කොළඹ කොටස් වෙළඳ පොළ තුළ මාෆියාවක් ක්‍රියාත්මකවේ යැයි පැතිර යන කතා හේතුවෙන් විදේශීය ආයෝජකයින් තැති ගැනීමට ලක්ව සිටින බව ආයෝජකයෙකු වන දිලිත් ජයවීර මහතා කියයි.
ඔහු කොළඹදී ඊයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මේ බව සඳහන් කළේය.
කෙසේවෙතත්, කොළඹ කොටස් වෙළද පොළ පහළ ගිය පසු විදේශීය ආයෝජකයින් හොඳ කළමනාකරණයක් හා ශක්තිමත් සමාගම්වල කොටස් මිලදී ගැනීමට පෙළඹුණු අතර 2010 වසරේ කොටස් වෙළඳ පොළේ බුබුලක් ඇතිවූ අවස්ථාවේදී විදේශීය ආයෝජකයින් බොහෝවිට කොටස් විකිණීමට කටයුතු කළේය.
2012 වසරේදී විදේශීය ආයෝජකයින් කොළඹ කොටස් වෙළඳ පොළේ රුපියල් බිලියන 28.2 ක් වටිනා කොටස් මිලදී ගැනීමට කටයුතු කර ඇත.
ජයවීර මහතා පැවසුවේ විදේශීය ආයෝජකයින් අතර කළු සුද්දන්ද සිටින බවත් විදේශීය මුදල් භාවිතා කරමින් කොටස් මිලදී ගන්නා මෙරට ආයෝජකයින් තමන් අදාළ නමින් හඳුන්වන බවයි.
කොළඹ කොටස් වෙළඳ පොළේ මාෆියාවක් ක්‍රියාත්මක වන්නේ යැයි හැඟවීම අසාධාරණ බවත් මේ නිසා විදේශීය ආයෝජන වලට අහිතකර බලපෑමක් සිදුවන බවත් හෙතෙම අවධාරණය කළේය.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=52896308