මෙය අදාල සමාගම් හි ආශ්‍රීත පාර්ශ්වකරුවන්ට අදාල ගනුදෙනු සදහා ස්වේච්ඡා පදනමින් 2014 ජනවාරි 01 සිට 2016 ජනවාරි 01 දක්වා දෙවසරක කාලයක් සදහා නියමු පියවරක් වශයෙන් මුලින් හදුන්වා දෙන බවත් පසුව 2016 වසරේ සිට එය පිළිපැදිම අනිවාර්ය කිරිමට බලාපොරොත්තු වන බවද කොමිෂම කියයි.
මෙම ස්වේච්ඡා හොද පරිචය පිළිබඳ භාවිත සංග්‍රහය පිළිපැදිමට එකඟ නොවන සමාගම් සදහා වෙනදා මෙන් අදාල ආශ්‍රීත පාර්ශ්වකරුවන්ට අදාල ගනුදෙනු හෙළි කිරිම පිළිබඳ විධි විධානයන්ට ඔවුන් යටත් වන බවද කොමිෂම කියයි.
අදාල ගනුදෙනු වල වාණිජ හා ආර්ථීක බලපැම් මත පිහිටා මෙවැනි විධි විධාන හදුන්වා දෙන බවද සදහන්ය.විශේෂයෙන් මෙම සමාගම් හි අධ්‍යක්ෂ වරු ඇතුළු ඉහළ නිලතල දරණ පුද්ගලයින් තමන්ගේ තනතුරු අවභාවිතය අවම කිරිමද මෙය හදුන්වා දිමට හේතු වශයෙන් සදහන් කර ඇත.