FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» McDonald’s අපේ නෙමෙයි අපේ බෝස්ගේ – අබාන්ස් කියයි
by ChooBoy Today at 10:19 am

» AI Assistance for Stock Market Research and Analysis
by ChatGPT Today at 7:12 am

» Comparative Analysis of the Insurance Sector
by God Father Tue Mar 26, 2024 11:46 pm

» Sri Lanka: Why Pay Exorbitant Taxes?
by ChatGPT Tue Mar 26, 2024 10:52 pm

» LANKA CREDIT AND BUSINESS FINANCE PLC (LCBF.N0000)
by K.R Tue Mar 26, 2024 3:15 pm

» CENTRAL INDUSTRIES PLC (CIND.N0000)
by D.G.Dayaratne Tue Mar 26, 2024 9:11 am

» SIYAPATHA FINANACE PLC (SLFL.N0000)
by ChatGPT Tue Mar 26, 2024 7:58 am

» FINANCE AND LEASING SECTOR
by ChatGPT Mon Mar 25, 2024 6:45 am

» LOLC FINANCE PLC (LOFC.N0000)
by ChatGPT Mon Mar 25, 2024 6:36 am

» CIC HOLDINGS PLC (CIC.N0000)
by ChatGPT Mon Mar 25, 2024 6:18 am

» UNION ASSURANCE PLC (UAL.N0000)
by ChatGPT Mon Mar 25, 2024 6:15 am

» First Capital Holdings PLC: Current Financial performance and future outlook
by God Father Sun Mar 24, 2024 10:58 pm

» LankaBizz: Sri Lanka's First ever Artificially Intelligent (AI) Business and Research Assistant
by God Father Sun Mar 24, 2024 7:27 am

» HOTEL AND TRAVEL SECTOR
by ErangaDS Wed Mar 20, 2024 7:22 am

» CIC Holdings Good Times Ahead
by ashan silva Mon Mar 18, 2024 11:00 am

» EPF Fund keep eye on low P/E Shares
by K.R Mon Mar 18, 2024 8:45 am

» SINS - the Tailwind effects of a crisis hit Economy
by Hawk Eye Mon Mar 18, 2024 8:37 am

» Ceylon cold stores
by Hawk Eye Mon Mar 18, 2024 8:25 am

» Asha securities Provide buy signal for CIC
by ddrperera Fri Mar 15, 2024 1:10 am

» CSE ready for another Downtrend?
by D.G.Dayaratne Thu Mar 14, 2024 11:24 am

» LankaLAW Forum : Sri Lanka’s #1 Discussion Platform for Legal Questions and Answers
by blindhog Thu Mar 14, 2024 9:14 am

» Sri Lanka poised to benefit from demand surge for ‘non-China origin’ graphite
by samaritan Wed Mar 13, 2024 1:31 pm

» LOLC hotels
by Maharaja Tue Mar 12, 2024 2:34 pm

» AEL target price ?
by suku502 Mon Mar 11, 2024 11:26 am

» WAPO 200% UP
by LAMDA Sun Mar 10, 2024 10:33 pm

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)



CHRONICLE™ YouTube

Disclaimer
FINANCIAL CHRONICLE™ Disclaimer

The information contained in this FINANCIAL CHRONICLE™ have been submitted by third parties directly without any verification by us. The information available in this forum is not researched or purported to be complete description of the subject matter referred to herein. We do not under any circumstances whatsoever guarantee the accuracy and completeness information contained herein. FINANCIAL CHRONICLE™ its blogs, forums, domains, subdomains and/or its affiliates and/or its web masters, administrators or moderators shall not in any way be responsible or liable for loss or damage which any person or party may sustain or incur by relying on the contents of this report and acting directly or indirectly in any manner whatsoever. Trading or investing in stocks & commodities is a high risk activity. Any action you choose to take in the markets is totally your own responsibility, FINANCIAL CHRONICLE™ blogs, forums, domains, subdomains and/or its affiliates and/or its web masters, administrators or moderators shall not be liable for any, direct or indirect, consequential or incidental damages or loss arising out of the use of this information. The information on this website is neither an offer to sell nor solicitation to buy any of the securities mentioned herein. The writers may or may not be trading in the securities mentioned.

Further the writers and users shall not induce or attempt to induce another person to trade in securities using this platform (a) by making or publishing any statement or by making any forecast that he knows to be misleading, false or deceptive; (b) by any dishonest concealment of material facts; (c) by the reckless making or publishing, dishonestly or otherwise of any statement or forecast that is misleading, false or deceptive; or (d) by recording or storing in, or by means of, any mechanical, electronic or other device, information that he knows to be false or misleading in a material particular. Any action writers and users take in respect of (a),(b),(c) and (d) above shall be their own responsibility, FINANCIAL CHRONICLE™ its blogs, forums, domains, subdomains and/or its affiliates and/or its web masters, administrators or moderators shall not be liable for any, direct or indirect, consequential or incidental violation of securities laws of any country, damages or loss arising out of the use of this information.


AI Live Chat

You are not connected. Please login or register

කලිසමට උඩින් ජංගි ඇන්දවීම

5 posters

Go down  Message [Page 1 of 1]

Malika1990

Malika1990
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

හෘද සාක්‍ෂිය නිහඬ කරවන පරමාධිපත්‍යයේ කරුමය
ජානක ලියනආරච්චි

අලුත් කතාව

දැන් දරුවන් දෙදෙනාම මුදා හැර ඇත. ඒ දැඩි කොන්දේසිමත මතය. පෙරේදා (21) ඔවුන්ව මුදාහරින්නේ කොටුව මහේස්‌ත්‍රාත් කණිෂ්ක විජේරත්න විසිනි.

