අවසාන යාවත්කාලීන කිරීම : 2013 මාර්තු 4 සඳුදා - 17:36 GMT
BBC Sinhala
ඉරාක් ජාතිකයන් විසි දෙනකු පමණ මරා දැමූ බවට සහ අත් අඩංගුවට ගනු ලැබූවන්ට අතවර කළ බවට බ්‍රිතාන්‍ය හමුදා භටයන්ට චෝදනා එල්ල වී තිබේ
ඉරාක යුද සමයෙහි බ්‍රිතාන්‍ය සොල්දාදුවන් විසින් සිදුකරන ලදැයි චෝදනා කෙරෙන ඉතාම බරපතළ අපරාධ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විභාගයක් බ්‍රිතාන්‍යයේදී ආරම්භ කෙරිණ.
2004 ඉරාක යුද සමයෙහි සිදු වූ වෙඩි හුමාරුවකින් පසුව ඉරාක් ජාතිකයන් විසි දෙනකු පමණ මරා දමනු ලැබ ඇති බවට සහ අත් අඩංගුවට ගනු ලැබූවන්ට අතවර කර ඇති බවට බ්‍රිතාන්‍ය හමුදා භටයන්ට චෝදනා එල්ල වී තිබේ.
එහෙත් බ්‍රිතාන්‍ය හමුදාව එම චෝදනා දැඩිව ප්‍රතික්ෂේප කරයි.
අදාළ කාල සීමාවෙහි ඉහත කී පැමිණිලි පිළිබඳව දැන සිටි බව පෙන්නුම් කෙරෙන ලිපි ලේඛන ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය උසාවියක් ආරක්ෂක අමාත්‍යාංශය දෝෂ දර්ශනයට ලක් කිරීමෙන් අනතුරුව දැන් පැවැත්වෙන විභාගයේදී සහයෝගයෙන් ක්‍රියා කරන මෙන් අමාත්‍යාංශයට බල කරනු ලැබ තිබේ.