ගාලු මුවදොර අසල පිහිටි නවීකරණය කරන ලද “The Kingsbury“ හෝටලය අයත් හොටෙල් සර්විසස් (සිලෝන්) පී.එල්.සී. සමාගම මාස 09 ක කාලයක් තුළදී රුපියල් මිලියන 341 ක අලාභයක් වාර්තා කර තිබේ.
මේ අනුව, සමාගම 2012 දෙසැම්බර් කාර්තුවේදී රුපියල් මිලියන 138 ක අලාභයක් වාර්තා කර තිබෙන අතර ( කොටසකට අදාළව ශත 79 යි) 2011 වසරේ අදාළ කාලයේදී රුපියල් මිලියන 13.2 ක ලාභයක් වාර්තා කර තිබුණි.
මෙම කරුණු හෙළිවන්නේ සමාගම විසින් කොළඹ කොටස් වෙළඳ පොළට ඉදිරිපත් කර තිබෙන ගිණුම් වාර්තා වලිනි.
මේ අතර, ගිය වසරේ දෙසැම්බර් වලින් අවසන් වන මාස 09 ක කාලය තුළදී සමාගම රුපියල් මිලියන 341 ක අලාභයක් වාර්තා කර තිබෙන අතර 2011 අදාළ කාලයේදී රුපියල් මිලියන 10.5 ක ලාභයක් වාර්තා කර තිබුණි.
මෙම අලාභයට නවීකරණය කිරීමේදී කඩා ඉවත්කළ රුපියල් මිලියන 24 ක් වටිනා ගොඩනැගිල්ලක්ද ඇතුළත් කර තිබෙන බව සමාගම කියයි.
හොටල් සර්විසස්( සිලෝන්) පීඑල්සී සමාගම මේ වනවිට හේලීස් සමාගම් සමූහය විසින් පාලනය කරන අතර නවීකරණ කටයුතු වෙනුවෙන් රුපියල් බිලියන 2.4 ක මුදලක් වැයකර තිබේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=577785759