මේ අවස්‌ථාවේ ඒ පහර කෑමට ලක්‌වු මේජර් වරයා අධිකරණය වෙත පුද්ගලිකව ඉදිරිපත් විය. මේ ඒ මොහොතේ මහෙස්‌ත්‍රාත්වරයා හා ඔහු අතර ඇතිවු දෙබසය.

මහෙස්‌ත්‍රාත්වරයා - මෙම පහරදීම සම්බන්ධයෙන් තමන් කුමන පොලිස්‌ ස්‌ථානවලට ද ප්‍රකාශ ලබා දුන්නේ.

මේජර්වරයා - පළමුව රෝහල් පොලිසියටත් අනතුරුව කොම්පඤ්ඤවීදිය පොලිසියටත් ප්‍රකාශ ලබාදුන්නා.

මහෙස්‌ත්‍රාත්වරයා - පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ "බී" වාර්තාවත්, ඔබේ දිවුරුම් ප්‍රකාශයත් වෙනස්‌ වීමට හේතු මොනවාද?

මේජර්වරයා - පහරකෑම හේතුවෙන් මා ඒ අවස්‌ථාවේදී විශාල කම්පනයකට පත්ව සිටියා. ඒ නිසා මා දුටුවේ නැහැ පහර දුන් අය කවුද කියා. මාව රෝහලට ගෙන ගිය අය තමයි මට කිව්වේ මාලක සහ රෙහාන් මට පහර දුන් බව. ඒ මතයි මම පැමිණිල්ල කළේ.

මහෙස්‌ත්‍රාත්වරයා - වසර 16 ක්‌ සන්නද්ධ ක්‍රියාන්විතයේ සිටි ඔබ මෙම සිද්ධියෙන් කම්පනයට පත්වුණේ ඇයි?

මේජර්වරයා - ඒ අවස්‌ථාවේදී මට අධික ලේ වහනයක්‌ සිදුවුණා. ක්‍රියාන්විතයේදී මා මෙවැනි කම්පනයකට ලක්‌වී නැහැ.

මහෙස්‌ත්‍රාත්වරයා - ඇයි ඔබ අදාළ දිනයේ එම හෝටලයට ගියේ?

මේජර්වරයා - මත්ද්‍රව්‍ය හා පාතාලය සම්බන්ධ වැටලීම් තමයි මට පැවරී ඇති රාජකාරි. තොරතුරක්‌ ලැබුණා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු එම හෝටලයේ සිටින බවට. ඒ අනුවයි එහි ගියේ.

මහෙස්‌ත්‍රාත්වරයා - පිටවීමේ සටහන් යොදලාද ඔබ එහි ගියේ?

මේජර්වරයා - අදාළ නිලධාරීන් දැනුවත් කරලයි ගියේ.

මහෙස්‌ත්‍රාත්වරයා - තමා අධිකරණයේ කාලය නාස්‌ති නොකර මෙම ප්‍රකාශය මුලින්ම කරන්න තිබුණ නේ. එහෙම නම් විත්තිකරුවන් රිමාන්ඩ් කිරීමට අවශ්‍ය වන්නේත් නැහැනේ.

විත්තියේ නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා - පහරදීම සිදුකර තිබෙන්නේ වෙනත් අය නිසා මෙම නඩුව සමථයකට පත්කරගැනීමේ හැකියාව තිබෙනවා.

අපේ රටේ මිනිස්‌සු බෙහෙවින්ම සංවේදීය. වේදනාවක්‌ ඇති වන විට ඔවුහු පපු කැණති පලාගෙන මැරෙන්නට හිතෙන්නෝය. මේ ලියන මා මෙන්ම කියවන ඔබත් දැන් සිsටින්නේ ඒ ආකාරයේ කම්පනයකිනැයි විශ්වාස කරමි. ඒ මේ කෲර සමාජය සංවේදී පියකුට හා රත්තරං පුතකුට සිදුකර ඇති අසාධාරණයක තරම දරාගත නොහැකිවය.

පියාගේම අරුතින් රත්තරං පුතා හැඩකාරය. පිරුණ තරුණ ජවයෙන් යුතුය. ඒ නිසා රත්තරං පුතාට ඉරිසියා කාරයෝත් වෙති. තරහා කාරයෝත් වෙති. මර්වින් සිල්වා නැමැති ඒ හැඟීම්බර තාත්තාගේ මාලක සිල්වා නැමැති රත්තරං පුතාත්, සිය කල්‍යාණ මිත්‍ර සම්පත වූ, තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිනි භාරතී විෙ-රත්නගේ පුත් රෙහාන් විඡේරත්නත් ඔවුන් බලා කියාගන්නා අප්පුලා පස්‌ දෙනකුත් යම්කිසි පාදඩ කුමන්ත්‍රණකාරයකුගේ කුමන්ත්‍රණයකට හසුව අසරණ වී, ඒ උගුලේ කරවටක්‌ ගිලී රක්‌ෂිත බන්ධනාගාර ගත වුයේය. අනතුරුව සිකුරාදා (21) මේ පැටව් දෙන්නා දැඩි කොන්දේසි මත කොටුව මහෙස්‌ත්‍රාත් කණිෂ්ක විඡේරත්න විසින් මුදාහැරියේය. දැන් මේ වේදනාබර කතාව මුළු රටම දනී. රටම ඉන්නේ සෝකයෙනි. මෙහෙව් දරුවන්ටත් අත්වන ඉරණමේ ස්‌වරූපය මෙය නම් මේ ලෝක ධර්මතාවයේ අසාධාරණකම ගැන විස්‌සෝප වන පුරවැසියන් මේ දිනවල ගත කරන්නේ දරාගත නොහැකි වේදනාවක්‌ සහිත ජීවිතය.

