FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post

Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

 
 
 

View results

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » DAILY CHRONICLE™ » දිනෙන් දින ඉහළ යන රාජ්‍ය ණය

දිනෙන් දින ඉහළ යන රාජ්‍ය ණය

2 posters

Go down  Message [Page 1 of 1]

Malika1990

Malika1990
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
අපට ලැබෙන ආදායමට වඩා අපේ වියදම වැඩි වුවහොත් සිදුවන්නේ කුමක්‌ද? ඉතාම සරල පිළිතුර නම් එහිදී අපට ණය වීමට සිදු වන බවයි. පුද්ගලයෙකුට මෙන්ම රටකටත් ආදායමට වඩා වියදම වැඩි වුවහොත් සිදුවන්නේ ණය වීමටය. ණය නොවී සිටීමට හැකි නම් වඩාත් හොඳම දෙය එයයි. ණය නොවීම සැපයක්‌ බව බුදුරජාණන් වහන්සේද ප්‍රකාශ කර ඇත.

එහෙත් කිසිසේත්ම ණය නොවිය යුතු බවක්‌ උන්වහන්සේ ප්‍රකාශ කර නැත. ණය නොවී සිටිය හැකි නම් එය වඩාත් හොඳම දෙය වුව ද, ප්‍රායෝගිකව පුද්ගලයෙකුට මෙන්ම රටකටද ණය ගැනීමට සිදු වේ. අවම පිරිවැයකට ණය ලබාගෙන, ණය අවශ්‍යතා ඉටු කර ගන්නා අතරම නිසි කාලයේදී එම ණය පියවා, පෙර සිටි තත්ත්වයටත් වඩා ඉහළ තත්ත්වයකට අපට ගමන් කළ හැකි නම් වඩාත් වැදගත්ම දෙය එයයි. රටක්‌ සම්බන්ධයෙන් ගත් විට මේ සඳහා හොඳ රාජ්‍ය ණය කළමනාකරණයක්‌ අත්‍යවශ්‍ය වේ. මේ රාජ්‍ය ණය කළමනාකරණය නම් වූ භාරදූර වගකීම පැවරී ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවටය. මේ වගකීම ඉටු කළ ආකාරය පිළිබඳ විස්‌තර ඇතුළත් වාර්තාවක්‌ මහ බැංකුව විසින් සෑම වසරකම නිකුත් කරනු ලබයි. 2011 වසරට අදාළ එකී වාර්තාව පසුගියදා මහ බැංකුව විසින් නිකුත් කළ අතර මේ ලිපියෙන්a අපගේ අවධානය යොමු වන්නේ ඒ ගැනයි.

ආදායමට වඩා වියදම වැඩි නම් එහිදී අපට ණය වීමට සිදුවන බව මේ ලිපිය ආරම්භයේදීම අපි සඳහන් කළෙමු. ආදායමට වඩා වියදම වැඩි තත්ත්වය අප හඳුන්වන්නේ අයවැය හිඟයක්‌ ලෙසය. එසේ නම් රටකට ණය වීමට සිදුවන්නේ අයවැය හිඟය පියවා ගැනීම සඳහාය. අයවැය හිඟය වැඩි නම් වැඩියෙන් ණය වීමටත් අයවැය හිඟය අඩු නම් අඩුවෙන් ණය වීමටත් රජයකට සිදුවේ. ආර්ථික වර්ධනයත් සමඟ පසුගිය වසරවලදී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස මුළු රාජ්‍ය ණය ප්‍රමාණය අඩුවී තිබුණත් මුදල් වටිනාකම අනුව අපගේ රාජ්‍ය ණය ප්‍රමාණය දිගින් දිගටම සැලකිය යුතු ලෙස ඉහළ ගොස්‌ තිබේ. 2006 වසර අවසානයේදී පැවැති මුළු රාජ්‍ය ප්‍රමාණය රු. ටිලියන 2.5 (රු. බිලියන 2582.6) ක්‌ පමණ විය. එය ඉකුත් 2011 වසර අවසානයේදී රු. ටි්‍රලියන 5.1 (රු. ටි්‍රලියන 5133.3) ක්‌ දක්‌වා දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් වර්ධනය වී තිබේ. මෙම රු. ටිලියන 5.1 න් රු. ටි්‍රලියන 2.8 ක්‌ දේශීය ණය ද, රු. ටි්‍රලියන 2.3 ක්‌ විදේශීය ණය ද වේ. 2006 වසරේ පැවැති මුළු රාජ්‍ය ණය ප්‍රමාණය ඉහත කී සංඛ්‍යාලේඛන අනුව, ගිය වර්ෂය (2011) වනවිට සියයට 98.76 කින් පමණ ඉහළ ගොස්‌ ඇත. එනම් ඉතාම සරලව කියන්නේ නම් අපගේ රාජ්‍ය ණය ප්‍රමාණය පසුගිය වසර 5 දී සියයට 100 කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස්‌ ඇති බවයි.

