මේ අතර, කෙයාන් - ඉන්දියා සමාගම ඉදිරි වසරේ දී මන්නාරම් බොක්කේ තවත් තෙල් කැණීම් කිහිපයක් සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා. කෙයාන් - ඉන්දියා සමාගමේ පසුගිය දා නිකුත් වූ වාර්ෂික වාර්තාවේ දක්වා ඇත්තේ මේ සඳහා අමතර වර්ග කිලෝමීටර් 600ක ති‍්‍රමාණ භූ විද්‍යා දත්ත ලබාගෙන ඇති බවයි. කෙයාන් සමාගම මන්නාරම් බොක්කේ කණින ලද ගවේෂණ ළිං දෙකකින් ගෑස් සහ තෙල් සොයා ගැනීමට හැකි වූ අතර, වියළි නිධියක් ලෙස අතහැර දමනු ලැබුවේ එක් ළිඳක් පමණයි.
http://www.hirunews.lk/sinhala/39348