රටටම සැප දෙන්න Browns Investments හෝටල් කාමර 1000 ක් නතු කර ගනි
(www.randora.lk-21/03/14)- මෝටර් රථ වාහණ ආනයනයේ යෙදෙන ඉෂාර ට්‍රේඩර්ස් හරහා ව්‍යාපාරය ක්ෂේත්‍රයට පිවිසි ඉෂාර නානයක්කාර පාර්ශ්වය නායකත්වය දෙන Lanka Orix Leasing Company Plc සමුහයට අයත් LOLC Leisure Ltd (LOLC Leisure) හෝටල් සමාගමේ සෙසු සියයට 70 ක හිමිකම රුපියල් බිලියන 2.8 කට තමන්ගේම Browns Investments Plc වෙත විකුණා දැමු බව අදාල සමාගම් කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත නිකුත් කළ නිවේදන වල දැක් වේ.
මෙතෙක් මෙම සමාගමේ සියයට 30 ක හිමිකමක් Browns Investments Plc සතුව තිබිණි.
මේ අනුව දිවයිනේ කාමර 1000 කට වඩා සතු පුමුඛතම හෝටල් අයිතියක් Browns Investments Plc වෙත ලැබෙන බව සදහන්ය.
මේ වන විටත් Green Paradise Resorts (Pvt) Ltd, Samudra Beach Resorts (Pvt) Ltd, සහ Sun and Fun Resorts (Pvt) Ltd යන හෝටල් Browns Investments Plc සතු අතරේ Browns Tours සහ BG Air Services යන සංචාරක සේවා ආයතන වලද හිමිකාරිත්වය දරයි.
LOLC Leisure සතුව හෝටල් 05 ක පාලනය පවති. Palm Garden Hotels PLC, Eden Hotel Lanka PLC, Dickwella Resorts (Pvt) Ltd, Tropical Villas (Pvt) Ltd සහ Riverina Resorts (Pvt) Ltd මේ අතර වේ.
අමතරව බේරුවල හි කාමර 400 ක හෝටලයක් 2016 වන විට නවීකරණය කර විවෘත කිරිමටද ඔවුන් කටයුතු යොදා ඇත.
අදාල සමාගම් ද්විත්වයේ එකම අධ්‍යක්ෂ මණ්ඩල නියෝජනයක් දක්නට ලැබෙන අතර කොටස් හිමිකාරිත්වයන් අතින්ද එකි නෙකාට නෑකම් දක්වයි. ( Browns Investments is a subsidiary of the LOLCGroup and has the following common directors. Mr. I.C. Nanayakkara -Executive Chairman/ Executive Director of Browns Investments is the Deputy Chairman of LOLC. Mr. W.D.K Jayawardena- Director of Browns Investments is the Group Managing Director/CEO of LOLC. Mrs. K.U. Amarasinghe- Director of Browns Investments is an Executive Director of LOLC.)