FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» Latest Financial Status and Future Outlook of SMB Finance PLC
by ChatGPT Yesterday at 11:15 pm

» Latest Financial Status and Future Outlook of Overseas Realty PLC
by ChatGPT Yesterday at 11:00 pm

» Latest Financial Status and Future Outlook of Merchant Bank of Sri Lanka & Finance PLC
by ChatGPT Yesterday at 10:55 pm

» McDonald’s අපේ නෙමෙයි අපේ බෝස්ගේ – අබාන්ස් කියයි
by ChooBoy Yesterday at 10:19 am

» AI Assistance for Stock Market Research and Analysis
by ChatGPT Yesterday at 7:12 am

» Comparative Analysis of the Insurance Sector
by God Father Tue Mar 26, 2024 11:46 pm

» Sri Lanka: Why Pay Exorbitant Taxes?
by ChatGPT Tue Mar 26, 2024 10:52 pm

» LANKA CREDIT AND BUSINESS FINANCE PLC (LCBF.N0000)
by K.R Tue Mar 26, 2024 3:15 pm

» CENTRAL INDUSTRIES PLC (CIND.N0000)
by D.G.Dayaratne Tue Mar 26, 2024 9:11 am

» SIYAPATHA FINANACE PLC (SLFL.N0000)
by ChatGPT Tue Mar 26, 2024 7:58 am

» FINANCE AND LEASING SECTOR
by ChatGPT Mon Mar 25, 2024 6:45 am

» LOLC FINANCE PLC (LOFC.N0000)
by ChatGPT Mon Mar 25, 2024 6:36 am

» CIC HOLDINGS PLC (CIC.N0000)
by ChatGPT Mon Mar 25, 2024 6:18 am

» UNION ASSURANCE PLC (UAL.N0000)
by ChatGPT Mon Mar 25, 2024 6:15 am

» First Capital Holdings PLC: Current Financial performance and future outlook
by God Father Sun Mar 24, 2024 10:58 pm

» LankaBizz: Sri Lanka's First ever Artificially Intelligent (AI) Business and Research Assistant
by God Father Sun Mar 24, 2024 7:27 am

» HOTEL AND TRAVEL SECTOR
by ErangaDS Wed Mar 20, 2024 7:22 am

» CIC Holdings Good Times Ahead
by ashan silva Mon Mar 18, 2024 11:00 am

» EPF Fund keep eye on low P/E Shares
by K.R Mon Mar 18, 2024 8:45 am

» SINS - the Tailwind effects of a crisis hit Economy
by Hawk Eye Mon Mar 18, 2024 8:37 am

» Ceylon cold stores
by Hawk Eye Mon Mar 18, 2024 8:25 am

» Asha securities Provide buy signal for CIC
by ddrperera Fri Mar 15, 2024 1:10 am

» CSE ready for another Downtrend?
by D.G.Dayaratne Thu Mar 14, 2024 11:24 am

» LankaLAW Forum : Sri Lanka’s #1 Discussion Platform for Legal Questions and Answers
by blindhog Thu Mar 14, 2024 9:14 am

» Sri Lanka poised to benefit from demand surge for ‘non-China origin’ graphite
by samaritan Wed Mar 13, 2024 1:31 pm

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)



CHRONICLE™ YouTube

Disclaimer
FINANCIAL CHRONICLE™ Disclaimer

The information contained in this FINANCIAL CHRONICLE™ have been submitted by third parties directly without any verification by us. The information available in this forum is not researched or purported to be complete description of the subject matter referred to herein. We do not under any circumstances whatsoever guarantee the accuracy and completeness information contained herein. FINANCIAL CHRONICLE™ its blogs, forums, domains, subdomains and/or its affiliates and/or its web masters, administrators or moderators shall not in any way be responsible or liable for loss or damage which any person or party may sustain or incur by relying on the contents of this report and acting directly or indirectly in any manner whatsoever. Trading or investing in stocks & commodities is a high risk activity. Any action you choose to take in the markets is totally your own responsibility, FINANCIAL CHRONICLE™ blogs, forums, domains, subdomains and/or its affiliates and/or its web masters, administrators or moderators shall not be liable for any, direct or indirect, consequential or incidental damages or loss arising out of the use of this information. The information on this website is neither an offer to sell nor solicitation to buy any of the securities mentioned herein. The writers may or may not be trading in the securities mentioned.

