මැදපෙරදිග හා ආසියානු බැංකු වලින් ඒකාබද්ධ ණයක් ලෙස DFCC බැංකුව ඩොලර් මිලියන 45 ක ණය මුදලක් ලබාගත් බව ණය මුදලේ ප්‍රධාන කළමනාකරු වන HSBC බැංකුව කියයි.
මෙම ණය මුදල ලැබීම තුළින් බැංකුව පිළිබඳවත් ශ්‍රී ලංකාවේ ධනාත්මක වර්ධන ඉදිරි දැක්ම පිළිබඳවත් ජාත්‍යන්තර ආයෝජකයින් තුළ තිබෙන විශ්වාසය පිළිඹිබු වූ බව DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිළධාරී, නිහාල් ෆොන්සේකා පවසයි.
HSBC බැංකුව පවසා තිබෙන්නේ ඩොලර් මිලියන 25 ක ණය මුදලක් ලබාගැනීමට DFCC බැංකුව මුලින් අදහස් කර තිබුණත් ඇතිවූ දැඩි ඉල්ලුම හමුවේ ලබා ගන්නා ණය ප්‍රමාණය ඉහළ දැමූ බවයි.
DFCC සමූහය සතුව රුපියල් බිලියන 130 ක පමණ වත්කම් ඇත.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=802915977