(19/05/14)- අද දිනයේ වෙළෙඳ පොළ පිරිවැටුම රුපියල් රුපියල් මිලියන 590 දක්වා පහළ යද්දි බිලු චීප් හෙවත් මහඟු සතු සමාගම් විෂයෙහි විදේශ් ආකර්ශණයක් තිබු බව තැරුවිකරුවෝ කියති.
මේ අනුව, කොමර්ෂල් බැංකුවේ මිලියන 0.4 ක කොටස් එකක් රුපියල් 129.50 ක් සහ ජෝන් කීල්ස් සමූහයේ කොටස් මිලියන 0.2 ක් එකක් රුපියල් 235.00 ක් බැගින් ගිවිසගත් ගනුදෙනු ලෙස හුවමාරු විය.
සියළු කොටස් මිල දර්ශකය ඒකක 4.05 කින් ඉහළ ගොස් ඒකක 6,319.24 ක් වෙද්දී එස් ඇන්ඩ් පී මිල දර්ශකය ඒකක 6.38 කින් පහළ ගොස් ඒකක 6,319.24 ක් විය.
කොමර්ෂල් බැංකුව වෙළඳ පොළ පිරිවැටුමට රුපියල් මිලියන 118 කින් සහ ජෝන් කීල්ස් සමූහය රුපියල් මිලියන 62 කින් වෙළඳ පොළ පිරිවැටුමට දායකත්වය දැක්වීය. ජාතික සංවර්ධන බැංකුව පිරිවැටුමට දැක්වූ දායකත්වය රුපියල් මිලියන 38 කි.