ඕස්ට්‍රේලියානු සමාගම වෙත යැවූ මෙම කැළණි වයර් තොගය එරට ප්‍රමිතියට අනුව නිපඳ වූවක් වන අතර, එය ශ්‍රී ලංකාවේ වයර් නිෂ්පාදන සමාගමක් ඕස්ට්‍රේලියානු ගෘහස්ථ වයර් වෙළඳපොළ අත්පත් කරගත් පළමු අවස්ථාව ද වේ. විදේශීය වෙළඳපොළට ශ්‍රී ලංකාවේ නිපඳවන වයර් අපනයනය කරන ප්‍රමුඛතම සමාගමක් වන කැළණි කේබල්ස් PLC සමාගම දැනටමත් ජපානය, ඉන්දියාව, අප්‍රිකානු රටවල්, බංග්ලාදේශය හා මාලදිවයින යන රටවල් වෙත තම සමාගමේ විවිධ වයර් වර්ගයන් අපනයනය කරන අතර, එමගින් ලැබෙන විදේශ විනිමය කැළණි කේබල්ස් PLC සමාගමේ සමස්ථ ආදායමෙන් 15%ක් ඉක්මවා යෑම ද මෙරට වයර් නිෂ්පාදන සමාගම් දෙස බලන විට එම සමාගමේ කැපී පෙනෙන විශිෂ්ටත්වයකි.
ඕස්ට්‍රේලියාව වෙත පළමු වයර් කන්ටේනරය අපනයනයකිරීමේ උත්සව අවස්ථාවට සහභාගී වූ කැළණි කේබල්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, මහින්ද සරණපාල මහතා පැවසුවේ, “ විදේශීය වයර් වෙළඳ පොළ ග්‍රහණය කිරීම ට කැළණි කේබල්ස් සමාගමට හැකිවීම හා එහි කැපී පෙනෙන වර්ධනයක් තිබීමෙන්, අප සමාගම නිපඳවන වයර්වල උසස් ප්‍රමිතියට කදිම සාක්ෂියක්. කැළණි කේබල්ස් සමාගම වයර් අපනයනය මෙයට වසර කිහිපයක ට පෙර ඇරඹුවක් වුවත්, කෙටි කලකින් ම අප ට බොහෝ රටවල් වෙත වයර් යැවීමට හැකි වූ අතර, ඒවා එම රටවල ප්‍රමිතියට අනුකුල වීමෙන් වැඩි ප්‍රසාදයක් දිනාගැනීමටත් හැකි වූවා. එහෙයින් වර්තමානයේ සමාගමේ සමස්ත ආදායමෙන් 15%ක් ඉක්මවා යන අපනයන ආදායම ඉදිරි වසර කිහිපයේ දී 25% දක්වා වර්ධනයකිරීමේ ව්‍යාපෘතියක් අප ක්‍රියාත්මක කරමින් සිටිනවා.” යන්න ය.
මාලදිවයිනේ ප්‍රමුඛතම වයර් වෙළඳනාමයක් ලෙසින් සැලකෙන කැළණි වයර් කැළණි කේබල්ස් සමාගමේ අලෙවි නිලධාරියෙකු එරට නේවාසික ව සිටිමින් අලෙවි ජාලයක් යටතේ තම අලෙවිය ප්‍රවර්ධනය කිරීම ට හැකිවීම එම සමාගමේ විශේෂත්වයකි.
“කැළණි කේබල්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, මහින්ද සරණපාල මහතාගේ සංකල්පයක් මත සිදු කෙරුණු අපේ කැළණි වයර් ඕස්ට්‍රේලියාවට අපනයනයකිරීම, අපේ අපනයන ව්‍යාපෘතියේ තවත් එක් සාර්ථක අවස්ථාවක්. විශේෂයෙන් ම අපේ වයර් මිලදී ගන්නා ඕස්ට්‍රේලියානු සමාගම, එරට දැවැන්ත ඉඳිකිරීම් සමාගමක් වීමෙන් එය අපේ උසස් ප්‍රමිතිය කෙරෙහි එරට විශ්වාසය තැබීමක්. එමෙන්ම ලොවේ ප්‍රමුඛතම ට්‍රාන්ස්ෆෝමර් නිපඳවන සමාගමක්වන නෝර්වීජියාවේ "නෝරටෙල්" සමාගම් සමූහය තම නිෂ්පානදයන් සඳහා කැළණි එනමල් වයින්ඩින් වයර් තෝරාගැනීමත් අපේ වයර්වල ප්‍රමිතිය සහතික කිරීමක්. මන්ද එම සමාගමේ නිෂ්පාදන සහමුලින්ම ඇමෙරිකානු හා යුරෝපීය වෙළඳපොළේ අලෙවිකරන්නක් වන්නා සේම, එම නිෂ්පාදන උපයෝගී කරගන්නේත් අඛණ්ඩ ක්‍රියාකාරීත්වය අනිවාර්යය වූ කාර්යයන් සඳහායි. මෙම සාර්ථකත්වය හරහා තවත් රටවල් කිහිපයකට අපේ කැළණි වයර් අපනයනයකිරීමේ හැකියාවක් ලැබේයැයි අප අපේක්ෂා කරනවා."
කැළණි කේබල්ස් සමාගමේ අලෙවි කළමනාකරු (අපනයන), දේවින්ද ලොරෙන්සුහේවා මහතා තම නිෂ්පාදන අපනයනයන් පැහැදිලි කරමින් පැවසීය. "කැළණි කේබල්ස් වසර 43ක් පුරා ශ්‍රී ලාංකේය විදුලි සම්ප්‍රේක්ෂණ හා සන්නිවේදන වයර් නිෂ්පාදනයේ අත්දැකීමෙන් පිරි 100% දේශීය සමාගමකි. ගුණාත්මක බව වෙනුවෙන් පිරි නැමෙන ISO 9001: 2008 තත්ත්ව සහතිකය හා යහපත් පාරිසරික කළමනාකරණය වෙනුවෙන් ISO 14001: 2004 සහතිකවලින් පිදුම් ලද කැළණි කේබල්ස් කර්මාන්ත විශිෂ්ටත්ව රන් සම්මානයෙන්, ජාතික තත්ත්ව සම්මානයෙන් හා ටයිකි අකිමොටෝ 5S රන් සම්මානයෙන් පිදුම් ලබා තිබේ. විදුලි සම්ප්‍රේක්ෂණ හා සන්නිවේදන වයර් නිෂ්පාදන ක්ෂේත්රයේ දැක් වූ වෘත්තීයමය විශිෂ්ටත්වය වෙනුවෙන් කැළණි කේබල්ස් 2008 දී "සුපර් බ්‍රෑන්ඩ්" තත්ත්වය හිමි කරගැනීමට ද සමත් විය.
http://sinhala.adaderana.lk/news.php?nid=26985