ඒ අනුව,දේශිය ආදායම් 2013 සංශෝධිත පණත අනුව යමින් 2013/14 සිට 2015/16 මුල්‍ය වසර සදහා සියයට 50 ක සමාගම් බදු සහණ ලබා ගැනිම සදහා ලබන අප්‍රේල් 01 දාට පෙර සියයට 20 ක මහජන අයිතියක් ලබා දෙන පරිදි මුළික කොටස් නිකුතුවක් සිදු කිරිමට පියවර ගත්තද මෙම නිකුතුව සදහා ලැබි ඇත්තේ සියයට 12.4 ක මහජන හිමිකමක් සදහා වන අයදුම්පත් පමණක් බැවින් අදාල බදු සහණ ය ලබා ගැනිමට තම සමාගම අපොහොසත් වන බව මෙම නිවේදනය මගින් සමාගම අවධාරණය කරති.
කෙසේවෙතත්,මෙම නිකුතුවේ මුළික අරමුණ අනුව යමින් මෙම නිකුතුවෙන් සමාගම රැස්කර ගත් රුපියල් මිලියන 838 න් රුපියල් මිලියන 250 ක් එහි නිෂ්පාදන ධාරිතාවය දෙගුණ කරන අතී නවීණ යන්ත්‍රසුත්‍ර මිළදි ගැනිම වෙනුවෙන් යොදවන බවද සමාගම මෙම නිවේදනයේ සදහන් කර ඇත.
දිරි සවි පුවරුවේ ලැයිස්තුගත විමට අදාල සියළු නිර්ණායක අපි සපුරා තිබෙනවා.ඒ අනුව බාහිර කොටස් කරුවන් 835 ක් අතරේ සමාගමේ සියයට 12.4 ක හිමිකමක් විසිරි තිබෙනවා. යැයිද මෙම නිවේදනයේ සදහන්ය.
දිරි සවි පුවරුවේ ලැයිස්තුගත විමේ රේගුලාසි අනුව අවමය 200 ක් බාහිර කොටස් කරුවන් අතරේ මුළු ලැයිස්තුගත කොටස් ප්‍රමාණයෙන් සියයට 10 ක් විසිර පැවතිය යුතු වේ.
මේ අනුව බාහිර කොටස් කරුවන්ගෙන් ලද 37,142,700 ක මුළු අයදුම්පත් කොටස් ප්‍රමාණයම සමාගම විභජනය කර ඇති අතරේ එසේ නොවන පාර්ශ්වයන්ගෙන් ලද 31,868,500 ක් වු අයදුම්පත් කොටස් වලින් අනුමත කර ඇත්තේ 22,717,900 ක කොටස් පමණි.
NDB ආයෝජන බැංකුව මෙම නිකුතුව කළමනාකරණය කළ අතර ඔවුන් මෙයට කලින් කළමනාකරණය කළ පී.සී හවුස් මුළික කොටස් නිකුතුවේ සියළු අපේක්ෂිත අරමුණු එම නිකුතුව සිදු කර දැනට වසර 02 ක් ගෙවි ගියත් ඉෂ්ඨ සිද්ධ වි නැති බව අප පසුගියදා අවධාරණය කළේමු.