මොහු වඩාත් ජනප්‍රිය වූයේ, අන්තර්ජාලයෙන් මුදල් ගෙවා ලබා ගත යුතු ලිපිලේඛන නොමිලේ ලබා ගැනීම සඳහා ක්‍රමවේදයන් සංවර්ධනය කිරීම හේතුවෙනි. අවසානයේ දී ඇරොන් ට සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට පවා සිදුවුයේ මෙකී ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් ලෙසිනි.
මුදල් ගෙවා අන්තර්ජාලයෙන් පරිශීලනය කළ යුතු අධ්‍යයන වාර්තා හා ශ්‍රාස්ත්‍රීය ලිපිලේඛන ආදිය මිලියන ගණනක් නොමිලේ ලබා ගැනීමට කටයුතු කිරීමත්, අන්තර්ජාලය හරහා එසේ ඒවා ලබා ගැනීමට සෙසු අයට සහාය දැක්වීමත් නිසා මොහුට එරෙහිව ඇමරිකාවේ ෆෙඩරල් අධිකරණයක නඩුවක් ගොනු වී තිබිණ. අවසානයේ දී එහි තීන්දුව වූයේ ඇරොන් හට වසර 35 ක සිර දඬුවමක් හා ඩොලර් මිලියනයක දඩයක් නියම කිරීමයි. ඇරොන් සිය ජීවිතයෙන් සමුගැනීමට තීරණය කළේ අදාළ දඬුවම ක්‍රියාත්මක වීමට සතියක් ඉතිරිව තිබියදීය.
ඇරෝන් ට දුන් දඬුවම නීති ප්‍රකාරව සාධාරණීකරණය කිරීමට හැකියාවක් ඇත. එහෙත් ඔහු අන් අයගේ ද තොරතුරු ලබා ගැනීමේ නිදහස වෙනුවෙන් කටයුතු කළේය. ඇරෝන් ගේ මරණය එක් පුද්ගලයෙකුගේ මරණයක් ලෙසින් පමණක් ගිණිය නොහැකිය. මන්ද ඇරෝන් නික්ම යාම, අනාගතයේ දී ඔහු නිසා ලෝකයට දායාද වන්නට තිබූ මහා දැනුම් සම්භාරයකට නැවතීමේ තිත තැබූ බැවිනි.
අධිකරණය ඇරෝන් ට සැලකුවේ සියලූම අපරාධකරුවන්ට සලකන ආකාරයටය. ලෝකයේ සෑම තැනම සිදුවන්නේ එයය. නීතියට ඇත්තේ මානූෂීය දැක්මක් නොවේ. එසේ නොමැතිව මේ පිළිබඳව මානූෂීය අයුරින් අවධානය යොමු කිරීමට වගකිව යුත්තන් කටයුතු කළේ නම් ඇරෝන් ගේ ජීවිතය මෙලෙස අවසන් නොවීමට ඉඩ තිබිණ. ඇරෝන් කෙනෙක් නොසිටින්නට RSS වැනි ක්‍රමවේදයක් පවා අප හමුවට ඒම පමා විය හැකිව තිබිණ.
කුමන හෝ ගැටළුවකදී වේවා, පුද්ගලයෙකු සියදිවි හානිකර ගැනීම අපි තරයේ ප්‍රතික්ෂේප කරන්නෙමු. එහෙත් වසර 35 ක සිරදඬුවමක් විඳීමට වඩා ජීවිතයට සමුදීම හොඳ යැයි ඇරෝන් සිතුවා විය හැකිය. සියල්ල මුදල් මත තීරණය වන ලෝකයක ඇරෝන් ගේ ජීවිතයද මුදල් ගෙවා ලබා ගත යුතු ලිපි ලේඛන කිහිපයක් නිසා අකාලයේ අපට අහිමි විය.
http://www.lankabusinessnews.com/13.01.January/089.Aaron.html