රාජ්‍ය ණය ප්‍රමාණය ඉහළ ගොස්‌ ඇති ආකාරය මුදල් වටිනාකම් අනුව අපට එසේ ප්‍රකාශ කළ හැකි වුවද රටක රාජ්‍ය ණය බර මනිනුයේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ වශයෙනි. මේ සමග ඇති වගුවේ සඳහන් පරිදි 2006 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස අපගේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය සියයට 87.89 ක්‌ වූ අතර 2008 වසරේදී එම අගය සියයට 81.37 දක්‌වා අඩුවී, 2009 වසරේදී යළි සියයට 86.25 දක්‌වා ඉහළ ගොස්‌ ඇත. 2010 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස රාජ්‍ය ණය ප්‍රමාණය යළිත් සියයට 81.93 දක්‌වා පහත වැටුණි. 2011 වසර අගදී මෙම ප්‍රතිශතය සියයට 78.46 ක්‌ දක්‌වා තවදුරටත් අඩුවී ඇත. (වගුව බලන්න). මුදල් වටිනාකම අනුව රාජ්‍ය ණය ප්‍රමාණය දිගින් දිගටම වර්ධනය වෙද්දී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස රාජ්‍ය ණය අඩුවීම සිදුව තිබේ. මෙය සිදුව ඇත්තේ රටේ ණය ගැනීම් ඉහළ යැමට සාපේක්‍ෂව රටේ නිෂ්පාදනය (නාමික දළ දේශීය නිෂ්පාදිතය) ඉහළ යැම වඩා වැඩි අගයක්‌ ගැනීම නිසාය. එහෙත් 2009 දී මේ ප්‍රතිශතය 81.37 සිට 86.25 දක්‌වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස්‌ තිබේ. මෙයට හේතුව කුමක්‌ද? ණය ගැනීම් ප්‍රමාණය ඉහළ යැමට වඩා රටේ නිෂ්පාදනය වර්ධනය වීමේ වේගය අඩුවීම මෙයට හේතු විය. 2008 වසරේදී වාර්තා වූ සියයට 6 ක ආර්ථික වර්ධන වේගය 2009 වසරේදී සියයට 3.5 දක්‌වා පහත වැටුණු බව අපි දනිමු.

මේ නිසා රටේ ආර්ථික ක්‍රියාකාරීත්වය අඩුවන විට රටේ ණය බර ඉහළ යැමේ අවදානමක්‌ ඇති වේ. මේ වසරේ (2012) දී ද අපගේ ආර්ථික වර්ධන වේගය පහත වැටෙනු ඇතැයි ඇස්‌තමේන්තු කර ඇත. මුලින්ම ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේ මේ වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 8 කින් වර්ධනය වනු ඇති බවයි. පසුව 2011 වසරේ මහ බැංකු වාර්තාවෙන් කීවේ ආර්ථික වර්ධනය සියයට 7.2 ක්‌ දක්‌වා අඩුවනු ඇති බවයි. එහෙත් මේ ඇස්‌තමේන්තුව, මේ වනවිට තවදුරටත් පහත දමා ඇත. ඒ අනුව දැන් පැවසෙන්නේ සියයට 7 ටත් වඩා මේ වසරේ ආර්ථික වර්ධනය පහත වැටෙනු ඇති බවයි. එනම් එය සියයට 6.5 - 7 ත් අතර අගයකට සීමා වනු ඇතැයි නවතම පුරෝකථනවලින් පැවසෙයි. මෙය දළ දේශිය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස රාජ්‍ය ණය ප්‍රමාණයටද 2009 වසරේදී මෙන් බලපෑමක්‌ ඇති කිරීමට ඉඩ ඇත. කවරක්‌ නමුත් රජය ඉලක්‌ක කර ඇත්තේ වර්ෂ 2016 වනවිට මුළු රාජ්‍ය ණය ප්‍රමාණය සියයට 60 දක්‌වා ක්‍රමානුකූළව අඩුකර ගැනීමටය.

මේ කියන පරිදි රාජ්‍ය ණය අඩුකර ගැනීsමට නම් රටේ අයවැය හිඟය ද අඩු විය යුතු වේ. 2011 වසරේ දී සියයට 6.9 ක්‌ වූ අයවැය හිඟය මේ වසරේ (2012) දී සියයට 6.2 ක්‌ දක්‌වා අඩුවනු ඇතැයි රජය ඇස්‌තමේන්තු කර ඇත. රාජ්‍ය ණය අඩුවනු ඇතැයි මහ බැංකුව ඉලක්‌ක කර ඇත්තේ සමස්‌ත අයවැය හිඟය ද ක්‍රමානුකූලව අඩුවීම ඉලක්‌ක කර ගනිමිනි. එහෙත් මේ වසරේ (2012) මුල් මාස හතරේදී සමස්‌ත අයවැය හිඟය රු. බිලියන 285.8 ක්‌ දක්‌වා දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස සියයට 3.8 ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ ඇත. 2011 වසරේ පළමු මාස හතරේ අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස සියයට 2.7 ක්‌ විය. අයවැය හිඟය ඉහළ යැම ගැන මුදල් අමාත්‍යාංශය නිකුත් කළ වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවේ (2012) මෙසේ සඳහන් වේ.

