සෛවරීත්ව බැඳුම්කර නිකුතුවෙන් ලැබුණු මුදල් වලින් මූල්‍ය පද්ධතියේ වැඩිවූ ද්‍රවශීලතාවය උරා ගැනීම සඳහා මහ බැංකුව තමන් සතු භාණ්ඩාගාර බිල්පත් වලින් රුපියල් බිලියන 15.5 ක් දක්වා බිල්පත් මහජනතාවට විකිණීමට ලංසු කැඳවා තිබේ.
මේ අනුව, රුපියල් බිලියන 7.5 ක මාස තුනේ බිල්පත් හා රුපියල් බිලියන 08 ක මාස හතරේ බිල්පත් විකිණීමට මහ බැංකුව සූදානම්ය.
සම්පූර්ණයෙන් බිල්පත් විකුණන විට හා මුදල් ඉවත් කරන විට ණය ලබාදීම සඳහා බැංකු පද්ධතියේ තිබෙන රුපියල් සංචිත මට්ටම පහළ යෑම සිදුවේ. මේ නිසා, විදේශ සංචිත මට්ටම ඉහළ ගොස් විදේශීය මුදල් වෙළඳ පොළවල ඩොලර් අතිරික්තයක් ඇති වීමට මග පෑදේ.
මෙවැනි තත්ත්වයක් නිසා විනිමය අනුපාතය ශක්තිමත් වීමක් සිදුවන බව ආර්ථික විශ්ලේෂකයින් පවසයි.
මීට අමතරව, ඒක්ෂණ මුදල් වෙළඳ පොළේ ද්‍රවශීලතාවය අඩුකිරීම සඳහා මහ බැංකුව වෙනමම ප්‍රති මිලදී ගැනීමේ වෙන්දේසියක් සිදු කිරීමටද තීරණය කර තිබේ.
අද දිනයේදී ඩොලරයක් රුපියල් 131.20/40 ක මට්ටමක ගනුදෙනු වේ.
පසුගියදා නිකුත් කළ ඩොලර් බිලියනයක බැඳුම්කරයෙන් ලැබුණු මුදල් වලින් ඩොලර් මිලියන 500 කට ආසන්න ප්‍රමාණයක් විදේශ විනිමය වෙළඳ පොළවල් වලින් පිට මහ බැංකුව රුපියල් බවට හැරවීම නිසා පසුගිය කාලයේදී විනිමය වෙළඳ පොළේ යම් අවිනිශ්චිතතාවයක් ඇතිවුණි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=451368859