(www.randora.lk-31/05/14 )- ලෝක වෙළෙඳ පොළේ රන් මිළ පසුගිය මාස 04 ක කාලයේ අඩුම මිළකට පහළ යමින් ඊයේ සිකුරාදා සියයට 01 කින් පමණ පහළ ගිය බව විදෙස් පුවත් වාර්තා කියයි.
ඊයේ මෙම පහළ යාම වාර්තා වුයේ අඛණ්ඩව සිවිවන දිනට බව සදහන්ය.
මේ අනුව ගෙවුණු සතියේ පමණක් රන් මිළ සියයට 3.5 කින් පහළ බැස ඇති අතර මෙය 2013 නොවැම්බර් වලින් පසු වාර්තා වු ඉහළම පහළ යාම බවද පවසයි.
තාක්ෂණික වශයෙන් සතිය පුරා සිදු වු විකුණුම් හමුවේ රන් අවුන්සයක මිළ ඩොලර් 1,250 ට පහළින් මිළ නියම වුයේ පෙබරවාරි 04 න් පසුව බවද සදහන්ය.
මෙය මාස අඟ තත්ත්වයන් සමනය විමේ ප්‍රවනතාවයක් බව විශ්ලේෂකයෝ කියති.
ඇමෙරිකාණු බැදුම්කර වෙළෙඳ පොළ ඵලදා අනුපාත සම්බන්ධ ප්‍රවනතා හමුවේ හෙජ් අරමුදල් තමන්ගේ රන් විකුණා දැම්මේ ප්‍රවනතාවය මෙම රන් මිළ බිද වැටිමට හේතුවක් වි ඇති බව විශ්ලේෂකයෝ පවසති.
වසර 10 කින් කල් පිරෙන ඇමෙරිකාණු භාණ්ඩාගාර බැදුම්කර ඵලදා පදසුගිය මාස 11 ක කාලයේ අඩුම මිළකට පසුගිය සතියේ පහළ ගොස් තිබිණි.
මේ අනුව තැන් රන් අවුන්සයක මිළ සියයට 0.7 කින් පහළ යමින් ඊයේ ඩොලර් 1247.10 ක් වි තිබිණි.
සිල්වර් අවුන්සයක මිළ සියයට 1.3 කින් පහළ යමින් ඩොලර් 18.72 ක්ද ප්ලැටිනියම් අවුන්සයක මිළ සියයට 0.5 කින් පහළ යමින් ඩොලර් 1446 ක්ද වි තිබිණි.