බන්ධනාගාර ගතවීමට මොහොතකට පෙර මෙතෙක්‌ මේ නොදරුවන් ගැන නොදත් සංවේදී කතාවක්‌ ඔවුන් වෙනුවෙන් ඉදිරිපත්වූ ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය අධිකරණයට ඉදිරිපත් කළේය. ඔහුගේ හෙළිදරව්වට අනුව රත්තරං පුතා තරුණ ජවයෙන් යුතු වුවද අංග විකලය. හැඩකාර වුවද නිරන්තරයෙන් රෝගී වන්නේය. ඔහු සමග බන්ධනාගාර ගතවී සිටිනා රෙහාන් විඡේරත්න නැමැති කල්‍යාණ මිත්‍ර සම්පතද උපන්දා සිට අබාධයකින් පෙළෙන්නේය. ඔහුට නින්ද යැමට ශරීරයට යම් උපකරණයක්‌ සවි කළ යුතු බව කියෑවිනි. මුලින් කී පරදි මේ බව උසාවියේදී හෙළිවන්නේ ඔවුන්ගේ ජීවිතයේ මුල් වරටය. විශේෂත්වය වන්නේ ඒ වනතුරු මේ අසරණයෝ තමුන් අංගවිකල බවත්, ලෙඩ්ඩුන් බවත් නොදැන සිටීමය. ඒ නොදැනුවත්කමේ තරම සංවේදී මිනිස්‌සුන්ගේ හදවත් පාරවා තිබුණේය. කෙසේ වෙතත් මේ ළදරුවන් දෙදෙනාම උපන් දා සිට යම් ආබාධ තත්වයකින් පෙළුනා දැයි මෙතෙක්‌ සමාජය තුළ වූ සැකය යම් සාධාරණ තැනකට රැගෙන එන්නට හේමන්ත වර්ණකුලසූරිය ප්‍රමුඛ නීතිඥ පිරිස සමත් වූයේය.

අවසානයේ හේමන්ත වර්ණකුලසූරිය ප්‍රමුඛ නීතිඥ කණ්‌ඩායමේ මේ ඇඟ කිළිපොලා යන හෙළිදරව්වත් සමග මේ රත්තරං කොලු පැටව් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා බන්ධනාගාර රෝහල වෙත පිටත් කර යවන්නේය. අනතුරුව ඔවුqහු එහි සුවෙන් පසුවුහ. මේ නොදරුවන්ගේ චූ කක්‌කා අදින අප්පුලාගේ නවාතැන වූයේ කොළඹ මැගසින් බන්ධනාගාරයේ අයි වාට්‌ටුවේ සාමාන්‍ය අපරාධකාරයන් වෙසෙනා කොටසය. කොහොමත් අප්පුලාට තමන් අප්පුලා බව තේරෙන්නේ මෙවැනි මරාල පාත්වූ විටය.

නොදරුවන්ට එරෙහිව මීට ඉහත දී දියත් වූ කුමන්ත්‍රණ

මුලින් කීවාක්‌ මෙන් මේ සමාජය කෲරය. මර්වින් සිල්වාගේ දේශපාලන ප්‍රභාව මෙන්ම මාලකගේ හුරතලයත්, හැඩකාර කමත්, ද`ගකාර කමත් දරාගත නොහැකිවූ, ඒ නිසාම කුහක කමින් පැළුණු සමහර වනචරයන් විටින් විට ඔවුන්ට එරෙහිව දියත් කළ කුමන්ත්‍රණ වල ඉතිහාසයක්‌ තිබිණි. මුලින්ම මේ දරුවාට එරෙහි කුමන්ත්‍රණය දියත් කරන්නේ පොලිසියේ මත් ද්‍රව්‍ය නාශක අංශය විසිනි. ඒ දෙදාස්‌ හය වසරේ නොවැම්බර් දෙවැනිදාය. කවුදෝ කාලකණ්‌ණියෙක්‌ගේ මාර්ගයෙන් පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය රාත්‍රි සමාජ ශාලාවල මත්ද්‍රව්‍ය අලෙවි කිරීමට මේ දරුවා සම්බන්ධ බව දැනගෙන සිටියේය. ඔහුගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිය හා මානව හිමිකම් උල්ලංඝනය කරමින් රාත්‍රි සමාජ ශාලාවක්‌ වටලා පාර දිගේ කුඩු විකුණන උන් අල්ලන්නට යනවාක්‌ සේ ගිය මෙම පොලිස්‌ නිලධාරීන් පිරිස එදා හොඳ පාඩමක්‌ ඉගෙන ගත්තේය. වැදගත් මිනිස්‌සුන් විෂයෙහි හැසිරිය යුතු ආකාරය ගැන දැනගත්තේය. පොලිස්‌ නිලධාරීහු අම්බානක්‌ කෑහ. කුමන්ත්‍රණය පල දැරුවේ නැත. හොඳ මිනිස්‌සු පසුපස දෙවියන්ද ඇති බව කියෑවෙන්නේ ඒ නිසාය.

අනතුරුව කුමන්ත්‍රණ පැමිණියේ එක පිට එකය. ඊට පසු වසරේ, එනම් 2007 අවුරුද්දේ සැප්තැම්බර් මස බිස්‌ටෝ ලටිනෝ අවන්හලේ දී මේ දරුවාව සිද්ධියකට කොටු කරගැනීමට චමින්ද සේනසිංහ නම් ගණකාධිකාරී වරයෙක්‌ කටයුතු කළේය. කුමන්ත්‍රණය මොනතරම් සූක්‌ෂම වීද යත් තම අතේ වූ ගිනි අවියෙන් ඒ ගණකාධිකාරීවරයාට පහරදීමට එම ගණකාධිකාරීවරයා විසින්ම මාලකව පොළඹවා තිබිණි. හිස්‌ කබල කුඩුවෙන්නට ගිනි අවියේ මිටෙන් ගුටි ඉල්ලාගත් ගණකාධිකාරීවරයා රෝහල්ගත වූයේය. අවසානයේදී එය අත්වැරැද්දක්‌ බව පිළිගන්නට ගණකාධිකාරීවරයාට සිදුවූයේය. සත්‍ය ජය ගත්තේය. කුමන්ත්‍රණය පැරදිනි.