"ආදායම් ලැබීමේ ප්‍රමාදයන් සහ සාමාන්‍ය කාලයට පෙර යෙදුණු වියදම් හේතුවෙන් මුල් මාස හතර තුළ මෙවැනි ප්‍රතිඵලයක්‌ පිළිබිඹු කළ ද වසරේ දෙවැනි භාගය තුළ ආදායම් වැඩිවනු ඇතැයි සහ වියදම් සීමා වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. එබැවින් සමස්‌තයක්‌ ලෙස වරෂය තුළ රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරකම් සාමාන්‍ය තත්ත්වයට පත්වී අයවැය හිඟය අපේක්‍ෂිත ඉලක්‌කය වන ද. දේ. නියෙන් සියයට 6.2 ක මට්‌ටමේ පවත්වාගත හැකිවනු ඇතැයි අපේක්‍ෂා කෙරේ."

මුදල් අමාත්‍යාංශය පවසන පරිදි වසරේ දෙවැනි භාගයේදී රාජ්‍ය මූල්‍ය තත්ත්වයන් යථා තත්ත්වයට පත් වේ නම් හොඳය. කවරක්‌ නමුත් අපේ අයවැය හිඟය පවතින්නේ තවමත් සාපේක්‍ෂව ඉහළ මට්‌ටමකය. මෙය සියයට 5 කට වඩා අඩු මට්‌ටමකට පත් කරගෙන රජයේ ආදායම් ඉහළ නංවා ගත හැකි නම් රාජ්‍ය ණය ගැනීම් සීමා කර ගැනීමට හැකි වේ. විශාල අයවැය හිඟයන් අහිතකර ආර්ථික ප්‍රතිවිපාක ගණනාවකට හේතු වෙයි. එවිට රාජ්‍ය ණය ගැනීම් තවත් ඉහළ ගොස්‌ උද්ධමනය සහ පොළී අනුපාත තවත් ඉහළ නැංවීමට හේතු වෙයි. ඒ හරහා ආයෝජන අධෛර්යමත් වෙයි.

රජය වැඩියෙන් ණය ගන්නා විට සිදුවන්නේ පෞද්ගලික අංශයේ ණය ගැනීමේ හැකියාව අඩු වීමයි. එවිට රටේ ආර්ථික ක්‍රියාකාරකම් ප්‍රසාරණය වීමද සීමා වෙයි. විරැකියාව ඉහළ යයි. මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ රටේ ජාතික නිෂ්පාදිතය පහත වැටීමයි. ආර්ථික වර්ධන වේගය අඩු වීමයි. මේ තත්ත්වය වෙළෙඳ හිඟය ඉහළ ගොස්‌, රටේ ගෙවුම් ශේෂ ප්‍රශ්න උග්‍ර වීමටද හේතුවක්‌ වෙයි. මේ තුළ රටේ ජනතාවගේ ජීවන වියදම ඉහළ ගොස්‌ ජීවන තත්ත්වයේ පහළ යැමක්‌ද සිදු වෙයි. ඒ නිසා විශාල අයවැය හිඟයක්‌ පැවතීම මෙන්ම ඒ නිසාම රජයට වැඩි වැඩියෙන් ණය වීමට සිදුවන තත්ත්වය හරහා රටකට ආර්ථික ගැටලු රාශියකට මුහුණ දීමට සිදු වෙයි. මෙය ආර්ථික සංවර්ධන ගමනට අහිතකර තත්ත්වයකි. මේ නිසා රටට නිසි රාජ්‍ය ණය කළමනාකරණයක්‌ මෙන්ම රජයට හොඳ රාජ්‍ය මූල්‍ය විනයක්‌ පැවතීමද අත්‍යවශ්‍යය. යුද්ධය ජය ගැනීමේදී රජය තුළ දක්‌නට තිබුණු කැපවීම කාර්යක්‍ෂමතාව හා සමත්කම, ආර්ථික කළමනාකරණයේදී ඒ අයුරින්ම දක්‌නට නොලැබීම, යුද ජයග්‍රහණයෙන් පසු රජය විසින් ම ජනතාව තුළ ඇති කළ ආර්ථික යුද්ධය ජයගැනීමේ ඉහළ අපේක්‍ෂාවන් පළුදු කිරීමට හේතු වී ඇති බව ද අවසාන වශයෙන් සටහන් කළ යුතුව ඇත්තේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත (දිවයින අනුග්‍රහයෙනි)
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=4&newscode=1863836156

wgsaman

wgsaman
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
thanks for sharing

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum