ආයුබෝවන්! සුපුරැදු පරිදි මාසයේ පලමුදාම අපගේ පාඩම ඉදිරිපත් කිරීමට හැකිවීම සතුටට කරැණකි. ඔබට ජය පතමි.
පාඩම - 6
ආයෝජණ විශ්ලේෂණය හඳුන්වා දීමක් - දෙවැනි කොටස
ශේෂ පත්‍රය හඳුනා ගැනීම- වත්කම්
සියලු වත්කම් ගිණුම් ශේෂ හර ශේෂ වෙති. වත්කම් එහි ප්‍රයෝජනය ගන්නා කාලය සහ මුදල් බවට පත් කිරීමේ පහසුව අනුව ස්ථාවර වත්කම් හා ජංගම වත්කම් ලෙස වර්ග දෙකකටද පියවි ඇසට පෙනෙන නොපෙනෙන කරැණ අනුව අස්පෘශ්යජ වත්කම් (කීර්තිනාමය වැනි වත්කම්) සහ ස්පර්ශ වත්කම් (යන්ත්‍රෝපකරණ වැනි වත්කම්) ලෙසද යලි වර්ග දෙකකටද විවිධාකාරයෙන් විස්තර කල හැකිය.
දිගුකාලීන පැවැත්මක් ඇති ඉඩම්, ගොඩනැගිලි, යන්ත්රප සූත්‍ර ආදිය ස්ථාවර වත්කම් ලෙස සැලකෙන අතර ඒවායෙහි වාර්ශික ක්ෂයවන ප්‍රමාණය පමණක් අදාල කාලය සඳහා දැරෑ වියදම ලෙස ගනන් ගනු ලැබේ. ශේෂ පත්‍රවල මෙම සමුච්චිත ක්ෂය ප්‍රමාණය අදාල ස්ථාවර වත්කමෙහි මුල් අගයෙන් අඩු කොට දක්වන්නේ එහෙයිනි. මෙසේ කරනු ලබන්නේ ස්ථාවර වත්කම සම්පූර්ණයෙන්ම ක්ෂයවී සේවයෙන් ඉවත් කල විට නව ස්ථාවර වත්කමක් ප්‍රතිසම්පාදනය කිරීම පිණිස ලාභයෙන් කොටසක් වෙන් කර තැබීමටය. ස්ථාවර වත්කම් සම්පූර්ණයෙන්ම ක්ෂයවූ පසුව ගිණුම්වල පෙන්වන්නේ නාමික අගයක් බවද ඇතැම්විට එම වත්කම අපහරණය කිරීමෙන් එකී නාමික අගයට වඩා වැඩි මුදලක් ලබා ගත හැකි බවද මෙහිලා මතක තබා ගත යුතුය. විශෙෂයෙන් වත්කම් ගිණුම් පරීක්ෂා කිරීමේ දී සැලකිලිමත් විය යුත්තේ ඒවා යලි තක්සේරැකොට වටිනාකම පුම්බා තිබිය හැකි හෙයිනි. එවැනි අවස්තාවලදී ශෙෂ පත්‍රය තුලනය කිරීම පිණිස ස්ථාවර වත් කමෙහි අගය ඉහල දමන වටිනාකමට සමාන වටිනාකමක් ඇති සංචිත ප්‍රමානයක් බැර සටහනක් ලෙස තබනු ලැබේ. එවැනි අවස්තාවල තීරණ ගැනීමේදී ඹබ නොමග නොයා යුතු බව අවධාරනය කරමි.
