නව වරායන් ගොඩ නගමින් නාවික ක්ෂේත්‍රයේ කළාපීය මධ්‍යස්ථානයක් වීමේ ගමනක යන ශ්‍රී ලංකාවට එම ඉලක්කය ජය ගැනීමට දැනට සිටිනවාට වඩා වැඩි ප්‍රමාණයක නාවික ක්ෂේත්‍රයේ පුහුණුව ලත් කුසලතාවයන්ගෙන් පිරි ශ්‍රමිකයන් පිරිසක් අවශ්‍ය වනබව හෙළිවේ.
මේ වනවිට, මෙම ක්ෂේත්‍රයේ නියැලි බොහෝ දෙනෙකු විධිමත් පුහුණුවක් නොලැබූවන් බවත් ඔවුන් පළපුරුද්ද මත සාමාන්‍ය අවබෝධය අනුව කටයුතු කරන බවත් මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා නැව්ගත කරන්නන්ගේ ඇකඩමියේ ප්‍රධානී රොහාන් මාසකෝරාළ පවසයි.
මේ නිසා, නාවික අංශයේ ඒ ඒ ක්ෂේත්‍රයන් පිළිබඳ විශේෂ පුහුණුවක් ලැබූ කුසලතාවයන්ගෙන් පිරි ශ්‍රම බලකායක් ලංකාව විසින් ගොඩ නැගිය යුතුව ඇති බව හෙතෙම සඳහන් කරයි.
ශ්‍රී ලංකා නැව්ගත කරන්නන්ගේ ඇකඩමිය කර්මාන්තය වෙනුවෙන් ශ්‍රමිකයින් පුහුණු කරන ආයතනය වේ.
නාවික අංශයේ යටිතල පහසුකම් ලංකාව වර්ධනය කරනවා සේම අදාළ යටිතල පහසුකම් හා තාක්ෂණයට ගැලපෙන පරිදි මානව ප්‍රාග්ධනය වර්ධනය කිරීම වැදගත් බව මාසකෝරාළ මහතා කොළඹ පැවති වරාය හා නාවික සමුළුවේදී පෙන්වා දුන්නේය.
හෙතෙම මෙහිදී අනාවරණය කළේ ඉදිරි වසර කිහිපය තුළදී ලංකාවේ වරායන්ගේ මෙහෙයුම් ධාරිතාවය දෙගුණ වනවිට මෙවැනි පුහුණු ශ්‍රමිකයින් 6000 කගේ පමණ අළුත් අවශ්‍යතාවයක් ඇතිවීමට හැකියාවක් තිබෙන බවයි.
හම්බන්තොට වරාය හා කොළඹ දකුණු වරාය ගොඩනගමින් ලංකාව මේ වනවිට සිය නාවික යටිතල පහසුකම් වර්ධනය කරමින් සිටින අතර දකුණු ආසියාවේ ප්‍රති අපනයන හා නාවික මධ්‍යස්ථානයක් ලෙස මතුවීමට අරමුණු කරගෙන සිටී. මේ වනවිට, ගැඹුරු නැව් වලට පැමිණිය හැකි ලෙස ඉදිවන කොළඹ දකුණු වරායේ බහාලුම් පර්යන්තයක් ගොඩනගමින් තිබේ. මීට අමතරව, එහි දියකඩනයේ වැඩ තවත් මාස දෙකක් වැනි කාලයකින් අවසන් කිරීම සැලසුමයි.
එසේම, කොළඹ වරාය වසරකට මෙහෙයවන මිලියන 4.5 ක් වන බහාලුම් පරිමාව මෙම පුළුල් කිරීමත් සමග බහාලුම් මිලියන 13 ක් දක්වා ඉහළ නැංවීමට ඉලක්ක කර තිබේ.
නාවික සමාගම් වඩාත් කාර්යක්ෂම වරායන්ට ඇදී යන නිසා මෙරට නාවික වෘත්තිකයින් මෙහෙයුම් අංශ, ජාත්‍යන්තර වෙළඳාම සිදුවන්නේ කෙසේද ?, රේගු පටිපාටි හා සැපයුම් දාම කළමනාකරණය මෙන්ම විදේශ විනිමය වෙළඳ පොළ පිළිබඳවද හොඳ පුහුණුවක් ලැබිය යුතුබව මාසකෝරාළ මහතා කීය.
නාවික මධ්‍යස්ථානයක් වීමට ස්වභාව ධර්මයේ ආශීර්වාදයෙන් ලංකාවට ලැබුණු ඉන්දීය සාගරයේ නියම තැනක පිහිටීමේ වාසිය ඉදිරියට ගෙන යාමට මානව ප්‍රාග්ධනයේ කුසලතාවය නැංවීම අතිශයින් වැදගත් වන අතර ඒ තුළින් ඉන්දියාවට හොඳ තරගයක් දිය හැකිය.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1518631541