කොළඹදී මාධ්‍යවේදීන් අමතමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට නියෝජිත, කොෂි මතායි මේ බව පැවසූ අතර අඩු උද්ධමනයක් පවත්වා ගැනීම වැදගත් බව සඳහන් කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තනි ඉලක්කමේ උද්ධමනයක් දීර්ඝ කාලයක සිටම පවත්වාගෙන යාම අගය කළ හෙතෙම අවධාරණය කළේ අඩු උද්ධමනයක් තිබෙන විට ස්ථායී පරිසරයක් තුළ ආර්ථික ක්‍රියාකාරකම් සිදුකළ හැකි බවයි.
නවතම දත්ත වලට අනුව මෙරට උද්ධමනය 2013 මාර්තු මාසයේදී සියයට 6.4 ක් දක්වා අඩුවී ඇත.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=479987152