නිරතුරැව වෙනස්වන නමුදු ද්‍රවශීල ත්ත්වයෙහි පවත්නා මුදල් හා ආයෝජණද වත්කම් ගණයට වැටේ. අමතරව ජංගම වත්කම් ලෙස පහසුවෙන් මුදල් බවට පත් කලහැකි වෙළඳ තොගය සහ ණය ගැතියන් ගණන් ගනු ලැබේ. ආපසු අයකර ගැනීම අපහසු යයි අපේක්ෂා කෙරෙන ණය ගැතියන්ගේ ඇස්තමේන්තුගත අගය බොල් ණය ප්‍රතිපාදනය ලෙස සලකා ණය ගැති අගයෙන් අඩුකොට පෙන්වනු ලැබේ. මෙම ගිණුම් පරිචය ක්ෂයවීම් ස්ථාවර වත්කම්වල අගයෙන් අඩුකර දැක්වීම හා සමානය. ඇතැම් ආයතනවල කීර්ති නාමය ද අස්පෘශ්යව වත්කමක් ලෙස දක්වනු ලැබේ.
ශේෂ පත්‍රය හඳුනා ගැනීම- වගකීම්
වගකීම් යනු බාහිර පාර්ශව විසින් සමාගමට සපයන ලද දෑ (භාණඩ හා සේවාවන්) සඳහා ගෙවිය යුතු ණය මුදල්ය. ණය හිමියන්, ගෙවිය යුතු බදු මුදල්, ගෙවිය යුතු විදුලි බිල් සහ බැංකු අයිරාව ආදිය උදාහරන වේ. මෙම වගකීම් ඉතා කෙටි කලකින් ගෙවා නිම කිරීමට නියමිත හෙයින් ජංගම වගකීම් යනුවෙන්ද හැඳින් වේ.
දීර්ඝත කාලයක් තුල ගෙවීමට නියමිත වගකීම් දිගුකාලීන වගකීම් හෙවත් දිගුකාලීන ණය ලෙසද හැඳින් වේ. බැංකු ණය බැඳුම්කර ආදිය මේ ගණයට වැටේ.
මෙහිලා තේරැම් ගත යුතු වැදගත් කරැණක් නම් මෙම කිසිදු ණයකරැවකුට සමාගම පිළිබඳ අයිතියක් නොමැති බවය. එබැවින් නියමිත දිනට ණය ගෙවීමට සමාගම අපොහෙසත් වන්නේනම් සිවිල් නඩුවක් පවරා එම මුදල් අය කර ගැනීමට ඔවුනට සිදුවේ.
ශේෂ පත්‍රය හඳුනා ගැනීම- කොටස් හිමියන්ගේ ප්‍රාග්ධනය
සාර්ථක ලෙස පවත්වාගෙන යන සමාගමක වත්කම් වල අගය වගකීම්වල අගයට වඩා වැඩි විය යුතුමය. වත්කම් වල අගයෙන් වගකීම් අඩු කල විට ලැබෙන අගය ප්‍රාග්ධනය සහ ඉදිරියට ගෙන ආ ලාභ සහ සංචිත වල එකතුවට සමාන වන හෙයින් ශේෂ පත්‍රය තුලනය වෙයි. අප ඉහත සාකච්ජා කල වත්කම් යලි තක්සේරැ කිරීමේදී ඇති ඇති කෙරෙන සංචිතද, වත්කම් ක්ෂය සංචිතද, බොල් ණය සංචිතද මෙයට අයත්ය.
ඉහත ද සාකච්ජා කල පරිදි ප්‍රාග්ධනය යනු දීගුකාලීන සහ කෙටිකාලීන ණය හිමියන් ගෙන් ලද අරමුදල් වලට හාත්පසින්ම වෙනස් වූ සංඛ්යාවකි. දිගුකාලීණ ණය හිමියන් ගෙන් ලද අරමුදල් ගිවිසුම් ප්‍රකාරව නිශ්චිත පොලියක්ද සමග ආපසු ගෙවීමට සමාගම බැඳී සිටී. කෙටිකාලීන නයහිමි ශෙෂද නියමිත කාලයක් තුල බේරැම් කල යුතුය. නමුත් ප්‍රාග්ධනය කොටස් හිමියන්ට ආපසු ගෙවීමක් අපේක්ෂා නොකෙරේ. වරණීය කොටස් හැරැන විට සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය සඳහා ලාභාංශ ගෙවනුයේ සමාගම ලාභාංශ ප්‍රකාශ කලහොත් පමණි.
