අපනයනය සඳහා “චීන විශේෂ තේ“ නිපදවීම සඳහා ඇල්පිටිය ප්ලාන්ටේෂන් සමාගම සහ චීනයේ Yunnan Dianhong සමූහය ව්‍යාපාරික ඒකාබද්ධතාවයකට පැමිණි බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කියයි.
“මෙම ඉහළ ගුණාත්මක භාවයකින් යුක්ත චීන විශේෂ තේ චීනයේ ඉහළ වෙළඳ පොළවල් ඉලක්ක කර අපනයනය කිරීමට සැලසුම් කර තිබෙනවා. නවීන තාක්ෂණය හා යන්ත්‍ර සූත්‍ර සමග මෙවැනි ආයෝජන වැඩි වශයෙන් ලංකාවට ගෙන්වා ගැනීමට මෙය අවස්ථාවක්. එවැනි ආයෝජන තුළින් ලංකාවේ තේ චීන වෙළඳ පොළට යැවීම වැඩි කිරීමට හැකියි.“
යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් ආයෝජන මණ්ඩලය සඳහන් කර තිබේ.
ඇල්පිටිය ප්ලාන්ටේෂන් සමාගම එයිට්කන් ස්පෙන්ස් ප්ලාන්ටේෂන් මැනේජ්මන්ට් සමාගම විසින් කළමනාකරණය කරයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=111072893