කොටස් තැරැව්කාර සමාගම්වල ණය ආන්තිකයන් ලිහිල් කිරීමටත් තැරැව්කාර සමාගම්වල අධ්‍යක්ෂ වරුන්, සේවකයින් මෙන්ම සේවකයින්ගේ බිරින්දෑවරුන් හා ස්වාමිපුරුෂයින් මිලදී ගත් කොටස් මාස හයක් යනතුරු විකිණිය නොහැකි බවට පනවා තිබූ තහනම ඉවත් කිරීමටත් සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාව කටයුතු කරයි.
මේ අනුව, විනිමය කොමිසම පවසා තිබෙන්නේ මෙම ලිහිල් කිරීමෙන් පසුව තැරැව්කාර සමාගමකට සිය ශුද්ධ ප්‍රාග්ධනය (ස්ථාවර වත්කම්වල වටිනාකමින් සියයට 50 ක් අඩුකළ පසුව) මෙන් තුන් ගුණයක් දක්වා ශුද්ධ ප්‍රාග්ධනයෙක් ණය අඩු නොකර ගනුදෙනු කරුවන්ට කොටස් මිලදී ගැනීම සඳහා ණය ලබාදිය හැකි බවයි.
එසේම, වෙළඳ පොළින් පිට ගනුදෙනු සඳහා පනවා තිබූ සියයට 20 ක ඉහළ සීමාවද නියාමකයා විසින් මෙහිදී ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ ප්‍රධානියාව සිටි තිලක් කරුණාරත්න මහතා තමාට බලපෑම් එල්ලවූ බව පවසමින් අදාළ තනතුරින් පසුගියදා ඉවත් වූ අතර පසුව ඒ සඳහා පත් කෙරුණේ ආචාර්ය නාලක ගොඩහේවා මහතායි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1457236851