Further the writers and users shall not induce or attempt to induce another person to trade in securities using this platform (a) by making or publishing any statement or by making any forecast that he knows to be misleading, false or deceptive; (b) by any dishonest concealment of material facts; (c) by the reckless making or publishing, dishonestly or otherwise of any statement or forecast that is misleading, false or deceptive; or (d) by recording or storing in, or by means of, any mechanical, electronic or other device, information that he knows to be false or misleading in a material particular. Any action writers and users take in respect of (a),(b),(c) and (d) above shall be their own responsibility, FINANCIAL CHRONICLE™ its blogs, forums, domains, subdomains and/or its affiliates and/or its web masters, administrators or moderators shall not be liable for any, direct or indirect, consequential or incidental violation of securities laws of any country, damages or loss arising out of the use of this information.


AI Live Chat

You are not connected. Please login or register

We are very lucky........

+2
keeper
marusira
6 posters

Go down  Message [Page 1 of 1]

1We are very lucky........ Empty We are very lucky........ Mon Mar 11, 2013 2:18 am

marusira


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

ජන ජීවිතය හෙම්බත්ව ගිය තැන පාරේ සැරිසරන්නේ මිනිසුන් නොව "ඇටසැකිළි" යෑයි අතීතයේ එක්‌ සමයක රට පුරා දොaංකාරවත් විය. එදා පැවැති ඒ දුකඳුරු තත්ත්වයට සාපේක්‍ෂව අද සලකා බැලුවහොත් සැබැවින්ම අද පාරේ තොටේ සැරිසරන්නේ බඩයි පිටයි එකට ඇලී ගිය උපන්නාට මේ ලොව වැනෙන ගොඩ පයයි වළ පයයි තියාගත් මනුස්‌ස කරුමක්‌කාරයෝය. රටේ පුරවැසියන්ට යස ඉසුරු පුරවා ආශ්චර්යයක්‌ හරහා ලංකාව තුළ සුරපුරක්‌ මවන්නේ යෑයි අමු අමුවේ ජනතාව මුළාකොට ජන මනාපය ලබාගත් ඔවුහු සැබැවින්ම පවුල් පිටින් සුරසැප බුක්‌ති විඳිති. ජනතාව උගුර කට වේලී සා පිපාසාවෙන් පෙළෙති.

"දත් මැදලා දමන - ඇහැටි දඬු මෙන් දින දින

මෙහෙගෙන දනන්ගෙන - පසුව හැරයති නොදත්තන් මෙන"

අද බහුතරයක්‌ වූ දේශපාලකයන්ගේ ජීවන රටාව මෙයයි තමන්ට, තමන්ගේ පවුලට, තමන්ගේ පවුල් ගසට ගොඩ ගොඩවල් පුරවාගෙන මෙලොව නොව සුරලොවට වී යෙහෙන් වැජඹෙන මේ උත්තමයන්ට සී මැදුරු කවුළුවලින්වත් තමන් ඔසවා තැබූ ජනතාව දෙස නිකමටවත් බලන්නට වේලාවක්‌ නැත. මොවුන්ගේ සුඛවිහරණය සඳහා පසුගියදා දරා ගන්නට බැරි තරමේ බදු කන්දරාවකට ජනතාව හිරකර තබා ඇත.