මේ කුමන්ත්‍රණ මාලාවේදී අහිංසක මාලකට දහදුරාම විනාශය කළේ ලංකාවේ මිනිහෙක්‌ නොවේ. විකිලීක්‌ස්‌ වෙබ් අඩවිය කළ ජුලියස්‌ අසැන්ය. එම වෙබ් අඩවියේ රහසිගත කේබල් පණිවුඩයක්‌ 2007 වසරේදී හෙළිකළේ කොළඹ සමාජ ශාලාවල එක්‌ස්‌ටසි නම් මත්ද්‍රව්‍යය් ජාවාරමේ ඒකාධිකාරය ඇත්තේ මේ නොදරුවා අත බවය. මර්වින් සිල්වා මෙවැනි මඩ හමුවේදී උපේක්‌ෂා සහගත වූයේය. මේ රටේ ජනතාව ගැන විශ්වාසය තැබුවේය. ජනතාවත් පෙරළා ඔහු පිළිබඳ විශ්වාසය තැබූහ.

මාලක පුතාත් සැලුණේ නැත. ඔවුහු නොසැලී ජනතාව වෙනුවෙන් සේවය කළහ. රටේ වැදගත්ම කැබිනට්‌ ඇමති ධුරයක්‌ වූ මහජන සම්බන්ධතා අමාත්‍ය ධුරය දරන සිය පියාගේ පුද්ගලික ලේකම්වරයා ලෙස මාලක කටයුතු කරන්නට ගන්නේ මේ මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ චෝදනාවලින් කම්පා නොවෙමිනි. කෙසේ වෙතත් රට වෙනුවෙන් වැඩ කරන මේ දරුවාට වෙනත් රස්‌සාවක්‌ කරන්නට ඉඩ නොලැබිණි. වැඩි දුර යමක්‌ ඉගනගන්නටවත් වෙලාවක්‌ තිබුණේ නැත. මේ එහෙව් කැප කිරීමක්‌ කළ නොදරුවෙකි. ආසාවට මිලදී ගෙන පදින රේන්- රෝවර්, පොෂෙ වැනි ලක්‌ෂ හත් අට සීයක්‌ වටිනා වාහන දෙක තුනටත්, සෙල්ලම් කිරීම සඳහා ලබා ගත් විවිධ වර්ගයේ පිස්‌තෝල වලටත්, දුටු විට නාකියකුටත් ආශාව ඇතිවන ආකාරයේ වෙනත් භාණ්‌ඩත් හැරුණුවිට මේ චාම් කොලුවා වෙනත් දේවලට ආසා කළේ නැත. බුද්ධි අංශ මේජර්වරයෙක්‌ කියනා තැනැත්තෙක්‌ පසුගිය 11 වැනිදා රාත්‍රියේ කොළඹ ජායික්‌ හිල්ටන් හෝටලයේදී තවත් කුමන්ත්‍රණයකට පටලවා ගන්නේ මෙවැනි දරුවෙකි.

මේජර්වරයාගේ කුමන්ත්‍රණය

මේ කුමන්ත්‍රණය මේ වනවිට ඇත්තේ අතේ පත්තුවීය. පසුගිය 9 වැනිදා අලුයම ඔළුව පැලෙන තෙක්‌ තමුන්ට තමුන් විසින්ම අම්බානක්‌ නෙළාගෙන, ගෙලේ තිබුණු රන් මාලය සිය අතින්ම කඩා විසිකර, ජංගම දුරකථනය නැතිකරගෙන, මෝටර් රථයේ යතුර ස`ගවා, අනතුරුව සිය රාජකාරි ගිනි අවිය මාලක අතට දී එය තබා නොගත්තොත් මරණවා යෑයි තර්ජනය කර, මාලකවත් රෙහාන්වත් ගස්‌ යවන්නට ගිය මේජර්වරයා මේ වනවිට ඇත්ත පිළි අරගෙන තිබේ. ඔහු නීතිඥයෙක්‌ මගින් පසුගිය 18 වැනිදා අධිකරණයට දිවුරුම් පෙත්සමක්‌ ඉදිරිපත් කරමින් කියා සිටියේ මාලක තමුන්ට නොගැසූ බවය. සිද්ධිය සමතයකට පත් කරගන්නට තමුන් කැමති බවය. එහෙත් එය සිදුකිරීමට නම් මෙම මේජර්වරයා ලබන 24 වැනිදා අධිකරණයේ පෙනී සිටිය යුතුබව මහේස්‌ත්‍රාත් කණිෂ්ක විෙ-රත්න දන්වා තිබුණේය.

පරහකට තිබුණේ හෙණ ගහන්නා සේ මේ මේජර්වරයා වටකරගෙන නෙළනා ආකාරය සී.සී.ටී.වී දර්ශන වල සටහන්ව තිබීමය. එම දර්ශන පොලිසිය ද දැක තිබීමය. රෝහල්ගතවූ මේජර්වරයා මුලින්ම මාලකත් රෙහානුත් තමුන්ට ගැසූ බව කියා තිබීමය. ඔහු පහර කෑමකට ලක්‌වූ බව වෛද්‍ය පරීක්‌ෂණ වාර්තාවන් මගින් තහවුරු වීමය. මේ සිද්ධිය සැකයකින් තොරව ඒ ආකාරයෙන්ම සිදුව තිබූ බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයා පිළිගෙන තිබීමය. එහෙත් අප පිළිගත යුත්තේ සූක්‌ෂම කුමන්ත්‍රණ වල එවැනි සංකීර්ණ පියවර තිබිය හැකි බවය.

