ටච්වුඩ් සභාපති විජන් ලංකා කිවුලේ ගෙදර අප සමඟ සදහන් කළේ යහපත් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් සිටින බවයි.
මෙයට අදාල ටච්වුඩ් වත්මන් කළමණාකාරිත්වයේ ලිඛිත කරුණු දැක්විම පසුගියදා සිදු කළ බවත් නීතිවේදි අවින්ද්‍ර රොදිගු රන්දොරට පසුගියදා පවසා සිටියේය.
මොවුන්ගේ කරුණු දැක්ව්ම් වල සටහන්ව තිබුණේ අදාල ටච්වුඩ් ආයෝජක මුදල් පියවිම් දැන්ම සිදු කිරිමට නොහැකි වුණත් පසුවට කිරිමට හැකියාව ඇති බවයි.නමුත් අගරුවු චෙක්පත් අපට දි ඇති පසුබිමක මෙම කරුණු පිළි ගැනිමට අප සුදානම් නැහැ.
මේ නිසා අද මැයි 21 දා මේ කරුණු අධ්‍යයනය කර අවසන් තීන්දුවක් ලබා දෙන බව ගරු අධිකරණය අපට පවසා සිටියා.
යැයි අවින්ද්‍ර රොදිගු මහතා කීය.
ටච්වුඩ් ඉන්වෙස්ට්මන්ට් පී.එල්.සී ව්‍යාපාරික කටයුතු 2007 අංක 07 දරණ සමාගම් පණතේ 12 වන කොටස යටතේ හා ඒ ප්‍රකාරව අධිකරණය විසින් ගණන් බේරා වසා දැමීම සදහා වු ඉල්ලීමක් බස්නාහිර පළාත්බඳ වාණිජ මහාධිකරණයේ පෙත්සමක් ගොනු කරමින් කර ඇත.
ඒ F. J. & G. de Saram නීතිවේදි හවුල මගිනි.
මෙම ටච්වුඩ් ඉන්වෙස්ට්මන්ට් පී.එල්.සී හි රුක් ආයෝජන සැලැස්මක රුපියල් මිලියන 14 ක් ආයෝජනය කර ඇති බව පැවෙසෙන, අංක 396/5,කොස්වත්ත පාර ,කළපළුවාව,රාජගිරිය හි පදිංච් කුරකල ආරච්චිගේ දොන් ලෙනාඩ් ප්‍රියංක නානායක්කාර මහතා විසින් මෙම අයැදීමි පෙත්සම සිදු කර තිබේ.
HC (CIVIL)31/2013 CO. යන මෙම නඩු අංකයට අදාල ව අදාල සමාගම ගණන් බේරා වසා දැමීම සදහා මෙම ඉල්ලිම සිදු කර ඇති අතර අදාල ආයෝජන පියවිම වෙනුවෙන් රුපියල් කෝට් 02 කට අධික පුද්ගලික චෙක්පත් ටච්වුඩ් සභාපති විජන් ලංකා කිවුලේගෙදර මෙයට පෙර නිකුත් කළද ඒවා අගරු වු බව පසුව නිවේදනය විය.