ප්‍රාග්ධනය යනු සමාගමක් ආරම්භ කිරීමේදී සහ පසුව අවස්ථානු කූලව එහි පැවැත්ම සඳහා කොටස් හිමියන් විසින් යොදවනලද අරමුදල්ය. මෙම පොත් අගය කොටස්වල වෙළඳ අගයට වඩා අඩු හෝ වැඩි විය හැකිය. සමාගමේ කාර්යසාධකතාව ඉහල මට්ටමක පවතී නම් ප්‍රාග්ධන අගයට වඩා වැඩි වෙළඳ අගයක් එහි කොටස්වලට ඇති අතර එහි කාර්යක්ෂමතාව පහල මට්ටමක පවතීනම් ප්‍රාග්ධන අගයට වඩා පහල අගයක් කොටස්වලට වෙළඳපල තුල හිමිවනු ඇත.
වෙනත් විධියකට ප්‍රකාශ කරනවානම් කොටස්වල නාමික අගය (ප්‍රාග්ධනය ලෙස ගිණුම් පොත්වල දැක්වෙන) එහි වෙළඳ අගයට වඩා හාත්පසින්ම වෙනස් සංඛ්යාවකි. නාමික අගය බොහෝ විට ස්ථිතික තත්ත්වයක් ගන්නා අතර වෙළඳ අගය ගතික තත්ත්වයක් ඇතිකර ගන්නා හෙයින් කොටස් වෙළඳපල තුල ආයෝජකයන්ට විවිධ ආයෝජන අවස්ථා නිර්මාණය වෙයි.
ප්‍රාග්ධනය සමගම පෙන්වනු ලබන ඉදිරියට ගෙන ආ ලාභ සහ ලාභ සංචිත ප්‍රාග්ධනයට සමාන ගති ලක්ෂණ ඇති මුත් ඒවා සමාගමේ කොටස් හිම්යනට ඉදිරියේදී ලාභාංශ ගෙවීමේ කටයුතු සඳහා හෝ ප්‍රසාද කොටස් නිකුත් කිරීම සඳහා හෝ නැවත ආයෝජනය කිරීම සඳහා හෝ භාවිත කිරීමට පිළිවණ. එතෙක් මෙම අගය ලාභාංශ සංචිත ලෙස ප්‍රාග්ධනයට සමාන්තරව ගිණුම්වල පෙන්වනු ලැබේ.
කිසියම් සමාගමක බොහෝ ලාභාංශ සංචිත පෙන්නුම් කරන්නේනම් එහි කොටස්වල වෙළඳ අගය නිරායාසයෙන්ම ඉහල මට්ටමක පවතී. සමාගමක ගෙවනලද ප්‍රාග්ධනයෙහි සහ රඳවා තබාගෙන ඇති ලාභාංශ සහ සංචිත වල එකතුව කොටස් හිමියන්ගේ ප්‍රාග්ධනය ලෙස හඳුන්වා දිය හැකිය.
මෙහිදී වෙනත් සංචිත වර්ග එනම් වත්කම් වල ක්ෂය සංචිත, වත්කම් යලි තක්සේරැකිරීමේ සංචිත, බොල්ණය සංචිත ආදිය හාත්පසින්ම වෙනස්වූ සංචිත බවත් රඳවාගත් ලාභාංශ සංචිත හා සමාන නොවන බවත් පැහැදිලිව තේරැම්ගත යුතුය. එවැනි වෙනත් සංචිත ශේෂපත්‍රවල පෙන්වනු ලබන්නේ අදාල වත්කම සමග ඉන් අඩු/වැඩි කර දක්වන වියදමක් ලෙසය. එහෙයින් ලාභාංශ ප්‍රකාශ කිරීමට හෝ ප්‍රසාද කොටස් නිකුත් කිරීම සඳහා හෝ මෙම සංචිත යොදාගනු නොලැබේ.
