0 May 9, 2014 1:08 pm Hits(3)
දුම්වැටි දවටන වල 80%ක් ආවරණය වන සේ රූපමය අවවාද ඇතුලත් කිරීමේ ගැසට් පත්‍රයට එරෙහිව දුම්කොළ කර්මාන්තය විසින් පැවරු නඩුවේ තීන්දුව ලබන 12 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දීමට නියමිතය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් මත මෙරට දුම්කොළ භාවිතය අවම කිරීම සඳහා ජනපති, කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව මගින් ඒකමතිකව අනුමත කල මෙම ගැසට් පත්‍රයට එරෙහිව දුම්කොළ සමාගම් විසින් නඩු පවරනු ලැබිණි.
දෛනිකව මෙරට දුම්වැටි භාවිතය හේතුවෙන් පුද්ගලයින් 60-65 අතර සංඛ්‍යාවක් මිය යන අතර එය වර්ෂයකට මරණ විසි එක් දහසක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.