මේ බව ශ්‍රී ලංකා තේ පර්යේෂණායතනය විසින් පෙන්වා දී තිබෙන බව මුදල් අමාත්‍යංශය විසින් 2011 වෙනුවෙන් නිකුත් කළ වාර්තාවේ දක්වා තිබෙන අතර මෙය සැලකිය යුතු තත්ත්වයකි.
උෂ්ණත්වය වැඩිවීම නිසා උඩරට තේ අස්වැන්න වැඩිවනු ඇතැයි මෙහිදී සඳහන් කර තිබේ.
මිලියන 1.5 ක පමණ පිරිසක් පහත රට කුඩා තේ වතු කර්මාන්තය ආශ්‍රිතව ජීවනෝපාය ගැටගසා ගන්නා අතර මෙය ඔවුන් පැත්තෙන් බලන කළ අභියෝගයකි.
පසුගිය වසර 100 කාලය තුළ පෘථවියේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ ගොස් තිබෙන අතර ඉදිරි ශත වර්ෂයේදී ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.4-5.8 අතර අගයකින් ඉහළ නගිනු ඇතැයි පුරෝකතනය කර ඇත.
පසුගිය කාලයේදීත් පහත රට තේ කර්මාන්තය අධික නියං තත්ත්වයකට මුහුණ දුන් අතර තේ වගාවන් මැරී යාමෙන් ගොවීන් පීඩාවට පත්වුණි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=884199134