එහෙත් මේ කුමන්ත්‍රණය පිළිබඳ විචක්‌ෂණව විමසීමේදී වටහා ගත නොහැකි බොහෝ දේ පෙනෙන්නට පටන් ගනී. මාලක හා රෙහාන් දරුවන් ජායික්‌ හිල්ටන් හෝටලයට යන්නේ එහි කාමරයක්‌ වෙන් කරගෙන උතුරුමැද පළාත් ඡන්ද ප්‍රතිඵල අසනු රිසිවය. මේජර්වරයා ඔවුන්ට හමුවන්නේ පසුගිය 08 වැනිදා අළුයමය. ඔවුන් එළියට එනවිට හෝටල් රථගාලේය. මාලක ලා මේජර්වරයාගෙන් සිගරට්‌ ඉල්ලන්නේය. ඔහුගෙන් සිගරට්‌ ඉල්ලන්ට මේ දරුවන්ට ශුද්ධ වූ අයිතියක්‌ ඇත. සිගරට්‌ දුන් විට ගින්දර ඉල්ලන්නත් අයිතියක්‌ ඇත. සිගරට්‌ ඇති එකා ල`ග ගින්දර නැතිනම් ඌ මේ රටේ තියන්නට නොවටිනා එකෙකි. ගින්දර නැතිව සිගරට්‌ ල`ග තබාගත් මේජර්වරයාට මේ දරුවන් විසින් අම්බානක්‌ නෙළුවත් සාධාරණ වන්නේ එබැවිනි. එවිට එය දෙව්න්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්‌වා කොලුකාර දරු පැටවුන් අතර (මිතුරන් අතරේ) ඇතිවන සාමාන්‍ය ගැටුමකි.

කෙසේ වෙතත් මේ ගැටුම ඇත්තටම සිදු නොවූ බවට සාධක බොහෝය. සන්නද්ධ හමුදා බුද්ධි අංශයේ බස්‌නාහිර පළාත් අණදෙන නිලධාරී මේජර්වරයා සැබෑ ලෙසම මදාවියකුගෙන් පහර කෑවේ නම් මෙලහට හැම තැනම සුදු කොඩිය. සංගීත සන්දර්ශනයකදී බීමත් හමුදා සෙබළකුගේ ඇ‍ෙග් හැපුනත් අපේ රටේ මිනිස්‌සුන්ට වන්නේ ගෙවල් දොරවල් කුඩු කරගන්නටය. ගම් පිටින් පෝරියල් කන්නටය.

එහෙව් රටක සන්නද්ධ හමුදා බුද්ධි අංශ ප්‍රධානියෙක්‌ මදාවියකුගෙන් අම්බානක්‌ ගුටි කා ඔහුගේ රාජකාරි ගිනි අවියත් උදුරා ගත්තා යෑයි කියන සිද්ධියක්‌, තමුන් විසින්ම සිය කැමැත්තෙන් ගස්‌ බැඳගත් මාකොල සමෘද්ධි නිලධාරියාගේ සිද්ධිය සේ අවසන් වීම මිනිසුන්ගේ බලාපොරොත්තු සුන් කරන්නේය. එබැවින් ඔළු කටු කුඩු කරගෙන තමුන් ගුටි කෑවේ නැතැයි මේජර්වරයෙක්‌ කියනා මේ විලිලඡ්ජා නැති කතා අසනවාට වඩා මෙවැනි සිද්ධියක්‌ සිදු නොවුණ බවට පිළිගැනීමට අපත් කැමතිය. මන්ද යත් හමුදා නිල ඇ`දුමට උඩින් ජංගි ඇන්දවීම රටේ කිසිවෙක්‌ ප්‍රාර්ථනා කරන්නේ නැති නිසාය.

මේ ගැටුම ඇති නොවුණ බවට වන අනෙක්‌ ප්‍රධානම සාධකය පොලිසියේ හැසිරීමෙන් පෙනේ. පොලිස්‌ කණ්‌ඩායම් දෙකක්‌ මාලකව අත්අඩංගුවට ගැනීමට යෙදවූ බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ කීවත් මේ සිද්ධිය ඇත්තටම සිදු නොවූවක්‌ බව පොලිසිය දැන සිටියේය.

එසේ සිදුවීනම් කටුගේ හොරා අත්අඩංගුවට ගත්තාක්‌ මෙන් ඔවුන් පැය විසි හතරක්‌ යනවිට මාලක අත්අඩංගුවට ගන්නේය. එමෙන්ම වරදක්‌ කළා නම් පොලිසියේ දෙදහසකට ආසන්න ප්‍රමාණයක්‌ ඩියුටි දමා තිබූ කැලණියේ ධාතු වන්දනාවට පසුගිය 11 වැනිදා පැමිණෙන්නට මාලක බය වන්නේය. වරදක්‌ කර තිබුණා නම් ඔහුට ධාතු වැඳ යහතින් යන්නට අපේ පොලිසියත් ඉඩ දෙන්නේ නැත. කැබිනට්‌ ප්‍රකාශක කෙහෙළිය රඹුක්‌වැල්ල විසින් කියන ලද ආකාරයට ධාතු වන්දනාවේදී යමෙක්‌ අත්අඩංගුවට ගත්තේ නම් එය ධාතූන් වහන්සේලාට කරන අගෞරවයක්‌ වුවද අපරාධකාරයෙක්‌ හෝ හොරෙක්‌ විෂයෙහි අපේ පොලිසිය අනුගමනය කරනා Rජු පිළිවෙතට ඒ ධර්ම පාට්‌ වලංගු නොවන බව ඔප්පු කරනා ඉතිහාසයක්‌ තිබේ. ඒ අනුවද මේ සිද්ධිය සිදුවී නැත.

