මේ අනුව, මහ බැංකුව පවසා තිබෙන්නේ මොන්ගෝලියාව, සෞදි අරාබිය, රුසියාව, ඇමරිකාව යන රටවල මහ බැංකුවල මූල්‍ය බුද්ධි අංශ සමග මෙම අවබෝධතා ගිවිසුමට එළඹුණු බවයි.
මෙම ගිවිසුමට අදාළව ත්‍රස්තවාදී කටයුතු සඳහා මූල්‍ය කරණය, මුදල් විශුද්ධිකරණය, යන කටයුතු සඳහා සැක කරන පුද්ගලයින්ගේ තොරතුරු ඇතුළු තොරතුරු හුවමාරු කර ගැනීමට එකඟ වී ඇත.
මෙම ගිවිසුමත් සමග මහ බැංකුවේ මූල්‍ය බුද්ධි අංශය රටවල් 20 ක් සමග මෙවැනි ගිවිසුම් වලට එළඹ තිබෙන අතර ඕස්ට්‍රේලියාව, බෙල්ජියම, බංග්ලාදේශය, කැනඩාව, ඉන්දියාව, මැලේසියාව, දකුණු කොරියාව, ඉන්දුනීසියාව, පිලිපීනය, ඇෆ්ඝනිස්ථානය, නේපාලය, කාම්බෝජය, ෆිජි, ස්ලෝවෙනියාව, දකුණු අප්‍රිකාව හා සොලොමන් දූපත් සමග මෙවැනි ගිවිසුම් වලට එළඹ තිබේ.