නිරිත දිග වෙරළ තීරයේ පිහිටි Soflogic සමාගම් සමූහයට අයත් හෝටලයක් නවීකරණය කිරීම සඳහා ලෝක බැංකුවට අනුබද්ධ ජාත්‍යන්තර මූල්‍ය සමායතනය (IFC) විසින් ඩොලර් මිලියන 10 ක ණය මුදලක් ප්‍රදානය කිරීමට සූදානම් වේ.
සමාගම විසින් කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ බෙන්තොට පිහිටි Ceysands නම් මෙම හෝටලය කාමර 66 කින් සමන්විත බවත් නවීකරණය කිරීමෙන් පසුව මෙය කාමර 166 කින් යුක්ත තරු 04 පන්තියේ හෝටලයක් බවට පරිවර්තනය කරන බවයි.
නවීකරණයෙන් පසුව හෝටලය තායිලන්තය පදනම් කරගත් සංචාරක හෝටල් වෙළඳ නාමයක් වන Centara නාමය යටතේ කළමනාකරණය කිරීමට නියමිතය.
යුද්ධය අවසන් කිරීම නිසා මෙරට සංචාරක කර්මාන්තය මේ වනවිට පිබිදීමට ලක්ව තිබෙන අතර රට වටේ හෝටල් ඉදිවෙමින් තිබේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1089269257