අනෙක මාලකම කියනා පරිදි පොලිසියට ඕනෑ නම් ඔහුව අත්අඩංගුවට ගන්නට හැකියාව තිබිණි. සිද්ධියට පසුදින (09 දා) මාලකගේ රියෑදුරු ගිනි අවිය රැගෙන පොලිසියට ගිය විට ඒ රියෑදුරුව අත්අඩංගුවට ගතයුතුව තිබිණි. පොලිසිය එසේ ඔවුන් අත්අඩංගුවට නොගන්නේ එවැනි සිද්ධියක්‌ නොවූ නිසාය.

පසුදා එනම් 17 වැනිදා උදෑසන කොම්පඤ්ඤවීදිය පොලිසිය වෙත, පොලිසියේ ඉල්ලීමක්‌ පිට යන්නට තමන් සූදානම් වන බවත්, මේ වනවිටත් තමන් ගමනක්‌ යමින් සිටින බවත් කියන මාලක පොලිසියට යන්නේ ඊට පෙර දින, එනම් 16 දා පුවත්පතකට ඉන්ටර්විව් එකක්‌ දීමෙන් අනතුරුවය. අපේ රටේ අපරාධකරුවකුට මෙහෙම නිදැල්ලේ හැසිරෙන්නට බැරිය. අයුක්‌තිය අසාධාරණය දෑසට පෙන්වන්ට බැරි බස්‌නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්‌පති හිටපු ගුවන්විදුලි ගායක අනුර සේනානායක වැනි නිලධාරීන් සමග අපරාධකාරයන්ට සෙල්ලම් කළ නොහැකිය. (හොදම ආසන්න උදාහරණය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්‌ඩලයේ කැදවුම් කාර සංජීව බණ්‌ඩාර පසුගිය 19 දා අත්අඩංගුවට ගත් ආකාරය ය. ඒ අපරාධකරුවා තාමත් රිමාන්ඩ් එකේය.)

එබැවින් අප තේරුම් ගත යුත්තේ මෙවැනි සිද්ධියක්‌ සිදුවී නැති බවය. එබැවින් එවැනි සිදුවීමක්‌ මුල් කරගෙන නඩුවක්‌ නැති බවය. එහෙත් මේ නොදරුවන් විෂයෙහි මීට පසුත් කුමන්ත්‍රණ දියත් වන්නට හැකි අවදානමක්‌ ඇති බව පුරවැසියන් වශයෙන් අප පිළිගත යුතුය. උදාහරණ ලෙස ඔබේ සුතනඹුව හෝ දියණිය ගත හැකිය.

ඔවුන් මගතොටේ දී දැක්‌මෙන් වුවද මේ දරුවන්ගේ ළපටි හිත්වල හැ`ගීම් පාරනවා නම් ඔවුන්ට තම මානව හිමිකම් භාවිත කරමින් එම කාන්තාවන් රැගෙන යා හැකිය. අනතුරුව මේ නොදරුවන්ගේ ළපටි හැ`ගීම් වලට තමන් ආශක්‌ත වූ බවත් මහත් වූ කැමැත්තෙන් ඔවුන් හා යහන්ගත වීමට සිදුවූ බවත් ඒ කාන්තාවන්ට කියන්නට සිදුවනු ඇත. එය හැඩකාර කොල්ලෙක්‌ හා විසේකාර කෙල්ලෙක්‌ හෝ ගැහැනියක්‌ අතර දෙව්න්දර තුඩුවේ සිට පේදුරු තුඩුව තෙක්‌ සිදුවන මානුෂීය සම්බන්ධයක්‌ සේ හැ`ගීම්බර වූත් මානුෂීය වූත් විවරණයක්‌ ලැබෙනු ඇත. එවිට එවැනි සිද්ධීන් වාර්තා වන්නේ සිදු නොවුණ සිද්ධීන් ලෙසය. ඔබට සිදුවන්නේ ඒ සිදුනොවූ සිදුවීම් දෙස බලා සිටීමටය.

මේ අප වැපිරූ දෙයින් උපදිනා සාර අස්‌වැන්නය. මර්වින් සිල්වා බලහත්කාරයෙන් පාර්ලිමේන්තුවට ගියේ නැත. ඔහුව තෝරා යෑව්වේ අපය. ඔහු තෝරා ගැනීම තුළ අප ඔහුව පමණක්‌ නොව ඔහුගේ නොදරුවාගේ ද`ගකාර කම් ද ඉවසීම සඳහා සම්මුතියකට පැමිණ තිබේ. දැන් අපට කරන්නට ඉතිරි වී ඇත්තේ එක්‌දෙයකි. එනම් ජිම්නාස්‌ටික්‌ ඉගෙන ගැනීමය.

ඒ අපේ දෙපරංශය අස්‌සෙන් අපේ හිස ඔබා අපේම පස්‌ස අපම විකා ගැනීම සඳහාය.

