ණය ගැනීමේදී රජය විසින් චීනය මත යැපෙන බවට හැඟීමක් ඇති වෙමින් තිබුණද මෙරට ණය කළඹ හොඳින් විවිධාංගීකරණය වී ඇතැයි භාණ්ඩාගාර ලේකම්වරයා කියයි.
කොළඹ පැවති දේශනයකදී අදහස් දක්වමින් භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මෙසේ සඳහන් කළේය.
“සංවර්ධන කටයුතු සඳහා අපි චීනය මත පමණක් රඳා පවතිනවා යැයි හැඟීමක් ඇතිවී තිබුණත් මෙරට ණය කළඹ හොඳින් විවිධාංගීකරණය වී තිබෙනවා.“
දෙවන ලෝක යුද්ධයෙන් පසුව මෙරටට වැඩියෙන්ම ණය ලබාදුන් රට වන ජපානය ආසන්නයට පැමිණෙමින් පසුගිය පස් වසර තුළ ලංකාව චීනයෙන් අති විශාල ණය ප්‍රමාණයක් ගෙන තිබේ.
මීට අමතරව, 2009 ඇතිවූ ගෙවුම් ශේෂ අර්බුදයෙන් මිදීමට ලංකාවට ඩොලර් බිලියන 2.5 ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකමක්ද ලැබුණි.
“මූල්‍ය අරමුදල සමග කටයුතු කිරීමට රජයට මතවාදී ප්‍රශ්න තිබුණේ නෑ.“
යනුවෙන් මෙහිදී ජයසුන්දර මහතා වැඩිදුරටත් කීය.
මේ වනවිට, ඉන්දියාව, එංගලන්තය, ජපානය, ප්‍රංශය, ජර්මනිය, ඇමරිකාව, කුවේට්, සවුදි ආරාබිය, වැනි රට වලින් ලංකාවට වෙනදා වඩා ණය ලැබෙමින් තිබෙන බව හෙතෙම මෙහිදී පෙන්වා දුන්නේය.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1454305266