Chevron Lubricants සමාගමේ 2012 ජුනි කාර්තුවේ ලාභය රුපියල් මිලියන 533 ක්වී ගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 26 කින් වර්ධනය සටහන් කර තිබෙන අතර ඉදිරියේදී අභියෝගාත්මක කාලයක් එළඹෙන බව පවසා තිබේ.
ගෙවුණු ජුනි කාර්තුවේදී සමාගමේ කොටසකට අදාළ ලාභය රුපියල් 4.40 ක්වී තිබෙන අතර ජුනි දක්වා මාස හය තුළ ලබා තිබෙන කොටසකට අදාළ ලාභය රුපියල් 9.95 කි.
ඒ අනුව, සමාගම ජුනි දක්වා මාස හය තුළදී රුපියල් බිලියන 1.19 ක ලාභයක් උපයා තිබෙන අතර එය සියයට 42 ක වර්ධනයකි.
ජුනි කාර්තුවේ සමාගමේ අලෙවිය සියයට 1.4 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 2.56 ක්වී තිබෙන අතර පිරිවැය සියයට 3.6 කින් පහළ ගොස් ඇත.
සමාගමේ ප්‍රධාන විධායක කිෂූ ගෝමස් කොටස් කරුවන්ට දැනුම් දී තිබෙන්නේ ආර්ථික මන්දගාමීත්වය නිසා ඇතිවන බලපෑම ජුනි කාර්තුව අවසානයේ සිට සමාගමට බලපා තිබෙන බවයි.
ඉහළ ඉන්ධන මිල, වාහනවල බදු වැඩිකිරීම, යුරෝපීය වෙළඳ පොළවල ඇතිවී තිබෙන අවිනිශ්චිතතාවය සිය ව්‍යාපාරය කෙරෙහි අහිතකර ලෙස බලපා ඇතැයි කිෂූ ගෝමස් මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1797666635