දිවයින පුවත් පත අනුග්‍රයෙනි
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=949070082

Malika1990

Malika1990
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

සම්පුර්ණ කතාව කියවලා හිනා වෙන කට්ටිය හිනා වෙන්න අඩන අය අඩන්න

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics

මෙම කතාව මෙම ෆෝරම් එකට අදාල නැති උනත් එක කරුණක් කීම සඳහා ලිවීමට සිදුවේ.
ඒ මක්නිසාද යත් කිසිම කෙනෙක් මෙය සඳහන් කර නොතිබුන බැවිනි.
මේ පොලිසියේ ක්‍රියාකාරිත්වය හෝ වෙනත් අයගේ වැඩ ගැන නොවේ.

බුද්ධි නිලධාරියා ගැනය.
බුද්ධි අංශයේ කෙනෙක් කවදාවත් තමන් අහවල යයි කැගහන්නේ නැත.
ඔවුන් සල්ලාල යන අතර, පාතාල යන අතර, හිගන්නන් අතර ජිවත් වෙති.

ගල්කිසේ දී හිඟන නඩයකින් හොඳටම ගුටි කෑ බුද්ධි නිලදරුවෙකු මම දනිමි.
තම බල ප්‍රදේශයට පැමිණි මෙම අලුත් හිඟන්නට වරක් අසුචි වලින් පහර දෙන්නට එහි බලවත් හිගන්නා සැහැසි විය.
ඔහු මාද්‍යයට මෙය කියා කගහුවේ වත් ප්‍රති ප්‍රහාර දෙන්නට ගියේ වත් නැත. ඔහු මාස ගානක් ඒ සමාජයේ සෑම පිළිකුල් දෙයක්ම විඳ ගනිමින් ගඳ ගහන සිඟන මිනිසුන් ගැහැනුන් සමග බෝක්කු අස්සේ නිදා ගත්තේය. මේ කාලය තුල කොටි බෝම්බ රාශියකින් ජනතාව බේරා ගන්නට ද බෝම්බ කරුවන් රාශියකට වැඩේ දෙන්නද එතුමාට හැකිවිය.

සමහර රටවල බුද්ධි කාන්තාවන් ට සතුරන් සමග ලිංගිකව පවා හැසිරීමට සුදුවේ. අපේ කොටි ගැණුද මෙය යහමින් පාවිච්චි කළා .

මගේ වැටහීම අනුව මෙම මේජර් වරයා මෙම "අවලන් පුතුන්" සමග පැටලීමට යාමම ඔහුගේ රාජකාරි අතපසු වීමකි.
සිගරට් ඉල්ලුවානම් දෙකට නැවී මෝඩයෙකු සේ දෙන්නට සිදුවේ . නියම බුද්ධියක් ඇති බුද්ධි නිලදරුවෙකුට එය ඉතා සුළු දෙයකි. . ( රාජකාරි ස්වභාවය අනුව) සතුරන් ගේ දෙපා දෝවනය කරන , ගෘහ වැඩකාරයන් සේ ඕනෑම වැඩක් කිරීම නියම බුද්ධු නිලධාරියෙකුට සුළු දෙයකි. ඇත්තටම සිගරට් ඉල්ලන මට්ටමට ලං වුව නම් එය ඉතා සුක්ෂම ලෙස පාවිච්චි කළ යුතුව තිබුණි. බුද්ධි අංශයක කෙනෙක් මෙවැනි අවස්ථාවක් ලැබීම වාසනාවක් සේ දකිති.

ඔයිට වඩා දරුණු ලෙස පාතාල යන්ගෙන් පමණක් නොව අපේ ගොන් පොලිසියෙන්ම පහර කෑ හමුදා බුද්ධි නිලදාරීන් සිටියහ. තමන් ගැහුවේ ඉහල නිලදරුවෙකුට කියා අදත් සමහරුන් දන්නේ නැත. ඒ එම බුද්ධි නිලධාරින්ගේ සුක්ෂම රාජකාරි කැපවීමය.

මොහු ගේ මෙම සිද්ධියේ පෙර හා පසු ක්‍රියා වල නොකියූ යමක් තිබෙන බව පැහැදිලියි.
එය දැන් හෝ වසා ගන්නට මේ ගුටි නොකෑ කතාව කිරීමට සිදුවේ.
එය ඔහුගේ වරදක් හෝ රටේ ආරක්ෂාවට බලපාන ඉතා වැදගත් රාජකාරි රහසක් හෝ මෙහි නොලිවිය යුතු අපට වැටහෙන දෙයක් හෝ විය හැක.

කාටවත් බයේ හමුදාව විසින් මේ ඉල්ලා අස්වීම කරවා ජංගි අන්දනවා යයි කීම මොන්ටිසෝරි මට්ටමේ කතාවකි.
ඉහත ලිපිය ලියු ජනක ලියනාරච්චි මොන්ටිසෝරි යන ළමයෙක්ද නැත්නම් ලොකු මිනිහෙක්ද මම නොදනිමි.

Malika1990

Malika1990
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

Chinwi wrote:මෙම කතාව මෙම ෆෝරම් එකට අදාල නැති උනත් එක කරුණක් කීම සඳහා ලිවීමට සිදුවේ.
ඒ මක්නිසාද යත් කිසිම කෙනෙක් මෙය සඳහන් කර නොතිබුන බැවිනි.
මේ පොලිසියේ ක්‍රියාකාරිත්වය හෝ වෙනත් අයගේ වැඩ ගැන නොවේ.

බුද්ධි නිලධාරියා ගැනය.
බුද්ධි අංශයේ කෙනෙක් කවදාවත් තමන් අහවල යයි කැගහන්නේ නැත.
ඔවුන් සල්ලාල යන අතර, පාතාල යන අතර, හිගන්නන් අතර ජිවත් වෙති.

