ලයිස්තුගත ලංකෙම් සිලෝන් සමාගම් සමූහයට අනුබද්ධ ලංකෙම් කන්සියුමර් ප්රඩක්ට් සමාගම රුපියල් මිලියන 70 ක ආයෝජනයකින් සබන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ආරම්භ කර තිබෙන අතර මෙහි එක් වැඩ මුරයකදී මෙට්රික් ටොන් 70 ක සබන් නිපදවිය හැකිබව කියයි.
සබන් නිපදවන මෙම කම්හල සපුගස් කන්දේ පිහිටා තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් ලංකෙම් සිලෝන් පීඑල්සී හි, අධ්යක්ෂ රුවන් ටී.වීරසිංහ පවසා තිබෙන්නේ ඉහළ ගුණත්වයකින් යුතු නිෂ්පාදන පාරිභෝගිකයා වෙත ලබාදීමට මෙම කර්මාන්ත ශාලාව මගින් අවස්ථාව ලැබෙන බවයි.
ලංකෙම් මේ වනවිට ටීපෝල් වෙළඳ නාමය යටතේ දියරමය ඩිටර්ජන්ට් හා බබල් නැමති ඩිටර්ජන්ට් කුඩු අලෙවි කරයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=612379829