ඊට පෙර පුද්ගලික කොටස් නිකුතුවක් මගින් ඩොලර් මිලියන 50 ක් රැස් කර ගැනිම සදහා මේ දිනවල මැලේසියානු ආයෝජකයෙකු සමග සාකච්ඡා පවත්වමින් පවතින බව ද හෙතෙම අනාවරණය කළේය.
මේ වන විට කාරක ප්‍රාග්ධන අර්බුදයකට මුහුණ දි සිටින ETI මුල්‍ය සමාගමේ දිගු කාලින ණය ශ්‍රේණිය 'BB-(lka)' සිට 'CC(lka)' ඉහළ අවදානම් ශ්‍රේණිය දක්වා පහත හෙළුමට පසුගියදා ෆීචි රේටිං ණය ශ්‍රේණිගත කිරිමේ සමාගම ගත් පියවර හමුවේ එම සමාගම දැන් RAM රේටිං ණය ශ්‍රේණිගත කිරිමේ සමාගම සිය ණය ශ්‍රේණිගත කිරිමේ ආයතනය බවට පසුගියදා පත් කර ගත්තේය.නව තත්ත්වයන් අනුව බිමි මට්ටමේ සිට ඉහළට සිය ණය ශ්‍රේණිය ඉහළ නංවාලිමට සමාගම ප්රයත්න දරණ බව සදහන්ය.
මේ දිනවල ඊ.ඒ.පි සමුහ ව්‍යාපාරය දියත් කර ඇති දැවැන්ත ප්‍රතිසංස්කරණ ක්රියාදාමයේ ප්‍රතිඵලයක් ලෙස මෙම කටයුතු සිදු වන බව සදහන්ය.
මේ ගැන මෙයට පෙර deletedට කරුණු කි එහි ප්‍රධාන විධායක සුමතිපාල කාරියවසම් පැරුණි කළමනාකාරිත්වයේ දුබලතා නිසා ඇති වු දුබලතා මඟ හැරිමට අප සමාගම දැවැන්ත ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් දියත් කරමින් පවතිනවා.ඒ මහ බැංකුවේ පුර්ණ අධික්ෂණය යටතේ කාරියවසම් මහතා කිය.
ෆීචි රේටිං ණය ශ්‍රේණිගත කිරිමේ සමාගම මෙම ETI මුල්‍ය සමාගම සම්බන්ධයෙන් පසුගිය පෙබරවාරි මස දුන් ණය ශ්‍රේණියේ අන්තර් ගත කරුණු මෙසේය.
මෙය සමාගමේ දැන් සිදුවන ප්‍රතිසංස්කරණ හා පසුගිය අවසන් මුල්‍ය වර්ෂයේ ගිණුමි වාර්තා අනුව තිරණය වුවක්.
මහ බැංකුවේ නියාමන අධික්ෂණයට අනුව මෙහි කටයුතු සිදුවෙනවා.ඒ අනුව,EAP සමුහයේ සමහර ආයෝජන හා ආදායම් නොඋපද්දවන වත්කම් විකුණා දැමිමත් ඇතුලත්.ඒ මේ අර්බුදයට තුඩු දුන් සමාගමේ ද්‍රවශිලතා හා ලාභදායිත්ව තත්ත්වයන් වර්ධනය කිරිමටයි.
ඒ අනුව එහි ප්‍රධාන කොටස් කරුවන් තමන්ගේ ස්වර්ණමහල් මුල්‍ය සමාගමේ ආයෝජන මෙම සමාගමට මාරු කරනු ලැබුවා.
ඒ අනුව මහ බැංකුවේ විශ්වාශය ලබන වසරේ මැද වන විට මෙම සමාගම මහ බැංකු නියමයන් අනුව අදාල නියාමන රේගුලාසි සපුරා ගනි වි කියලා.
මේ සදහා ඒ අය බාහිර ප්රාග්ධනය සමාගමට යෙදිය යුතුයි.මෙය අනිවාර්යය සාධකයක් ,අදාල නියාමන ඉලක්ක සපුරා ලිමට.නැතිනම් වෙන්නේ ඒ අයට තමන්ගේ සමුහයේ වත්කම් මෙයට යොදා හෝ ආදායම් නැති වත්කම් විකුණා හෝ අදාල ණය හා නියාමන රේගුලාසි සපුරාලිමටයි.
ආසන්න කාලයේ මෙම තත්ත්වය සමනය කිරිමට සමාගමට බැරි වුනොත් තව දුරටත් ණය ශ්‍රේණිය පහත හෙලන්න සිදු වේවි
සෝමා එදිරිසිංහ මහත්මියගේ සභාපතිත්වයෙන් යුතු ඊ.ඒ.පි සමුහ ව්‍යාපාරයේ සමාගම් ගොන්නට
ETI FINANCE LTD, SWARNAMAHAL FINANCIAL SERVICES PLC, SWARNA MAHAL JEWELLERS (PVT) LTD, EAP NETWORKS (PVT) LTD, COLOMBO COMMUNICATIONS LTD. , EAP FILMS AND THEATRES (PVT) LTD ,HOTEL SAPPHIRE (PVT) LTD, CONCORD GRAND (PVT) LTD, LAVINIA BREEZE SEAFOOD RESTAURANT යන ඒවා අයත් වේ.