ආර්ථික අර්බුදයන්ට ලක්ව තිබෙන රටවල රජයන් විසින් එය විසඳීමට ගන්නා ප්‍රතිපත්තිවල විශ්වසනීයත්වය අඩුවීම හේතුවෙන් ගෝලීය ආර්ථිකය යථාතත්ත්වයට පත්වීම දුර්වල වී ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කරයි.
මේ අනුව, 2013 වසරේදී ගෝලීය ආර්ථිකය සියයට 3.9 කින් වර්ධනය වනු ඇතැයි මූල්‍ය අරමුදල කර තිබූ පුරෝකතනය සියයට 3.6 ක් දක්වා අඩුකර තිබේ.
මෙහිදී, වඩාත් පහළ දමා තිබෙන්නේ එංගලන්තයේ ආර්ථික වර්ධන ඉලක්ක වන අතර මේ වසරේදී එරට ආර්ථික වර්ධනය සියයට 0.4 කින් පහළ බසිනු ඇතැයි පුරෝකතනය කර ඇත.
එනම්, ලබන වසරේදී එංගලන්ත ආර්ථිකය සියයට 1.1 කින් පමණ වර්ධනය වනු ඇතැයි මූල්‍ය අරමුදල පවසා තිබෙන අතර මීට පෙර පවසා තිබුණේ සියයට 1.4 කින් වර්ධනය වනු ඇති බවයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1542992512