බැංකුවේ කොළඹ ශාඛාවේ කුඩා ප්‍රමාණයත්, සංවර්ධනය වෙමින් තිබෙන සන්නම් නාමය හා වෙළඳපොළ කොටසත් එහි ශක්තිමත් ප්‍රාග්ධන අනුපාතත් ණය ශ්‍රේණීය මගින් තවදුරටත් පෙන්නුම් කරයි.
යුනියන් බැංකුවේ පුළුල් කිරීමේ මෙහෙයුම් කටයුතු වලට සහාය දීමට හැකියාව තිබෙන ප්‍රධාන බැංකු පද්ධතියක් කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කිරීම ඇතුළත් බැංකුවේ අවධානම් කළමනාකරණ පද්ධතියේ සහ ක්‍රියාවලියේ කැපී පෙනෙන දියුණුවීම් මෙන්ම සතුටුදායක වත්කම්වල ගුණාත්මක භාවයක්, ලාභදායීතාවයක් සහ ප්‍රාග්ධනීකරණයක් පවත්වාගෙන යාම ඉදිරි දැක්ම ස්ථාවර දක්වා සංශෝධනය කිරීමට හේතුවිය හැකිය.
බැංකුව විසින් ප්‍රධාන බැංකු පද්ධතියක් මිලදී ගැනීමේ කටයුතු අවසන් කරමින් සිටින අතර අවධානම් කළමනාකරණ පද්ධතියක් මිලදී ගැනීම සඳහා ගිවිසුමකට එළඹ තිබේ. යුනියන් බැංකු කළමනාකාරීත්වය බලාපොරොත්තු වන්නේ මෙම පද්ධතිය ක්‍රියාත්මක කිරීමේ කටයුතු 2013 වසර අවසානය වනවිට සම්පූර්ණ කිරීමටයි.
අනිත් අතට, අනිකුත් තුල්‍ය සමාගම් වලට සාපේක්ෂව වත්කම්වල ගුණාත්මක භාවය පිරිහීමට මග පාදන පමණට වඩා ණය වර්ධනයවීම හෝ ප්රාග්ධනයට හානි සිදුවීම ණය ශ්‍රේණිය පහළ දැමීමට හේතුවිය හැකිය. මීට අමතරව, අකාර්යක්ෂම පද්ධති ක්‍රියාත්මක කිරීම හෝ පමාව නිසා මෙහෙයුම් දුර්වලතාවයන් විසඳා ගැනීමට යුනියන් බැංකුවේ දුර්වලතාවයක්ද ණය ශ්‍රේණියට පීඩනයක් එල්ල කළ හැකිය.
බැංකුවේ වේගවත් වර්ධනය සමග පවතින සීමා සහිතවූ මෙහෙයුම් පද්ධති සහයෝගය වත්කම්වල ගුණාත්මක භාවය තුළින් තවදුරටත් පිළිඹිබු විය හැකිය.
2012 සැප්තැම්බර් 30 දක්වා මාස 09 තුළදී සියයට 19 ක් වන යුනියන් බැංකුවේ ණය වර්ධනය (2011: සියයට 72 කි.) වාණිජ බැංකු අංශය සමග සැසඳූ විට වැඩි වුවත් (2012 මුල් මාස 09 තුළ: සියයට 17 කි. 2011: සියයට 32 කි.) බැංකුවේ ප්‍රමාණයට සමාන අනිකුත් තුල්‍ය සමාගම් වලට සාපේක්ෂව සමගාමී තත්ත්වයක ඇත. 2012 මුල් මාස 09 අවසන් වනවිට බැංකුවේ දළ අක්‍රීය ණය(NPL) අනුපාතය සියයට 6.4 ක් දක්වා ඉහළ නැග තිබෙන අතර (2011 අවසානයේදී සියයට 4.1 කි.) ඉදිකිරීම් අංශයේ සහ බැංකුවේ සිල්ලර ගනුදෙනු කරුවන්ගේ අක්‍රීය ණය එම වැඩීමට හේතුවී ඇත.
ෆිච් ආයතනය බලාපොරොත්තු වන්නේ සමහර අක්‍රීය ණය අයකර ගැනීම් නිසා 2012 වසරේ බැංකුවේ ණය පිරිවැය කළමනාකරණය කරගත හැකි මට්ටමක තිබෙන බවයි. අරමුදල් සම්පාදන පිරිවැය වැඩිවීම සහ 2011 නොවැම්බර් මාසයේ UB Finance Limited සමාගමේ ආයෝජන සඳහා තිබෙන ණය (වත්කම් වලින් සියයට 02 කි.) හේතුවෙන් යුනියන් බැංකුවේ වත්කම් මත ප්රතිලාභ අනුපාතය 2011 දී තිබූ සියයට 1.4 ක මට්ටමේ සිට 2012 මුල් මාස 09 අවසන් වනවිට සියයට 01 ක් දක්වා අඩුවී තිබේ.
අඩු ඉපැයුමක් සහිත බැඳුම්කර (2012 මුල් මාස 09 අවසන් වනවිට බැංකුවේ වත්කම් වලින් සියයට 08 කි.) විසින් ශුද්ධ පොලී ආන්තිකය අඛණ්ඩව නිශ්ශබ්ද කිරීමට නියමිත අතර ඒවා මගින් බැංකුව සෘණාත්මක පොලී පැතිරීමක් උපයයි. 2012 වසරේ මුල් මාස 09 අවසන් වනවිට සියයට 17.9 ක ඉතා ඉහළ හිමිකම් මත වත්කම් අනුපාතයක් සහ සියයට 21.3 ක මූලික ප්‍රාග්ධන ප්රමාණත්ව අනුපාතයක් පවත්වා ගැනීමට හිමිකම් ප්රාග්ධනය ඇතුළු කිරීම බැංකුවට සහයෝගයක් වී ඇත.
කෙසේවෙතත්, බැංකුව සිය අක්‍රීය ණය වැඩිවීම සීමාකර ගැනීමට අපොහොසත් වන්නේ නම් ප්‍රාග්ධනීකරණය පීඩනයට පත්විය හැකිය.
යුනියන් බැංකුව යනු කුඩා ප්‍රමාණයේ බලපත්‍රලාභී වාණිජ බැංකුවක් (LCB) වන අතර 2012 සැප්තැම්බර් මාසය අවසන් වනවිට මෙරට බැංකු අංශයේ වත්කම් වලින් සියයට 01 කටත් අඩු ප්‍රමාණයකට හිමිකම් කීය. Genting Berhad සමාගමට අනුබද්ධ Vista Knowledge Limited සමාගම සහ Select Gain Limited සමාගමට යුනියන් බැංකුවේ සියයට 25.2 ක කොටස් හිමිකාරීත්වයක් තිබෙන අතර සම්පත් බැංකුවට තවත් සියයට 7.5 ක කොටස් හිමිකාරීත්වයක් තිබේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=182187171