ශේෂ පත්‍රයක් තුලින් සමාගමක ගිණුම් වර්ෂ අවසන් දිණයේ දී පවත්නා තත්ත්වය හඳුනා ගතහැකි බව උක්ත සාකච්ජාවෙන් දුටිමු. මෙය එක් දිනක වත්කම් වගකීම් තත්ත්වය, වසරතුල වපාපාරික ලාභ අලාභ තත්ත්වය සහ කොටස් හිමියන්ගේ ප්‍රාග්ධණය සාරාංශ කොට දැක්වෙන ලියවිල්ලකි.
ඉන් වසර තුලදී සමාගමෙහි කාර්යසාධකතාව විස්තරාත්මකව නොදැක්වෙන හෙයින් ඇතැම්විට කියවන්නන් නොමග යාමට ද ඉඩ ඇත. ඇතැම් විට එවැනි සටහන් ශෙෂපත්‍රවල සිතාමතාම සටහන් වන අවස්තා නැත්තේ නොවේ. එවැනි අනිසි ගණකාධිකරණ පරිචය කවුලු සැරහුම් (Window Dressing) ලෙස හඳුන්වනු ලැබේ.
උදාහරණ වශයෙන් වත්කම් අසාමාන්‍ය ලෙස යලි තක්සේරැ කිරීම (Excessive revaluation of Assets) සහ මුදලු අයකර ගැනීම පිළිබඳ කිසිදු තහවුරැවක් නොමැතිව ලැබිය යුතු පොලී (Accrude Interest) වශයෙන් කිසියම් වත්කමක ප්‍රාග්ධන වියදම් පෙන්වීම දැක්විය හැකිය. මෙවැනි අනිසි පරිචය ආයෝජකයන් නොමග යවන සුලු හෙයින් පරෙස්සම් විය යුතුය. මෑතකදී කොටස් වෙළද පලට හදුන්වාදුන් සහ මූලික කොටස් නිකුතු කල ඇතැම් සමාගම් තම වත්කම් විශාල ලෙස යලි තක්සේරැකොට එමගින් ඇති කරන ලද සංචිත ප්‍රාග්ධන ගත කරමින් ප්‍රසාද කොටස් නිකුත් කර තිබූ අවස්ථා අනාවරනය විය. අවාසනාවකට මෙන් නියාමන ආයතන මෙහිදී නොසැලකිලිමත් ලෙස කටයුතු කරමින් මෙම හදුන්වාදීම් සහ මූලික කොටස් නිකුතු අනුමත කර තිබිණ. අදාල ගිණුම් ආදිය නිසි පරීක්ෂාවකට ලක් නොකොට සමාගම සහ නියාමන ආයතන කෙරෙහි පමණක් විශ්වාසය තබමින් එවැනි කොටස් මිලදී ගන්නන්ට බොහෝවිට ාඩු සිදු විය. මේ ගැන අප පරෙස්සම් විය යුත්තේ එහෙයිනි.
එහෙයින් කිසියම් සමාගමක ව්‍යාපාරික සෞඛ්‍යය නිසිලෙස හඳුනා ගැනීමට නම් ශෙෂ පත්‍රය විමර්ශණාත්මකව හැදෑරිය යුතු අතර ඒ සමගම අනෙකුත් ගිණුම් ලේඛණ පිළිබඳව ද විමර්ශනාත්මක අවබොධයක් ලබාගැනීමද අවශ්‍ය වෙයි. එහෙයින් සමාගමෙහි ලාභ අලාභ තත්ත්වය ඉහල හෝ පහල යන්නේද යන්න පරීක්ෂා කිරීම සඳහා ආදායම් වියදම් පෙන්වන ලාභ අලාභ ගිණුම් මුදල් ප්‍රවාහ ප්‍රකාශ ආදියද පරීක්ෂා කල යුතු වෙයි.