ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ හෝටල් පවත්වාගෙන යන කීල්ස් හොටෙල්ස් සමාගම පවසන්නේ සිය පොලී පිරිවැය ඉහළ යාම නිසා 2012 දෙසැම්බර් කාර්තුවේදී ශුද්ධ ලාභය ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 22 කින් පහළ ගොස් රුපියල් මිලියන 222 ක්වූ බවයි.
දෙසැම්බර් වලින් අවසන් වන මාස 09 ක කාලය තුළදී සමාගමේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කටයුතු වලින් රුපියල් මිලියන 117 ක අලාභයක් වාර්තා කර තිබෙන අතර මාලදිවයිනේ මෙහෙයුම් කටයුතු වලින් රුපියල් මිලියන 493 ක ලාභයක් වාර්තා කර තිබේ.
ගිය වසරේ දෙසැම්බර් වලින් අවසන් වන මාස නමය තුළදී ශ්‍රී ලංකා ව්‍යාපාරික කටයුතු වලින් රුපියල් මිලියන 103 ක අලාභයක් වාර්තා කර තිබෙන අතර මාලදිවයිනේ ව්‍යාපාරික කටයුතු වලින් ලබා තිබෙන ලාභය රුපියල් මිලියන 305 කි.
දෙසැම්බර් කාර්තුවේදී සමාගම කොටසකට අදාළව ශත 15 ක ලාභයක් වාර්තා කර තිබෙන අතර දෙසැම්බර් වලින් අවසන් වන මාස නමය තුළ වාර්තා කර තිබෙන කොටසකට අදාළ ලාභය ශත 26 කි.
කීල්ස් හොටෙල්ස් සමාගම පවසන්නේ දෙසැම්බර් කාර්තුවේදී සමාගමේ ආදායම රුපියල් බිලියන 2.4 ක් දක්වා සියයට 27 කින් වර්ධනය වූ බවයි. පසුගිය මාස නමය තුළදී සිය නවීකරණ කටයුතු වෙනුවෙන් රුපියල් බිලියන 1.9 ක ප්‍රාග්ධන වියදම් සමාගම විසින් කර තිබේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=63446045