මෙහිදි ඉන්දියාව ,ජපානය පරයා ලොව තෙවන විශාලතම ආර්ථීකය ලෙස නැගි ගෙන එන බවද මෙම වාර්තාව කියයි.
ලෝක බැංකුව,එක්සත් ජාතින්ගේ සංවිධානය ඒකාබද්ධව ක්‍රය ශක්ති සාම්‍ය දළ ජාතික නිෂ්පාදනය මුළික කර සැසදිමකට අනුව මේ බව තහවුරු වෙම්න් පවතින බව මෙම වාර්තාව පවසයි.
ක්‍රය ශක්ති සාම්‍ය දළ ජාතික නිෂ්පාදනය අනුව ඇමෙරිකාණු ආර්ථීකය 2011 දි තිබු තත්ත්වය හා සැසදිමේදි එවකට චීන ආර්ථීකය පැවතියේ එයින් 87% ක මට්ටමකය.මෙය 2005 දි සියයට 43 ක ප්‍රතිශතයක් ගෙන තිබිණි.
ඉන්දියාව 2005 දි ලොව 10 වන විශාලතම ආර්ථීකයේ සිට 2011 දි තෙවන තැනට මෙම ක්‍රය ශක්ති සාම්‍ය දළ ජාතික නිෂ්පාදනය අනුව පත්ව ඇත.
වෙළෙඳ පොළ දත්ත අනුව,ඇමෙරිකාණු දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන 16.2 ක් ලෙස 2012 දි පැවති අතරේ චීනයේ එය ඩොලර් ට්‍රිලියන 8.2 කි.
http://www.bloomberg.com/news/2014-04-30/china-set-to-overtake-u-s-as-biggest-economy-using-ppp-measure.html
ක්‍රය ශක්ති සාම්‍ය ඒක පුද්ගල ආදායම (Purchasing Power Parity Per Capita Income)
මෙය රටවල්වල ආදායම් මට්ටම් සැසඳීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ පවතින මිල මට්ටම අනුව ඒ ඒ රටවල ආදායම් සංඛ්‍යා පරිවර්තනය කොට ඇස්තමේන්තු කරන ඒකපුද්ගල ආදායමයි. ඒ ඒ රටවල දේශීය මිල ගණන් අනුව ආදායම ඇස්තමේන්තු කොට එය ඩොලරය සඳහා වන විනිමය අනුපාතය මගින් ඇ.එ.ජ. ඩොලර් වටිනාකමට පරිවර්තනය කිරීම තුළින් රටවල ආදායම් මට්ටම් සැසඳීම යෝග්‍ය නොවන්නේ රටවල් අතර පවතින මිල වෙනස්කම් අනුව ආදායම් සංඛ්‍යා වෙනස් වන බැවිනි. උදාහරණ ලෙස ශ්‍රී ලංකාවේ සාමාන්‍ය කොන්ඩයක් කැපීම සඳහා රු. 100 ක් ද ඇමෙරිකාවේ ඩොලර් 20 ක් ද නම් ශ්‍රී ලංකාවේ කරණවෑමියෙකු විසින් එක් කොන්ඩයක් කැපීමේ ආදායම/නිෂ්පාදන වටිනාකම ශ්‍රී ලංකා මුදලින් ගණනය කොට ඩොලර් බවට පත්කළ විට එය ඩොලර් 0.77 කි (ඇ. ඩොලරය = රු. 130). එහෙත්, ඇමෙරිකාවේ මිල අනුව කරණවෑමියෙකුගේ ආදායම ඩොලර් 20 කි (එනම්, රුපියල් 2,600 කි. ඩොලර් 20 × රු.130). මේ අනුව, රටවල නිෂ්පාදනයන් ඇමෙරිකාවේ එම නිෂ්පාදන සඳහා වන මිල ගණන් පදනම් කොට ගණනය කිරීමෙන් රටවල ආදායම් මට්ටම් ඍජුව සැසඳීමට හැකිවෙයි.
මේ සඳහා ඇමරිකාවේ පොදු මිල මට්ටම සහ ඒ ඒ රටේ පොදු මිල මට්ටම අතර මිල අනුපාතයන් සකස් කොට එම අනුපාතයන් යොදා ඒ ඒ රටේ ද.දේ.නි.ය ඇමෙරිකන් ඩොලර් වටිනාකම බවට පත් කිරීමේ ක්‍රමයක් ලෝක බැංකු/ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආර්ථික විද්‍යාඥයෝ අනුගමනය කරති. එම ඩොලර් වටිනාකම “ක්‍රය ශක්ති සාම්‍ය ද.ජා.නි.ය” (PPP GDP) ලෙස හැඳින්වෙයි. එම වටිනාකම ජනගහනයෙන් බෙදීමෙන් ක්‍රය ශක්ති සාම්‍ය ඒකපුද්ගල ආදායම ගණනය කෙරේ. එම දත්තයන්ට අනුව 2011 දී ශ්‍රී ලංකාවේ ක්‍රය ශක්ති සාම්‍ය ඒක පුද්ගල ආදායම ඩොලර් 5,520 ක් වූ අතර ශ්‍රී ලංකාවේ මිල ගණන් අනුව ගණනය කළ ඒක පුද්ගල ආදායම ඩොලර් 2,805 ක් විය. එබැවින්, ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය/ආදායම ජාත්‍යන්තර වශයෙන් ඉහල මධ්‍යම ආදායම් මට්ටමක පවතී. එහෙත්, මෙම ඇස්තමේන්තුවේ පර්යේෂනාත්මක වැදගත්කම හැර එතරම් ප්‍රායෝගික වැදගත් කමක් නොමැත. රටක ජනතාවගේ ආදායම් මට්ටම හා ජීවන තත්ත්වය රඳා පවතිනුයේ එම රට තුළ භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ හැකියාව මතයි. ඇ.එ.ජනපදයේ මිල මට්ටම අනුව ආදායම ගණනය කළ ද භාණ්ඩ හා සේවා වල නිෂ්පාදන තත්ත්වය, ඵලදායීතාවය සහ පිරිවැය මට්ටම් රටින් රටට වෙනස් වනු ඇත.