ජානවාරි 01 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි මේ රටේ විවාහ ලියාපදිංචි කරන අය රුපියල් 5,000 ක බද්දක්‌ ගෙවිය යුතුය. මෙය නම් හිතාමතාම සිංහල ජාතිය වඳකර දමන්නට පනවන ලද මූසල බද්දකි. එක්‌තරා යුගයක "පුංචි පවුල රත්තරං" යෑයි දුරදිග නොදන්නා දුප්පත් ජනතාව මුළාකොට, රුපියල් 500 ක්‌ දෑවැද්දට දී සිංහල දුප්පත් කාන්තාවන් වඳකර දැමූහ. රුපියල් 500 ක්‌ මහ මෙරක්‌ හැටියට සැලකූ දුප්පත් කාන්තාවෝ පුංචි දරුවන්ට කිරි පැකට්‌ටුව ගන්නට ජීවිතය වඳකර ගත්හ. අද වයස අවුරුදු පනහ, හැට ඉක්‌මවා සිටින පවුල්වල දුවා දරුවන් 7, 8, 10, 12 ආදී වශයෙන් ලබා සිටිති. නමුත් 70, 80, 90 දශකවල විවාපත් අයට සිටින්නේ දරුවකු හෝ දෙන්නෙකු පමණි. මෙයින් සිදුවී ඇත්තේ සිංහල දරු පවුල වඳවී මුස්‌පේන්තු වීමය. මෙය එක්‌ පවුලකට කඩා වැටුණ හෙණ ගෙඩියක්‌ නොවේ. මුළු මහත් සිංහල ජාතියටම අද මේ වඳ බේත කැවී ඇත. ඒ නිසාම ඉතා වේගයෙන් සිංහල ජාතිය සුළු ජාතියක්‌ බවට පත්වීමේ මගට පත්වී ඇති අතර 2030 වන විට මේ රටේ සිංහල ජාතිය තවත් එක්‌ ජාතියක්‌ සමඟ සමාන වන බව විද්‍යාඥයන් පෙන්වා දී ඇත. පසුගියදා පැවැති ජන සංගණනයේදී සිංහල ජාතියේ වර්ධනය සියයට දශම 85 කි. නමුත් මේ රටේ වෙසෙන තවත් ජාතියක වර්ධනය සියයට 2 යි දශම 87 කි. අපේ මෝඩ රැළ පුංචි පවුල රත්තරං කරගන්නට ගියා මිස වෙනත් ජාතීන් මේ උගුලට අසුවූයේ නැත.

"පුංචි පවුල රත්තරං" බවට පත්කිරීමෙන් නොනැවතී දැන් තරුණ තරුණියන් විවාහයට අධෛර්යයට පත්කරමින් විවාහ බද්ද රුපියල් පන්දහස දක්‌වා මේ සිංහල බෞද්ධ ආණ්‌ඩුවෙන් ඉහළ දමා ඇත. රුපියල් 5,000 ක්‌ යනු මැති ඇමැතිවරුන්ට එක රට බීම බෝතලයකට වැය කරන මුදල විය හැකි වුවත් දුප්පත් ජනතාවට මාසයක්‌ කුලී වැඩ කළත් ඉතිරි කරගන්නට බැරි මුදලකි. මවුපියෝ තියෙන දේපොළ බද්දට, උගසට තබමින් දරුවන්ට උසස්‌ අධ්‍යාපනය ලබා දෙති. උසස්‌ විභාගවලට පේවෙන තරුණ දුවා දරුවන් උපකාරක පංතිවලට මාස්‌ පතා රුපියල් හත්අට දාහ ගෙවා ඉගෙන ගනිති. ඊට පසු අමාරුවෙන් උපාධිය පොරවාගෙන එළියට පැමිණි විට කරන්නට රක්‍ෂාවක්‌ නැත. රස්‌සාවක්‌ නැතිව තරුණ ජීවිතයට අත්‍යවශ්‍ය වන විවාහයට පා තැබිය නොහැකිය. ඊළඟට උපාධිය කිහිලි ගන්නාගෙන වසර ගණන් රස්‌සා දඩයමේ සැරිසරති. උපාධියට ද, රස්‌සා නැතිකමට ද තරුණ දිවිය දිය කරන විට සමහර විට වයස අවුරුදු තිහ තිස්‌පහ පමණ වෙයි. එවිට දරුඵල හීන වේ. කෙසේ හෝ දහදුක්‌ විඳ දේශපාලනඥයන් පසුපස ගොස්‌ මොකක්‌ හෝ ජීවිතය ගැටගහගන්නට රස්‌සාවක්‌ හොයාගෙන විවාහය ගැන හිතන විට බොහෝ විට ජීවිතයේ කලවයස පිරී හමාරය. ඒ තත්ත්වයෙන් හෝ විවාහ වන්නට ගිය විට රුපියල් පන්දහක බද්දක්‌ ගෙවිය යුතුය. විවාහයත්, විවාහ ජීවිතයත්, දරු උත්පත්තියත් මේ අන්දමට මස්‌තබාල්දු කර දමා ඇත්තේ අපේ රටේ පමණි.

චීනයේද, ජපානයේද වැඩි වැඩියෙන් දරුඵල ලබන මවුවරුන්ට වාර්ෂිකව විශේෂ සම්මාන, තෑගි බෝග ආදිය පිරිනමති. ඔවුන්ගේ රටේ දියුණුවට මානව සම්පත මහාර්ඝ වස්‌තුවකි. මානව සම්පත වැඩි වැඩියෙන් ලැබෙන තරමට රටක්‌ වශයෙන් දියුණු වෙයි. ඔවුහු දරුවා උපන්දා සිට සැලසුම් සහගතව රටේ සංවර්ධනයට දරුවාගේ බුද්ධිය හා ශක්‌තිය යෙදවෙන පරිදි ජාතික සැලැස්‌මක්‌ තුළ ඔවුහු ඇති දැඩි කරති. අපේ රටේ උපදින දරුවෙකුට තබා පිටවන උපාධිධරයකුටත්වත් සැලැස්‌මක්‌ තිබේද? ඔවුන්ගේ තරුණ ශක්‌තිය හා බුද්ධිය රටට ජාතියට උරා ගැනීමට විධිමත් සැලැස්‌මක්‌ තිබේද? ඇමැතිවරු යෑයි මහේශාඛ්‍ය ඔටුණු පැළඳගත් අයට රට, ජාතිය ගැන රුදාවක්‌ නැත. ඔවුන්ට උවමනා කරන්නේ කද බැඳගත් මලු පුරවාගෙන පවුල්ගස පෝෂණය කිරීමට පමණි. මේ රටේ උපදින හැම දරුවකුම රටට පය තියන්නේ සැලසුමක්‌ නැති අනාථයකු පරිද්දෙනි. මේ රටේ විශ්වවිද්‍යාලවලින් පිටවන හැම තරුණ උපාධිධාරියකුම රටට පය තියන්නේ සැලසුමක්‌ නැති නන්නත්තාර වන කාන්තාරයකටය.

උපාධිධාරීන්ගේත් උපදින දරුවන්ගේත් කන්දොස්‌කිරියාව ඇතිවන්නේ ඔවුන් උපදින නිසාය. ඒවා පාලනය කළ විට මැති ඇමැතිවරුන්ට පවුල් ගසට තුරුළු වී සුවසේ නිදාගත හැකිය. බොහෝ තරුණ තරුණියන්ට නීත්‍යානුකූලව විවාහයට රුපියල් පන්දහසක්‌ උපයා ගැනීම දුෂ්කරය. එවිට සිදුවන්නේ කුමක්‌ද? නීත්‍යානුකූලව විවාහ නොවී දරුඵල සීමාකරගෙන පවුල් ජීවිත ගතකිරීමය. නව තාක්‍ෂණය හා බෙහෙත් උපයෝගි කරගෙන දරු උපත් නොලැබ පවුල් ජීවිත ගතකිරීමට පුළුවන. ආණ්‌ඩුවේ විවාහ බද්ද ආණ්‌ඩුවට තියාගන්නට කියා තරුණ ජීවිතයේ අවශ්‍යතා අනුව දරු උපත් නොලැබ විවාහ ජීවිත ගතකරන්නට නැති බැරි තරුණ පරම්පරාව පෙළඹී යන්නට බැරි නැත. ඒ නිසා ආණ්‌ඩුවට ජන ප්‍රශ්න විසඳීමේ බර හෑල්ලු වී යයි. එමෙන්ම සිංහල ජාතිය අතිධාවන වේගයෙන් කෙට්‌ටු වී යයි.

මුලදීම නොමිලයේ... ඊළඟට රුපියල් 5 ට නැවත රුපියල් 25 ට දිවුරුම් සහතිකයක්‌ ලබා ගැනීමට මේ රටේ පුරවැසියාට තිබූ සහනය අවලංගු කොට දැන් දිවුරුම් සහතිකයක්‌ ලබාගැනීමට රුපියල් 250 ක මුද්දර එම සහතිකයට අලවා අත්සන් කළ යුතුය. රුපියල් 250 ක මුද්දර අලවා නොතිබුණොත් ඒ දිව්රුම් සහතිකය වලංගු නැත. අනෙක්‌ පුදුමය වන්නේ මෙම දිව්රුම් සහතික, සහතික කිරීමේ බලය ලත් සාමදාන විනිශ්චයකාරවරුන්ට රුපියලකවත් මුදලක්‌ ලැබෙන්නේ නැත. මේ මුදල ගෙඩිය පිටින්ම රජයේ බදු මුදලට එකතු වේ. මිනිසුන්ට සාමදාන විනිශ්චය පදවි දී ඔවුන් ලවා දිවුරුම් සහතික සහතික කරවා කෙළින්ම එක්‌ දිවුරුම් සහතිකයකින් රුපියල් 250 බැගින් රජය බදු මුදලක්‌ අයකර ගනී. බොහෝ විට යම් යම් සමාජයීය ප්‍රශ්න පටලවාගෙන දිව්රුම් සහතික ලබාගැනීමට එන්නේ දුප්පත් මිනිසුන්ය.

සමහර විට ඉඩමක ඔප්පුවක උප්පැන්න සහතිකයේ සඳහන් නමක අකුරක්‌, ඉස්‌පිල්ලක්‌ පාපිල්ලක්‌ වැරදි ලෙස සටහන් වී ඇති විටෙක එය නිවැරදි කරන්නට දිවුරුම් සහතිකයක්‌ ඉදිරිපත් කළ යුතුය. බොහෝ විට මේ වරද සිදුකර ඇත්තේ ඒ ඉඩමේ ඔප්පුව හෝ උප්පැන්න සහතිකය හෝ මරණ සහතිකය හෝ විවාහ සහතිකය හෝ ලියන ලද නිලධාරියා විසිනි. ඔහු විසින් කරන ලද එම වරද නිවැරැදි කරගන්නට මේ අහිංසක මිනිසා රජයට රුපියල් 250 ක බද්දක්‌ ගෙවා දිවුරුම් සහතිකයක්‌ ඉදිරිපත් කළ යුතුය.

2013 ට පෙර තමන්ගේ උප්පැන්න සහතිකයේ පිටපතක්‌ ගැනීමට බදු මුදල වශයෙන් රජයට ගෙවිය යුතුව තිබුණේ රුපියල් පහකි. 2013 සිට උප්පැන්න සහතිකයේ පිටපතක්‌ ගැනීමට රුපියල් 100 ක්‌ ගෙවිය යුතුය. මේ බදු මුදල් බොහෝ විට අයකරන්නේ පාසල් දරුවන්ගෙනි. මක්‌නිසාද විභාග ආදියට ඔවුන්ට නිතර උප්පැන්න සහතික අවශ්‍ය වන බැවිනි.

විභාග ගාස්‌තු ලෙස දැන් අධික ලෙස බදු මුදල් අයකරයි. සමහර විට සිය දෙදෙනකු බඳවාගැනීම සඳහා පවත්වනු ලබන තරග විභාගවලදී දහස්‌ ගණන් විභාගයට ඉදිරිපත් වෙති. ඒ මැති ඇමැතිවරුන් උගත් දරුවන්ට සලකන ආකාරයයි. මේ අන්දමට අසීමිත ලෙස විභාග ගාස්‌තු අයකරමින් රජය රැකියා විරහිත තරුණ පෙළ සූරා කති. එපමණක්‌ද නැත. දැන් මරණ සහතිකයක්‌ ගැනීමට ද රුපියල් දෙදහසක බද්දක්‌ ගෙවිය යුතුය. සමහර ප්‍රාදේශීය හා නගර සභාවල මිනීවළ කපා ගැනීමටත් බද්දක්‌ අයකරයි. වතුර ටිකට, කනබොන සියලු දේට රජය බදු අයකරති. රජයට අමතක වී යැමෙන් හෝ තවම බදු අය නොකරන්නේ හුස්‌මක්‌ ගැනීමටත් විළි වසා ගැනීමටත් පමණි.

එපමණක්‌ද නැත. අපේ මේ මවුබිම සුද්දන්ගෙන් බේරා ගන්නා විට අපි රුපියලක්‌වත් ලෝකයට ණය වී සිටියේ නැත. රටත් රටේ ජනතාවත් ලෝකයට උගසට නොතියා රටේ පාලනය කරගෙන යැමට එදා සුද්දෝ සමත් වූහ. නමුත් රටේ පාලනය ස්‌වදේශීය පාලකයාගේ අතට ගත්තැන් පටන් සීමාවකින් තොරව රටත්, ජනතාවත් ලෝකයට උකස්‌ කරමින් ණය ගන්නට වූහ. මේ වන විට අපේ රටේ ඉපදී සිටින අය පමණක්‌ නොව උපදින්නට සිටින එකා ද රුපියල් තුන්ලක්‍ෂයකට වඩා ලෝකයට ණය වී ඇත. වැඩිකල් නොගොස්‌ මතු යම් දිනක ලෝක බැංකුව අපේ රටටට ගොඩවැදී "අපට අය විය යුතු ණය ධනස්‌කන්දයට හිලව් වන්නට මේ රට අපේ අයිතියට ගත්තේ යෑයි" රට පුරා දැන්වීම් පළකොට රට අයිති කරගත්තොත් අපට සීවරං දෙවියන්ගේ පිහිටවත් නැතිව යනු ඇත. මේ අපේ මිනිසුන් වසර 64 ක්‌ පුරාවට අපේ රට කරවපු හැටියි. ජනතාවත් රටත් ලෝකයට උගසට තබමින් "ලෝක ආධාර" යෑයි ව්‍යාජ නමක්‌ පටබැඳ ලෝක ණය ලබාගෙන මුළු රටත් ජනතාවත් ප්‍රපාතයට ඇද දැමීම ගැන වගකිව යුත්තේ කවුරුන්ද?

එපමණක්‌ද නැත. මේ රටේ දුගී දුප්පත් පවුල්වල විවාහක - අවිවාහක කාන්තාවන් මැදපෙරදිගට යවා, ඔවුන්ගේ හැළි වළං, කුණු කන්දල් සෝදමින් අපාදුක්‌ විඳගෙන මාසිකව කීයක්‌ හෝ හරි හම්බ කර ගන්නා විදේශ විනිමය කොල්ලකා ගන්නේ කවුරුන්ද? මැති ඇමැතිවරුන්ගේ රට සවාරි යැමට මේ බැල මෙහෙවර සල්ලි ඔවුන් යොදාගනිති. දුප්පත් ගැහැනිය හැළි වළං සෝදමින් උපයන මුදල මැති ඇමැතිවරු රට සවාරි යැමට යොදා ගනිති. හැම ඇමැතිවරයකු=ටම වසරකට රට සවාරි ගණනාවක්‌ රජයේ මුදලින් සැපයේ. මේ රජයේ මුදල් යනු දුප්පත් ගැහැනුන් රට ගොස්‌ හැළි වළං සෝදා උපයන මුදල්ය. මේ පාලන ක්‍රමයට කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයලු.

ඇමැතිවරුන්ට හා නියෝජ්‍ය ඇමැතිවරුන්ට සුදුසුකම් ඇතත් නැතත් ඔවුන්ට අභිමත අයගෙන් පෞද්ගලික කාර්ය මණ්‌ඩලයේ 15 දෙනකු පත්කර ගත හැකිය. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 6/2006 ට අනුව මෙම කාර්ය මණ්‌ඩලයෙන් පස්‌දෙනකුට එනම් පෞද්ගලික ලේකම්, සම්බන්ධීකරණ ලේකම්, මහජන සම්බන්ධතා නිලධාරි, මාධ්‍ය ලේකම්, පෞද්ගලික සහකාර යන අයට යාන වාහන, දුරකථන, නිල නිවාස, ඉන්ධන යන සියල්ලක්‌ හිමිවන අතර රුපියල් විසිතුන් දහසකට නොඅඩු මාසික වැටුපක්‌ ද ලැබේ. ඊට අමතරව සංග්‍රහ දීමනා, අතිකාල දීමනා, යෑපීම් දීමනා ආදිය ද මේ අයට හිමිවන අතර වසර පහක සේවයෙන් පසු අවසන් වරට ලබමින් සිටි වැටුප විශ්‍රාම වැටුපක්‌ සේ සලකා දිවි හිමියෙන් ඔවුන්ට විශ්‍රාම වැටුප් රජය මගින් ගෙවිය යුතුය. මීට අමතරව ඇමැතිවරයාගේ අභිමතය පරිදි පත්කර ගන්නා තවත් ලිපිකරු, රියෑදුරු, කාර්ය සහයක වැනි තනතුරු 10 ක්‌ සඳහා රුපියල් 14,000 බැගින් වූ මාසික වැටුප් රජය මගින් ගෙවිය යුතුය.

රජය මගින් වැටුප් ගෙවනවා යනු සැබවින්ම ජනතාවගෙන් අයකරන බදු මුදල්වලින් මොවුන්ට වැටුප් ගෙවීමය. ජනතාවගේ බදු මුදල්වලින් යාන වාහන, දුරකථන, නිල නිවාස ආදිය බුක්‌ති විඳිමින් මේ අය ගතකරන සුඛෝපභෝගී ජීවිතයෙන් ජතාවට ලැබෙන ප්‍රයෝජන මොනවාද? ඇමැතිවරයකුගෙන් කරන ඉල්ලීමක්‌ කලට වේලාවට ඉටුකරගත හැකිද? ඇමැතිවරයකුට යවන ලිපියකට නිසි පිළිතුරක්‌ ලබාගත හැකිද? සැබැවින්ම මොවුන් මහජනයාගේ හඬට කන් දෙන්නේද? මොවුන් සැදී පැහැදී පේවී සිටින්නේ ඇමැතිවරයාගේ "ගරු බුහුමන" පෝෂණය කරන්නටය. එවිට මහජනතාවගෙන් අරකට.. මේකට කියමින් අසීමිත බදු මුදල් අයකරමින් ඒ මහජන බදු මුදල්වලින් මොවුන් පෝෂණය කිරීම ප්‍රජාතන්ත්‍රවාදයද? විවිධ බදු මුදල් පනවමින් මහජනයාගෙන් මුදල් කොල්ලකාගෙන ඇමැතිවරුන්ගේ මේ පරිවාර සේනාව නඩත්තු කිරීමට ඇමැතිවරුන්ට විලිබිය තිබේද? ඇමැතිවරයාගේ කාර්ය මණ්‌ඩලයේ සේවයේ නියුතු අයට ඕනෑම අවස්‌ථාවක මැතිවරණවලට ඉදිරිපත් විය හැකිය. යම් විදියකින් ඉදිරිපත් වූ මැතිවරණයෙන් ජයගනු ලැබුවහොත් ඔහුට එම මන්ත්‍රී පදවියට අමතරව කලින් අමාත්‍යවරයාගේ කාර්ය මණ්‌ඩලයේ දරමින් සිsටි තනතුර දැරීමට බාධාවක්‌ නැත. මේ තනතුරු දෙකටම ඔහුට වෙන වෙනම වැටුප් හා දීමනා ද වරදාන ද ලබාගත හැකිය.

උදාහරණයක්‌ ලෙස ඇමැතිවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියදීම පළාත් සභා මැතිවරණයකට ඉදිරිපත් වී එම මැතිවරණයෙන් මොහු ජයගනු ලැබුවහොත් එම මන්ත්‍රී ධුරයත්, ඊට අමතරව කලින් ඇමැතිවරයාගේ කාර්ය මණ්‌ඩලයේ දරමින් සිටි සම්බන්ධීකරණ ලේකම්ධුරයත් දැරිය හැකිය. මේ තනතුරු දෙකටම ඔහුට වෙන වෙනම මහජන මුදල් වැටුප් වශයෙන් ලැබිය හැකි අතර ඒ තනතුරුවලට හිමි සියලු වරදාන ද ලැබිය හැකිය.

පුද්ගලික බස්‌ ගාස්‌තු යළිත් වැඩිකිරීමට සූදානමින් සිටී. අපි කසාද බද්ද රුපියල් 5,000 ක්‌ ගෙවමු, දිවුරුම් සහතික බද්ද රුපියල් 250 ක්‌ ගෙවමු. උප්පැන්න සහතික බද්ද රුපියල් 100 ක්‌ ගෙවමු. අනේ සාදු· මේක තමයි අපේ ප්‍රජාතන්ත්‍රවාදය.

එප්පාවල -

රත්න බී. ඒකනායක
Divaina 11/03/2013

2We are very lucky........ Empty Re: We are very lucky........ Mon Mar 11, 2013 10:16 am

keeper

keeper
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

සහතික ඇත්ත . නියම සිංහල කොල්ලෙක්

3We are very lucky........ Empty Re: We are very lucky........ Mon Mar 11, 2013 10:26 am

Slstock

Slstock
Director - Equity Analytics
Director - Equity Analytics

I can't help but to agree with most of the content here.

Hmm, a thought came to me :

Do you think public selected politicos should say "Sir/madam" as courtesy to public or should the public say "Sir/Madam" to those who were appointed by them?

Now don;t think onthe surface and say who cares, we should give respect to politiocs etct .

I am asking something deeper? Whose money are they using ? Public or their ? Who servant is who?

4We are very lucky........ Empty Re: We are very lucky........ Mon Mar 11, 2013 3:28 pm

K.Haputantri

K.Haputantri
Co-Admin

කටේ මසුරං දාන්ට ඕනෑ ඇත්ත කියනවට.

මුන් කොටස් වෙළද පොලටත් අත තියපු එකත් මේකට එකතු වෙන්න ඕනෑ.

5We are very lucky........ Empty Re: We are very lucky........ Mon Mar 11, 2013 8:14 pm

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics

Unfortunately many writers who do this kind of writing degrade their own work by including misinformation or completely wrong facts here and there.

උපාධිධාරීන්ගේත් උපදින දරුවන්ගේත් කන්දොස්‌කිරියාව ඇතිවන්නේ ඔවුන් උපදින නිසාය. ඒවා පාලනය කළ විට මැති ඇමැතිවරුන්ට පවුල් ගසට තුරුළු වී සුවසේ නිදාගත හැකිය. බොහෝ තරුණ තරුණියන්ට නීත්‍යානුකූලව විවාහයට රුපියල් පන්දහසක්‌ උපයා ගැනීම දුෂ්කරය. එවිට සිදුවන්නේ කුමක්‌ද? නීත්‍යානුකූලව විවාහ නොවී දරුඵල සීමාකරගෙන පවුල් ජීවිත ගතකිරීමය. නව තාක්‍ෂණය හා බෙහෙත් උපයෝගි කරගෙන දරු උපත් නොලැබ පවුල් ජීවිත ගතකිරීමට පුළුවන. ආණ්‌ඩුවේ විවාහ බද්ද ආණ්‌ඩුවට තියාගන්නට කියා තරුණ ජීවිතයේ අවශ්‍යතා අනුව දරු උපත් නොලැබ විවාහ ජීවිත ගතකරන්නට නැති බැරි තරුණ පරම්පරාව පෙළඹී යන්නට බැරි නැත. ඒ නිසා ආණ්‌ඩුවට ජන ප්‍රශ්න විසඳීමේ බර හෑල්ලු වී යයි. එමෙන්ම සිංහල ජාතිය අතිධාවන වේගයෙන් කෙට්‌ටු වී යයි.

The so called 5000/- charge is for those who take registrar to the wedding house or to hotels.

If they cannot afford 5000/- while spending 3000/- per plate they can go to the office of the registrar and sign without paying in thousands. ( and have any number of legitimate offspring )

6We are very lucky........ Empty Re: We are very lucky........ Mon Mar 11, 2013 8:55 pm

No


Senior Equity Analytic
Senior Equity Analytic


If they cannot afford 5000/- while spending 3000/- per plate
Ane yako kade yame seemawak thiyaganin.
According to this a 500 monthly tax should be charged from vehicle owners to have income for government because they have the economic power to maintain the vehicle.( fuel, bodyparts).

Rate wenadewal therennathnam adumagane gossiplanka eke comment tikakwath balanna.

http://www.gossiplankanews.com/2013/03/al-best-results-holder-tv-commericial.html

අපිටත් හරි ආඩම්බරයි පුතේ., නැව් එන්නැති වරායවල්, ටෙලිනාට්ය නැති ටෙලි ගම්මාන , වාහන යන්නේ නැති ලේන් හයේ කාපට් පාරවල්, ඒ පාර ගුවන් තොටුපලකුත් දැම්මේ මදිපාඩුවට., මතක් වෙනකොටත් ඇඩෙනවා දරුවෝ

Sponsored content



Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum