගැනීම නිසා ද එම තත්ත්වය උදාකර ගැනීමට හැකි වූ බවත්, ආයතනය සතු වත්කම් ප්‍රමාණය පසුගිය මූල්‍ය වර්ෂය හා සසඳද්දී 72% ක වර්ධනයක් පෙන්නුම් කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පවසයි. පසුගිය මූල්‍ය වර්ෂය තුළදී රුපියල් බිලියන 3.8 ක් වූ වැලිබල් ෆිනෑන්ස් හි වත්කම් ප්‍රමාණය ගෙවුණු මූල්‍ය වර්ෂය තුළදී රුපියල් බිලියන 6.6 ක් දක්වා වර්ධනය විය.
වැලිබල් ෆිනෑන්ස් වෙතින් ලබාදෙන සේවාවන් අතර ස්ථාවර තැන්පතු ප්‍රධාන තැනක් ගනී. වැලිබල් සමූහය කෙරෙහි ශ්‍රී ලාංකීය ජනතාව තබා ඇති විශ්වාසය හේතුවෙන් වැලිබල් ෆිනෑන්ස් හි ස්ථාවර තැන්පතු සේවාව පාරිභෝගික ජනතාව අතර ප්‍රචලිත වී ඇති අතර පසුගිය මූල්‍ය වර්ෂයේදී රුපියල් බිලියන 2.5 ක් වූ ස්ථාවර තැන්පතු ප්‍රමාණය, 2012 මාර්තු මස අවසන් වූ මූල්‍ය වර්ෂය තුළදී එම ප්‍රමාණය රුපියල් බිලියන 3.9 ක් දක්වා වැඩි වූ අතර එය 51% ක වර්ධනයකි. එමෙන්ම ලබාදුන් ණය ආපසු නොගෙවීමේ ප්‍රතිශතය (NPL අගය) 0.77% තරම් අවම අගයක් ගැනීම, වැලිබල් ෆිනෑන්ස් සිය පාරිභෝගිකයන් වෙත ගුණාත්මක සේවාවක් ලබාදෙන බවට කදිම සාක්ෂියකි.
http://www.divaina.com/2012/07/11/velanda02.html