ලබන මැයි මස 27 වන දින සිට බලපැවැත්වෙන පරිදි තමා ඉල්ලා අස්වීමට තීරණය කළ බව දිසාබණ්ඩාර මහතා පැවසුවේය.
අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය තමා විසින් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයාට අද (22) ලබාදුන් බව හෙතෙම කියා සිටියේය.
කොමිෂන් සභාවේ සහ කොටස් වෙළදපළේ වර්තමාන තත්ත්වය තමාගේ ප්‍රතිපත්තිවලට අනුකූල නොවන හෙයින් ඉල්ලා අස්අවීමට තීරණය කළ බව මහාචාර්ය හරීන්ද්‍ර දිසාබණ්ඩාර මහතා පැවසුවේය.
කෙසේ වෙතත් මහාචාර්ය හරීන්ද්‍ර දිසාබණ්ඩාර මහතා සුරැකුම්පත් හා විනිමය කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයට අදාළ ගිවිසුම් ගත කාලය මැයි මස 31 වැනිදායින් අවසන් වීමට නියමිත බව එම කොමිෂන් සභාවේ ආරංචිමාර්ග සඳහන් කළේය.
http://sinhala.adaderana.lk/news.php?nid=32649