ගල්කිසේ දී හිඟන නඩයකින් හොඳටම ගුටි කෑ බුද්ධි නිලදරුවෙකු මම දනිමි.
තම බල ප්‍රදේශයට පැමිණි මෙම අලුත් හිඟන්නට වරක් අසුචි වලින් පහර දෙන්නට එහි බලවත් හිගන්නා සැහැසි විය.
ඔහු මාද්‍යයට මෙය කියා කගහුවේ වත් ප්‍රති ප්‍රහාර දෙන්නට ගියේ වත් නැත. ඔහු මාස ගානක් ඒ සමාජයේ සෑම පිළිකුල් දෙයක්ම විඳ ගනිමින් ගඳ ගහන සිඟන මිනිසුන් ගැහැනුන් සමග බෝක්කු අස්සේ නිදා ගත්තේය. මේ කාලය තුල කොටි බෝම්බ රාශියකින් ජනතාව බේරා ගන්නට ද බෝම්බ කරුවන් රාශියකට වැඩේ දෙන්නද එතුමාට හැකිවිය.

සමහර රටවල බුද්ධි කාන්තාවන් ට සතුරන් සමග ලිංගිකව පවා හැසිරීමට සුදුවේ. අපේ කොටි ගැණුද මෙය යහමින් පාවිච්චි කළා .

මගේ වැටහීම අනුව මෙම මේජර් වරයා මෙම "අවලන් පුතුන්" සමග පැටලීමට යාමම ඔහුගේ රාජකාරි අතපසු වීමකි.
සිගරට් ඉල්ලුවානම් දෙකට නැවී මෝඩයෙකු සේ දෙන්නට සිදුවේ . නියම බුද්ධියක් ඇති බුද්ධි නිලදරුවෙකුට එය ඉතා සුළු දෙයකි. . ( රාජකාරි ස්වභාවය අනුව) සතුරන් ගේ දෙපා දෝවනය කරන , ගෘහ වැඩකාරයන් සේ ඕනෑම වැඩක් කිරීම නියම බුද්ධු නිලධාරියෙකුට සුළු දෙයකි. ඇත්තටම සිගරට් ඉල්ලන මට්ටමට ලං වුව නම් එය ඉතා සුක්ෂම ලෙස පාවිච්චි කළ යුතුව තිබුණි. බුද්ධි අංශයක කෙනෙක් මෙවැනි අවස්ථාවක් ලැබීම වාසනාවක් සේ දකිති.

ඔයිට වඩා දරුණු ලෙස පාතාල යන්ගෙන් පමණක් නොව අපේ ගොන් පොලිසියෙන්ම පහර කෑ හමුදා බුද්ධි නිලදාරීන් සිටියහ. තමන් ගැහුවේ ඉහල නිලදරුවෙකුට කියා අදත් සමහරුන් දන්නේ නැත. ඒ එම බුද්ධි නිලධාරින්ගේ සුක්ෂම රාජකාරි කැපවීමය.

මොහු ගේ මෙම සිද්ධියේ පෙර හා පසු ක්‍රියා වල නොකියූ යමක් තිබෙන බව පැහැදිලියි.
එය දැන් හෝ වසා ගන්නට මේ ගුටි නොකෑ කතාව කිරීමට සිදුවේ.
එය ඔහුගේ වරදක් හෝ රටේ ආරක්ෂාවට බලපාන ඉතා වැදගත් රාජකාරි රහසක් හෝ මෙහි නොලිවිය යුතු අපට වැටහෙන දෙයක් හෝ විය හැක.

කාටවත් බයේ හමුදාව විසින් මේ ඉල්ලා අස්වීම කරවා ජංගි අන්දනවා යයි කීම මොන්ටිසෝරි මට්ටමේ කතාවකි.
ඉහත ලිපිය ලියු ජනක ලියනාරච්චි මොන්ටිසෝරි යන ළමයෙක්ද නැත්නම් ලොකු මිනිහෙක්ද මම නොදනිමි.


මෙම සිදුවීමේදී ඔහු යම් රාජකාරි කටයුත්තක් සදහා ගියේ නම් එය පහසුවෙන් වසන් කිරීමට බුද්ධි අංශයට හැකිය. නමුත් මෙහිදී වසන් කොට ඇත්තේ අමාත්‍ය පුතුන් කල ක්‍රියාවයි

UKboy

UKboy
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ

http://www.dailymirror.lk/top-story/22157-court-of-inquiry-finds-major-guilty.html

Whitebull


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

I think this is totally unrelated thing to discuss and totally useless thing to highlight.

Malika1990

Malika1990
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

Stock Market Entertainment
Entertainment of any sort to rejuvenate our members, readers and investors. Sri Lankan's love cricket, music, poems/kawi, party, cooking and many other things. This section is to make us happy and relax after a hard days work!!

Whitebull this is not useless thing.
මේ අප වැපිරූ දෙයින් උපදිනා සාර අස්‌වැන්නය. මර්වින් සිල්වා බලහත්කාරයෙන් පාර්ලිමේන්තුවට ගියේ නැත. ඔහුව තෝරා යෑව්වේ අපය. ඔහු තෝරා ගැනීම තුළ අප ඔහුව පමණක්‌ නොව ඔහුගේ නොදරුවාගේ ද`ගකාර කම් ද ඉවසීම සඳහා සම්මුතියකට පැමිණ තිබේ.

we should keep this into our memory at least till next election

freebird


Manager - Equity Analytics
Manager - Equity Analytics

malika you are correct....

these things are not to be discussed or commented by us. send it to relavent places. come to discuss about the content of he forum. this is popular because those ppl are popular. there are things that can even not be counted serious rather than that. they all have happened to the innocent.
one day the truth wins. nature has decided all the things. it can do the things rather than we do , like demeaning , commenting , moulding ,leading them to carrect path. teacher can make or mar a child but adult. so let the nature do his duty.

Sponsored content



Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum